කොල්ලයි / බල්ලයි හැම එකාම කැමර් උස්සන් එනවා වීඩියෝ කරන්න කිය කියා. උන් දන්නේ නෑනේ වීඩියෝ එක යොදා ගන්නේ අධ්‍යාපන වැඩකටද, ad එකකටද, වෙන මොකක් හරි වැඩකටද කියල. උන් සුද්දෙක් දැක්ක ගමන් හිතන්නේ මේක මහා පරිමාන වැඩක් කියල.
තමන්ට දෙන්න සල්ලිත් නැත්නම්, වැඩෙත් අඩුවට කරගන්නත් ඕන නම් කරන්න ඕන පිලිවලකට ඇදුම් ඇදන් ගිහින් ශේප් එකේ කතා බහ කරලා හෙමෙහිට අවසරේ අරන් වීඩියෝ එක කරගන්න එක. ගොඩක් එවුන් කතා බහ කරලා වැඩක් ගොඩ දාගන්න දන්නේ නෑ. ලොකු ලයින් එකෙන් වැඩේට බැහැල අනාගෙන කෑ ගහනවා.
මම කැම්පස් කාලේ කල ප්‍රොජෙක්ට් එකකට බස් එකේ ගිහින් සෑහෙන්න මිනිස්සු එක්ක ගනු දෙනු කරන්න උනා. ගොඩක් වැඩ පිලිවලකට කතාබහ කරලා එන්ටර් වුනාම ඒ මිනිස්සු නිකම්ම අපේ වැඩේට උදවු කරනවා. ඒ මිනිස්සුම කාර් එකකින් බැහැල ලොකු ලයින් එකෙන් එන එවුන්ට ගාන කපන හැටිත් දැක්කා. සමහර ඔය ගාල්ල / කළුතර මිනිස්සු හිටියා වීඩියෝ / ෆොටෝ ටික අරන් ඉවර වෙලා යන්න හදද්දී දවල් කෑම පවා දීපු.