Hand Sanitizer ගෙදරදීම සකසා ගනිමු

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Hand Sanitizer ගෙදරදීම සකසා ගනිමු

    දැන ගන්න ලැබුණු විදියට, මේ වෙනකොට ලංකාවේ Hand Sanitizer හොයා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ගෙදර ඉන්නවා නම්, අත් පිරිසිදු කර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සබන් / Liquid Handwash සහ වතුර. නමුත් පොදු ප්‍රවාහන සහ පොදු ස්ථාන වල මේක කරන්න අමාරුයි. ඒ වෙලාවට Hand Sanitizer සැහෙන්න වටිනවා.

    Liquid Hand Sanitizer ගෙදර හදා ගන්න පුළුවන් ඉතාම ලේසියෙන්.
    මේ Guide එක වැදගත් වේවි Hand Sanitizer හොයා ගන්න බැරි අයට සහ ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න බැරි අයට.
    මේක WHO අනුමත කරපු විදියක්.

    අමුද්‍රව්‍ය
    1. Ethyl Alcohol > 90% හෝ Isopropyl Alcohol > 90% ( Surgical Spirit කියන්නේත් මේවාටම තමයි )

    2. Hydrogen peroxide 3%
    3. Glycerol 98%
    4. පිරිසිදු බෝතලයක්
    මිශ්‍ර කරන අනුපාතය (100ml හදා ගන්න)
    Alcohol - 85 ml
    H2O2 - 4ml
    Glycerol - 1.5 ml



    සාදාගන්නා ආකාරය : -

    මුලින් Alcohol ලොකු බෝතලයකට දාන්න. පස්සේ ඒකට Hydrogen Peroxide එකතු කරන්න. අන්තිමට, Glycerol එකතු කරන්න.

    Glycerol ඇලෙන සුළු ද්‍රව්‍යයක් නිසා, මේක මනින්න ගන්න උපකරණයේ රැදෙන ටික, උණු කර නිවා ගත් වතුර ටිකකින් හෝදලා, අර බෝතලයටම දාන්න.

    අන්තිමට,ඔක්කොම 100 ml වෙනකල් උණු කර නිවා ගත් වතුර එකතු කරන්න.මුලින් ගනිපු Alcohol වල Alcohol ප්‍රතිශතය අඩු නම් (85 - 90 %), වතුර දාන්න එපා.

    දැන් මේ ඔක්කොම එකතු කර ගත්ත බෝතලය වහලා, හොඳට කලවම් වෙනකම් හොලවන්න.

    අන්තිමට, පොඩි පොඩි බෝතල් වලට දාගන්න.

    Glycerol වෙනුවට Aloe Vera Gel එකතු කරන්න පුළුවන්. මොනවා කලත් අන්තිම Alcohol ප්‍රතිශතය 75% ට වඩා ඉහළ මට්ටමක තියා ගන්න ඕනේ.

    Source from Internet
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Isopropyl Alcohol > 90% මේකෙන් විතරක් ගේමක් ගහගන්න බැරිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: nivish

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Isopropyl Alcohol > 90% මේකෙන් විතරක් ගේමක් ගහගන්න බැරිද දන්නේ නැහැ


    හරියටම කියන්නනම් දන්නේ නෑ.. පොඩි search එකක් දාලා බලපන්... පොඩි හරි අවුලක් තියෙනවානම් වෙන්නේ Isopropyl Alcohol > 90% සැර වැඩි වෙයිද දන්නේ නෑ pure විදියට skin එකට.. අන්න ඒක ගැන පොඩ්ඩක් හොයලා බලපන්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    හරියටම කියන්නනම් දන්නේ නෑ.. පොඩි search එකක් දාලා බලපන්... පොඩි හරි අවුලක් තියෙනවානම් වෙන්නේ Isopropyl Alcohol > 90% සැර වැඩි වෙයිද දන්නේ නෑ pure විදියට skin එකට.. අන්න ඒක ගැන පොඩ්ඩක් හොයලා බලපන්

    Ithin ban api surgical spirit kelinma thuwala walata ganne. Ithin skin ekata sara wadi wei kiyanne kohomada? Wathurath danawane
     
    • Like
    Reactions: nivish

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ ජාති 3 පිරිසිදුව ගන්න පුළුවන් කොහෙන්ද? පාමසි වල තියෙන ඇබිත්තන් කුප්පි නොවෙයි.
     
    • Like
    Reactions: powerx

    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    :yes::yes::yes::yes::yes::yes:
    ow koheda ganna thiyenne

    මේ ජාති 3 පිරිසිදුව ගන්න පුළුවන් කොහෙන්ද? පාමසි වල තියෙන ඇබිත්තන් කුප්පි නොවෙයි.