Hard disks, flash drives වල කියන size එක නැත්තෙ මේකයි..

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Hard disks, flash drives වල කියන size එක නැත්තෙ මේකයි..

    කා..ලෙකට පස්සෙ එලකිරියට පෝස්ට් එකක් දන්න හිතුනා. :)
    මේ ලිපිය කලින් දැකලා තියෙනව නම් කෑ ගහන්න දෙයක් නෑ, මම ලිව්වෙ. ;)

    අපි සාමාන්‍යෙන් pen එකක් hard එකක් ගන්න ගියාම 2GB, 8GB නැත්තම් 250GB, 1TB කියලා කිව්වට ගෙදර ගෙනත් බැලුවමනෙ දන්නෙ ඇත්තටම ඒ කියන ගාන ඒකෙ නෑ කියලා.
    ඇයි එහෙම වෙන්නෙ?
    සෑහෙන්න කාලෙක ඉඳන් තිබුන ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හොයලා බැලුවා.
    දැන ගත්ත දේවල් බෙදා ගන්න ඕනෙ නෙ, ඒකයි මේක ලියන්නෙ. (තේරෙන්නෙ නෑ වගෙ නම් අන්තිම ඡේදෙ විතරක් කියවන්න!)


    1-Storage_Devices.png


    පරිගණකවල දත්ත හසුරවන්නෙ binary format හෙවත් දෙකේ පාදයෙන් (0 & 1) කියලා දන්නවනෙ. ඉතින් අපි පාවිච්චි කරන පරිගණක, ජංගම දුරකතන වල storage capacities, file sizes එහෙම කියන්න පාවිච්චි කරන ඒකකත් ගණනය කරන්නෙ binary විදියටමයි.මේ නිසා අපි සාමාන්‍යයෙන් කිලෝ (kilo) කියන්නෙ 1000ක් (103) උනාට binary වලදි මේක චුට්ටක් වෙනස් වෙලා කිලෝ එකක් 210 = 1024 ක් වෙනවා. එතකොට Byte එකෙන් පටන් ගත්තහම

    1 Kilobyte (KB) = 1024 Bytes (B)
    1 Megabyte (MB) = 1024 KB = 1 048 576 B
    1 Gigabyte (GB) = 1024 MB = 1 073 741 824 B

    ආකාරයෙන් ගණන් කෙරෙනවා. එතකොට 16 GB කිව්වොත්,
    16 GB = 16 384 MB = 16 777 216 KB = 17 179 869 184 B විදියට තමා පරිගණකය සලකන්නෙ.


    නමුත් මේ අපේ storage devices manufacturers ලගෙ තියෙන්නෙ වෙනම standard එකක්. ඒගොල්ලන්ට ගණන් ටිකක් අමාරු හින්දා වෙන්න ඇති ගණනය කිරීම් කරනකොට පාවිච්චි කරන්නෙ computer standard එක වෙච්ච දෙකේ පාදය නෙවි, සාමාන්‍යෙන් භාවිතා කරන decimals හෙවත් දහයෙ පාදය. ඒ කියන්නෙ එයාලා කිලෝ කියන්නෙ 1000 ක් මිසක් 1024 ක් නෙවි. ඉතින් එයාලගෙ ක්‍රමේට සලකා බැලුවම ඒකක තීරණය වෙන්නෙ මේ විදියට:

    1 Kilobyte (KB) = 1000 Bytes (B)
    1 Megabyte (MB) = 1000 KB = 1 000 000 B
    1 Gigabyte (GB) = 1000 MB = 1 000 000 000 B

    එතකොට එයාලා 16 GB කියන්නෙ,
    16 GB = 16 000 MB = 16 000 000 KB = 16 000 000 000 B වෙන බයිට් ප්‍රමාණයකට.
    ඒ විදියට බැලුවාම අපි 16 GB pen එකක බයිට්ස් 17 179 869 184 ක් බලාපොරොත්තු උනාට ඇත්තට තියෙන්නෙ 16 000 000 000 ක් වගේ ප්‍රමාණයක්. අපි බලාපොරොත්තු වෙන ගානට වඩා බයිට්ස් 1 179 869 184 ක් (1.1 GB විතර) අඩුවෙන්.
    1 179 869 184 B = 1 152 216 KB ~= 1125.21 MB ~= 1.1 GB


    ඒ විතරක් නෙවි කියන සයිස් එක අඩු වෙන්න තව හේතු තියෙනවා:

    ඔය කියන්නෙ නිෂ්පාදිත සයිස් එකනෙ. pen / hard disk එක format කලාට පස්සෙ මේ ප්‍රමාණය තවත් අඩු වෙනවා.
    ඒ ප්‍රමාණ format කරන technology එක අනුව (eg: FAT16, FAT32, NTFS, etc.) වෙනස් වෙනවා.
    තව ඉතින් නිශ්පාදිතයා අනුවත් (eg: Hithachi, Kingston, Seagate, etc.) ඔය ගණන් මිනුම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒවා ගැන එච්චර වද වෙන්න එපා



    උඩ තියෙන කතාව ම තේරුන් නැත්තම් අල්ලලා දාන්න.
    දැන ගන්න ඕනෙ ඔය storage devices හදන අය පාවිච්චි කරන්නෙ "1 GB equals one billion bytes" කියන තියරි එක (comuter එක ගණන් හදන්නෙ 1 GB = 1 073 741 824 bytes කියලා අරන්).
    ඕගොල්ලො ගන්න ඕනම pen එකක හෝ hard disk එකක කවරෙ මේ ගැන අනිවාර්යෙන් සඳහන් කරලා තියෙන්නෙ, කුරුමිණි අකුරෙන්. හොඳට බලන්න ;)


    diskCapacity.PNG

    මේ තියෙන්නෙ Seagate 500GB hard disk පෙට්ටියක කියලා තියෙන එක

    නොදන්න දෙයක් දැන ගත්තනම් සතුටුයි! අනිත් අයටත් බලා ගන්න බම්ප් එකක් දාලම යන්න.
    ජය වේවා! :cool:
    ~♥~
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    oka man dannawa dawas 2kata kalin !!!... an machan addition to that man mechara kal denan hitiye oka wenne System Reserver kara hinda kiyala !!! oka SONY support eke ahala thibba !!!.... FAT32 NTFS walata thama wedima system reserver karanne

    EXT3/ EXT4 wage ewwa ta nam kisi ginnak ne aduma pramanyakin weda karanawa e wagema speed !! hebei eka Windows Machine ekakata weda ne Linux only !!! I'm using one pendrive as EXT3

    btw REP++ hemotama kiyala dena ekata :D
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ela machan watinawa
    :cool:

    Thanx godak kalekin dakke
    +6
    ඒකනෙ. වැඩිය මේ පැත්තෙ එන්නෙ නැද්ද දැන්?

    thanks for sharing
    :)

    thanks 4 sharing with us :)
    rep
    :cool:

    :cool:

    watinapost rep+
    :cool:

    oka man dannawa dawas 2kata kalin !!!... an machan addition to that man mechara kal denan hitiye oka wenne System Reserver kara hinda kiyala !!! oka SONY support eke ahala thibba !!!.... FAT32 NTFS walata thama wedima system reserver karanne

    EXT3/ EXT4 wage ewwa ta nam kisi ginnak ne aduma pramanyakin weda karanawa e wagema speed !! hebei eka Windows Machine ekakata weda ne Linux only !!! I'm using one pendrive as EXT3

    btw REP++ hemotama kiyala dena ekata :D

    ඔයාගෙ පෙන් එක Windows වල detect කරනවද?? :oo:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Operating Systems Course eka karapu kenekta ooke FAT(File Allocation Table) eka gana ehema vadiya igena ganna tibuna....:cool::cool::cool:

    Hmm Dan itin Nodanna ayata tiyana sakaya maga arei ... ai mage hard disk eke space aduven pennane kiyala.... :):):)

    Rep++
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ♥-Aurora-♥;13525858 said:
    ඔයාගෙ පෙන් එක Windows වල detect කරනවද?? :oo:

    Windows Detect wenne nehe, Ubuntu eke detect wenawa :)... but windows walata software keli thiyenewa Ext partiotion read karanda :D... man EXT fan kenek une Android awain passe !!! eken passe thama Open Source !!! :oo: