Hard Talk with Dath Kimbula

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]අද ඉඳල මම අලූත් වැඩක් පටන් ගන්නවා... මේක ටිකක් ආන්දෝලනාත්මක දෙයක් වෙයි... එළකිරියේ විශේෂත්වය තමයි [/FONT][FONT=&quot]Fake[/FONT][FONT=&quot] නම් වලින් පෙනී හිටියත් බොහෝ සාමාජිකයින් අතර ගොඩක් සමීප අන්‍යොන්‍ය බැඳීමක් තියෙනවා.... ඇතැම් විට පෞද්ගලික උදව් උපකාර කරගන්න තරමට ඒ බැදීම් දුරදිග යන්න අවස්ථා තියෙනවා... එකිනෙකා චෝදනාත්මක ස්වරූපයෙන් බැණ ගන්න අවස්ථා ද තියෙනවා.... කොහොම වුණත් එළකිරියේ ජනපි‍්‍රය සාමාජිකයින් සමග සෘජුව ප‍්‍රශ්න කරන වැඩසටහනක් අද ඉඳන් ආරම්භ වෙනවා.... සාමාජිකයෙක්ගෙන් සෘජුව ඇසිය යුතු යැයි සිතන ප‍්‍රශ්න කීපයකට පිළිතුරු ලබා ගැනීම මගින් ඔහුගේ සැබෑ ජීවිතය ගැන යම් තක්සේරුවක් කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.... දවසක ඔබත් මෙම සංවාදයට හසුවනවා ඇත...[/FONT]




    hard_talk.png


    avatar329688_6.gif

    Dath Kimbula

    [FONT=&quot]
    මේ සංවාද සටහනට මුලින්ම එකතු වෙන්නේ අප කවුරුත් දන්නා [/FONT]
    [FONT=&quot]Dath Kimbula[/FONT][FONT=&quot] ය. ඔහු දන්ත චිකිත්සයෙකි... කවි රචකයෙකි.... සාහිත්‍යකාමියෙකි.... එළකිරියේ පැරණි යාවජීව සාමාජිකයෙකි... බොහො දෙනෙක්ගේ සිත් දිනාගත් අයෙකි.... එලෙසම ඇතැම් අයගේ විවේචනයට ද ලක් වූවෙකි... කොහොම වුණත් අපි ඔහුගෙන්ම අසා ඇත්ත දැන ගනිමු.

    [/FONT]

    01. [FONT=&quot]එළකිරියේ මෙම්බර් කෙනෙක් වෙන්න තිබුණ අරමුණ මොකක්ද[/FONT]?


    [FONT=&quot]ලොකු අරමුණක් තිබුණේ නෑ. මම එළකිරියට ආවේ ගීත ඩවුන්ලෝඩ් කරන්න. අලුත් ගීත[/FONT][FONT=&quot]නෙවෙයි[/FONT], [FONT=&quot]පරණ ගීත. පරණ ගීතයක් සර්ච් කරනකොට ඉස්සෙල්ලාම සර්ච් රිසල්ට්ස් වලට[/FONT][FONT=&quot]පෙන්වන්නේ ඒ කාලේ එළකිරියට මධූ[/FONT]4[FONT=&quot]යූ කියන සාමාජිකය එක්කරපු [/FONT]SL Old Hits Add Here [FONT=&quot]කියන වාර්තාගත ත්‍රෙඩ් එක. මේ ත්‍රෙඩ් එක මම දන්නා තරමින් සයිබර්[/FONT][FONT=&quot]අවකාශයේ දීර්ඝතම ත්‍රෙඩ් එක. ඒකට එකතු වෙන්න තමා එලකිරියේ සාමාජිකත්වය ලබා[/FONT][FONT=&quot]ගත්තේ.[/FONT]


    02. [FONT=&quot]දත් කිඹුලා කියන්නේ දත් ගලවනවට අමතරව සූපවේදියෙක්[/FONT], [FONT=&quot]ගීත රචකයෙක්[/FONT], [FONT=&quot]සාහිත්‍යකාමියෙක් වගේ ගොඩක් අංශවල කැපී පේනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඇත්තටම ඔබ මොකටද වැඩියෙන්ම දක්ෂ[/FONT][FONT=&quot]...[/FONT]? [FONT=&quot]නැත්නම් ඔය එකක්වත් හරියට කරන්න බැරි නිකන් පුරසාරම් කාරයෙක්ද[/FONT]?


    [FONT=&quot]හොදින්ම දන්නේ දන්ත සංරක්ෂන සහ රූපාලංකරණ දන්ත තාක්ෂනවේදය. ඒ මම ඒ ගැන ඉගෙන[/FONT][FONT=&quot]තියන නිසා. ඒ පළමු උපාධියට අමතරව ඔය කිව්ව ක්ෂේත්‍ර වල පශ්චාද් උපාධි[/FONT][FONT=&quot]ඩිප්ලෝමා මට තියන නිසා. උයන පිහන එක මම පරතෙරට කලා කියල නං මම කියන්නේ නෑ.[/FONT][FONT=&quot]වසර එකහමාරකට කිට්ටු කාලයක් තරු හෝටලයක අනු සූපවේදියෙක් විදියට වැඩ කරපු[/FONT][FONT=&quot]අත්දැකීම් තමා තියෙන්නේ. සාහිත්‍ය පැත්තෙන් නම් තාත්තා සාහිත්‍යධරයෙක් සහ[/FONT][FONT=&quot]ගීත රචකයෙක්[/FONT], [FONT=&quot]පත්තරකාරයෙක් වීම බලපෑව.[/FONT][FONT=&quot]එක දෙයක් නිවැරදි කරන්නං කමක් නැත්තං. මම ගීත නං ලියන්නේ නෑ. කවි ලියනව මිසක්.[/FONT]

    [FONT=&quot]සාමාන්‍යෙයන් මම සිරිතක් විදියට පුරසාරම් කියන්නේ නෑ. කරන්න පුළුවන් දේ[/FONT][FONT=&quot]කියනවා. කිව්ව දේ කරනවා. මට කරන්න බැරි දේවල් ඕන තරම් තියනවා. විශේෂයෙන් ඔය[/FONT][FONT=&quot]පරිගනක තාක්ෂණ පැත්තේ දේවල් ගැන මට ලොකු දැණුමක් නෑ. ඉන්ටනෙට් මනි කියන්නේ[/FONT][FONT=&quot]මට තනි කරම ග්‍රීක්. මම නොදන්නා දේ බොහොමයි කියල මම දන්නවා.[/FONT]


    03. [FONT=&quot]ඇතමුන් කියනවා දත් කිඹුලා හීන් නූලෙන් බෙල්ල කපන[/FONT],[FONT=&quot] EK[/FONT][FONT=&quot]ව ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඒ කතාව ඇත්තද[/FONT]?

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මට කැම්පස් එකේ වගේ ම මේකෙත් කල්ලියක් නෑ. මම හිටගන්නේ මගේ දෙකකුල් මත.[/FONT][FONT=&quot]ෆේක් නෑ[/FONT], [FONT=&quot]කියන්න තියන දේ මේ ඔරිජිනල් එකෙන් කියනවා. අනික මගේ ආගිය තැන්[/FONT], [FONT=&quot]ඉන්න තැන්[/FONT], [FONT=&quot]ඇත්ත නම් ගම් ආදිය මේකේ බහුතරයක් දන්නවා. මට හැංගෙන්න[/FONT][FONT=&quot]අවශ්‍යතාවයක් නෑ. හැබැයි[/FONT], [FONT=&quot]මම කියපු කරපු දේවල් නිසා[/FONT], [FONT=&quot]මිනිසුන්ට කළ උදව්[/FONT][FONT=&quot]නිසා මට මේකේ දුෂ්ඨ චේතනාත්මකව පහර ගහන කොට මාව ආරක්ෂා කරන්න[/FONT], [FONT=&quot]මං වෙනවෙන්[/FONT][FONT=&quot]පෙනී ඉන්න කොටසක් ඉන්නවා. ඒ මම මේකට වැඩක් ඇති යමක් කරල උපයා ගත්ත[/FONT][FONT=&quot]මිනිසුන්. මොකද මගේ සංකල්පය වෘත්තියෙන් හෝ මොන මලඉලව්වකින් හෝ උපයා ගත[/FONT][FONT=&quot]යුත්තේ මුදල් නෙවේ මිනිසුන් කියන එක. ඉතිං මම එහෙම උපයා ගත්ත සත්පුරුෂයින්[/FONT][FONT=&quot]මං වෙනුවෙන් පෙනී හිටීම කල්ලි ගැහීමක් කියල යමෙක් කියනව නං මට කියන්න[/FONT][FONT=&quot]තියෙන්නේ[/FONT], [FONT=&quot]ඒ ඔබේ දැකීමේ සහ පරවම්භන චින්තනයේ අවුලක් කියන එක තමා.[/FONT][FONT=&quot]හීන් නූලෙන් බෙල්ල කැපීම......හීන් නූලෙන් හෝ මහත නූලෙන් බෙල්ල කපන්න මට[/FONT][FONT=&quot]වුවමනාවක් තාම ඇවිත් නෑ මේකේ. හැබැයි එහෙම සත්‍ය වුවමනාවක් ආවොත් මම නූල්[/FONT][FONT=&quot]හොය හොය ඉන්නෙ නං නෑ......[/FONT]


    04. [FONT=&quot]සමහරුන්ට [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] එපා වෙල යන තැනටම ඔබ ඇතුලූ කල්ලියක් වැඩ කලා කියල චෝදනාවක් තියෙනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මොකද්ද ඒකේ ඇත්ත නැත්ත[/FONT][FONT=&quot]...[/FONT]?


    [FONT=&quot]ඒකට කියන්න තියෙන්නේ ඉතිං රිද්දගෙන ආගිරි ගෑවට මට කරන්න දෙයක් නෑ කියන එක[/FONT][FONT=&quot]තමා. අනික මේක ජීවිතේ කොටසක් මිස ජීවිතේ නෙවෙයි නේ. මට නං මොනව කිව්වත්[/FONT][FONT=&quot]ගානක් නෑ. මොකද මට එහෙම කවුරුත් මේකෙන් යවන්න තරම් පශ්චාත්භාගික අරමනයාවක්[/FONT][FONT=&quot]නැති නිසා. විශේෂයෙන් අරයා මෙයාට පෞද්ගලික පණිවිඩ යවමින්[/FONT], [FONT=&quot]මුංව කිරියෙන්[/FONT][FONT=&quot]පන්නන්න ඕන[/FONT], [FONT=&quot]පන්නමු ආදී වශයෙන් හරක් තැප්පිලීම් කරන්න මට වුවමනාවක් නෑ.[/FONT][FONT=&quot]මොකද මම විශ්වාස කරන්නේ එළකිරිය මහා සමාජයේ පැතිකඩක් නිසා[/FONT], [FONT=&quot]මහා සමාජයේ[/FONT][FONT=&quot]සියළු ම ප්‍රපංච-හොද[/FONT], [FONT=&quot]නරක[/FONT], [FONT=&quot]සත්ජනයින්[/FONT], [FONT=&quot]කාළකන්නින්[/FONT], [FONT=&quot]කුපාඩින්[/FONT], [FONT=&quot]අසහනකාරයින්[/FONT], [FONT=&quot]බුද්ධිමතුන්[/FONT], [FONT=&quot]දේශපාලකයන් හට රෙදි නැතුව කඩේ යන්නවුන්[/FONT], [FONT=&quot]භක්තෘනාශකයන් ආදීන්-[/FONT][FONT=&quot]එළකිරිය තුළත් පැවතිය යුතුයි කියන එක.[/FONT]

    [FONT=&quot]තමන් ගේ පොරත්වය[/FONT], [FONT=&quot]විශේෂයෙන් එළකිරියේ තමන්ට කරන්න බැරි දෙයක් නෑ කියල[/FONT][FONT=&quot]පෙන්නගෙන රගපු සමහරුන් ගේ පොරත්වය එහෙම නෙවෙයි කියල යම් යම් සිද්ධි නිසා[/FONT][FONT=&quot]එළකිරියේ පොදු මහා ජනතාවට පෙනුනාම[/FONT], [FONT=&quot]තව දුරටත් එළකිරියට[/FONT], [FONT=&quot]ඒකේ සාමාජිකයන් හට[/FONT][FONT=&quot]මුහුණ දෙන්න බැරුව පලා යන එක[/FONT], [FONT=&quot]මම ඇතුළු ඊනියා කල්ලියක වැඩක් කියල ඔබට පේනව[/FONT][FONT=&quot]නං[/FONT], [FONT=&quot]මට කියන්න තියෙන්නේ[/FONT], [FONT=&quot]මිත්‍රයා[/FONT], [FONT=&quot]ඔබ වෙන දේ සියුම්ව සහ පරිපූර්ණව විග්‍රහ[/FONT][FONT=&quot]කරගැනීමට නොහැකියාවකින් පෙළෙනව කියන එක තමා....[/FONT]


    05. [FONT=&quot]දත් කිඹුලා යනු රෙප් දෙන්නේ නැති රෙප් කුණෙක් කියලා චෝදනාවකුත් තියෙනවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]කතාව ඇත්තද[/FONT]? [FONT=&quot]ඇත්තටම ඔබ රෙප් නොදෙන්න මැලිවෙන්නේ ඇයි[/FONT]?


    [FONT=&quot]මම රෙප් දෙනකොට සළකල බලන දේවල් කීපයක් තියනවා. විශේෂයෙන් ම ඒ අදාල පෝස්ට්[/FONT][FONT=&quot]එක පොදුවේ මේ සමාජයට වැඩදායකද[/FONT], [FONT=&quot]යහපත් ද කියන එක. යම් ත්‍රෙඩ් එකක් සදහා[/FONT][FONT=&quot]අදාල සාමාජිකයා මහන්සි වෙලා තියනව ද කියන එක.ඉතිං ඒ නිර්නායක වලට එකග නං මම[/FONT][FONT=&quot]රෙප් දෙන්න කිසිම මැළිකමක් දක්වන්නේ නෑ. මට අනුව +රෙප් කියන්නේ උත්සාහය සහ[/FONT][FONT=&quot]මතවාදය අගය කිරීමක්. ඉතිං ඒ අගය කිරීම නිකං කකුල් දෙක පලල් කලා කියල හම්බ[/FONT][FONT=&quot]වෙන්නේ නෑ. ඒ අගය කිරීම උපයා ගන්න ඕන. ඉතිං මට කියන්න තියෙන්නේ මගෙන් රෙප්[/FONT][FONT=&quot]ගන්න නං[/FONT], [FONT=&quot]හරි හමං දෙයක් කරපල්ලා කියල තමා........[/FONT]

    06. [FONT=&quot]දත් කිඹුලා දැන් ඉඳල හිටල ඇවිත් කමෙන්ට් එකක් දාල යන නිකමෙක් වෙලා කියල මම කිව්වොත්[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]ඇයි ඔබ අඩුම තරමේ මාසයකට සැරයක්වත් හොඳ පෝස්ට් එකක් දාන්නේ නැත්තේ[/FONT][FONT=&quot]....[/FONT]?
    [FONT=&quot]ඔබ කියන දේ සත්‍යයක් නැතුවාම නොවෙයි. දැන් නම් අවංකව ම කාර්ය බහුලයි. අනික[/FONT][FONT=&quot]මම අධ්‍යයනය කරපු විශය ක්ෂේත්‍ර සම්බන්ධව රෝගීන්ට තියන ප්‍රශ්න සෑහෙන්න[/FONT][FONT=&quot]සංකීරණ ඒවා. ඒ වගේ ප්‍රතිකාර වලට යන කාලය වැඩී. සමහර ප්‍රතිකාර සදහා මට ඒ[/FONT][FONT=&quot]සම්බන්ධ විශේෂඥ දැනුම සහිත අපේ ආචාරය-මහාචාර්යවරුන් සමග සාකච්ඡා කරන්න[/FONT], [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]හා සමාන කලින් කර ඇති ප්‍රතිකාර වල වාර්තා ආදිය සංසන්දනය කරන්න එහෙමත්[/FONT][FONT=&quot]වෙනවා. ඉතිං එන්න තියන කාලය අවංකව ම අඩුයි. අනික දැන් මගේ ජීවිතයේ[/FONT][FONT=&quot]ප්‍රමුඛයන් මගේ දරුවන්. ඉතිං ඔබට කලින් දුන්න කාලය මම දැන් දෙන්නේ ඔවුන්ට.[/FONT]


    07. [FONT=&quot]නවකයින් දිරිමත් නොකර ඔවුන්ව හෑල්ලූවට ලක් කරන[/FONT][FONT=&quot]වංසෙ කබල් ගාන කල්ලිය[/FONT][FONT=&quot]නියෝජනය කරන සාමාජිකයෙක් කියලා මම චෝදනා කළොත් ඔබ ඊට එකග වෙනවද[/FONT]?


    [FONT=&quot]නෑ.....නවකයන් හරි දේ[/FONT], [FONT=&quot]නිවැරදි දේ කලොත් ඔවුන්ව දිරිමත් කරන කණ්ඩායමේ[/FONT][FONT=&quot]ඉස්සරහින්ම ඉන්න කෙනෙක් මම. කලින් කිව්ව වගේ මට කල්ලියක් නෑ. මම හිටගන්නේ[/FONT][FONT=&quot]මතවාදීමය වශයෙන් මගේ දෙකකුල් මත. මොකද එහෙම හිටගන්න තරම් මගේ කකුල් දෙකත්[/FONT], [FONT=&quot]කශේරුවත් තාම හයියයි.[/FONT]


    09. [FONT=&quot]එළකිරිය නියෝජනය කරන හොඳම පස් දෙනා නම් කරන්න කිව්වොත් එකවර මතකයට එන නම් පහ මොනවා ද[/FONT]?


    [FONT=&quot]ක්‍රේසි බඩී[/FONT], [FONT=&quot]රත්තරං[/FONT], [FONT=&quot]ලකී ලූක්[/FONT], [FONT=&quot]මිස්ටර් ටොම්[/FONT], [FONT=&quot]මිස්ටර් පෙරේරා[/FONT]


    10. [FONT=&quot]දැන් මැදිවියට එළඹව ඇති ඔබ තව කොච්චර කල් [/FONT][FONT=&quot]EK [/FONT][FONT=&quot]වල සැරිසරනව ද[/FONT]? [FONT=&quot]ඉදිරියේ දී මෙහි සාමාජිකයින්ට වැදගත් යමක් දෙන්න උත්සාහයක් නැති ද[/FONT]? [FONT=&quot]මොනවද ඉදිරි බලාපොරොත්තු[/FONT][FONT=&quot]...[/FONT]?


    [FONT=&quot]මැදිවියේ.....[/FONT]???!!! [FONT=&quot]ලොල්.....කලින් ම ඔබතුමා වයස බෙදෙන හැටි ඉගෙන ගන්නකෝ.[/FONT][FONT=&quot]මැදිවිය කියන්නේ [/FONT]45-60 [FONT=&quot]අතර කාලය. [/FONT]60[FONT=&quot]න් පස්සෙ තමා මහළුයි කියන්නේ. මගේ[/FONT][FONT=&quot]මැදිවිය එළඹෙන්න තව අවුරුදු [/FONT]3[FONT=&quot]ක් තියනවා....[/FONT][FONT=&quot]මැරෙනකං එළකිරියෙ ඉන්න මං කැමතියි. මේකේ ඉන්න තරුණ ජනයා ආශ්‍රය කරන නිසා[/FONT][FONT=&quot]මගේ වයස ගෙවීම අඩුවෙලා තියෙන්නේ. ඔබලා අතර ඉන්නකොට මම එන්න එන්න[/FONT][FONT=&quot]තිරිහන්වෙනව කිව්වොත් නිවැරදියි. ඉතිං ඒ වගේ [/FONT]Fountain of youth [FONT=&quot]එකක් දාල[/FONT][FONT=&quot]යන්න මගේ නං කිසිම අයිඩිවෙක් නෑ කියල තමා කියන්න වෙන්නේ.[/FONT]


    [FONT=&quot]දෙන්න තියන වැදගත් දේවල්.......... යම් දෙයක් මේ දවස් වල එකදු පහදු කරමින්[/FONT][FONT=&quot]පවතිනවා. රසවින්දනාත්මක පාර්ශවයේ වැඩක් තමා. බලමු නේ.....ජීවිතය තාම තරුණයි[/FONT][FONT=&quot]නේ.........

    [/FONT]
    [FONT=&quot]සංවාද සටහන :

    pathfinder_PNG_Face.png

    [/FONT]

     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,379
    113
    දත් කිඹුලා සෑහෙන්න දෙයක් මේකට කරපු කෙනෙක් ගොඩක් දේවල් ඉගෙනගත්තා කිඹුල් ත්‍රෙඩ් වලින්.හැබැයි ඒ වගේ අයට තමා මේකේ සමහර උන් මඩ ගහන්නෙත්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;21338410 said:
    :P

    Apiyath ganinko oyawata yako

    තාම කබ්බෝ ෆෝම් කරන්න උවමනාවක් නෑයි කියන්නේ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උස්සලා තියන්ඩ.. තාම එක දත් දොස්තරයනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. දෙකෙක් උනාට වැඩි වෙන එකක් නැ , ගොටා මහත්තයා ජනාදිපති උනාම.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හොඳ වැඩක් මචන්

    හැබැයි ඔය වැඩෙන් memberලගෙ පුද්ගලික ජීවිතේට තර්ජනයක් ඇති නොවෙයි කියල හිතන්න පුලුවන්ද?

    උදාහරණයක් විදියට උඹ මුස්ලිම් උන්ව විවේචනය කරන නිසා උඹේ පුද්ගලික ජීවිතේ expose උනොත් ඒක උඹට නරකට හිටින්න බැරිද