Hethammayak Diga Kavi liyamuda

maleemsg

Member
X men said:
කියා දෙන්න මට කොහොම ද... මෙට්ටෙට කූඩැල්ලව හුරු කරවන්නේ..
කියා දෙන්නට මට කොහොම ද.. උරට සවුක්ය ගැන කියලා දෙන්නේ..
කියා දෙන්නට මට කොහොම ද... වදුරට බිමින් යන්න උ*පදෙස් දෙන්නේ..
කියා දෙන්න මට කොහොම ද.. මෙයාට ලොවේ ඇත්ත පහදා දෙන්නේ...

ඔන්න ඉදා අරක්කු බීපන්...


[/quote]

කන්නේ නැත්නම් නොකා ඉදපන්
බොන්නේ නැත්නම් නොබී ඉදපන්
වැඩක් නැත්නම් නිකං ඉදපන්
බොන එකාට එපා නොකියා ඉදහන්

*මම මේක කිව්වේ බීම දුම් බීම වගේ දේවල් අපි කිව්වට වැඩක් නැති හින්දා..මොකද බොන අය ඒකෙන් තෘප්තිමත් වෙනවා...අපි එපා කිව්වට එයාලා ඒ ගැන හිතන්නේ නෑ...
 

maleemsg

Member
aravindalj said:
vig0g0.jpg
දරා ගිණි අවි
රකිති විරුවන් විසින
ආයුධ හරඹ
අවසන් වේලු
අද හෙට
සාටක කරලාන
කියති උන්
සභාමැද
එලෙස
අමතකව ගොස් ඇත
යුදධයට පසු
සාමකාමී ලෙසට
ඉන්නට අපේ උන්
තවම සූදානම් නැති බව
සොයුර කියාදෙන්න
නූඹේ දරුවාටවත්
නැති බව ජාතියක්
මිනිස් ජාතියට ඉහලින්
නැති බව ආගමක්
මනුස්සකමට
ඉහලින්
ආන් එවිට බිහිවේවි
අප පතන
ගැටුම් නැති ලෝකය
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
maleemsg said:
කියා දෙන්න මට කොහොම ද... මෙට්ටෙට කූඩැල්ලව හුරු කරවන්නේ..
කියා දෙන්නට මට කොහොම ද.. උරට සවුක්ය ගැන කියලා දෙන්නේ..
කියා දෙන්නට මට කොහොම ද... වදුරට බිමින් යන්න උ*පදෙස් දෙන්නේ..
කියා දෙන්න මට කොහොම ද.. මෙයාට ලොවේ ඇත්ත පහදා දෙන්නේ...

ඔන්න ඉදා අරක්කු බීපන්...
කන්නේ නැත්නම් නොකා ඉදපන්
බොන්නේ නැත්නම් නොබී ඉදපන්
වැඩක් නැත්නම් නිකං ඉදපන්
බොන එකාට එපා නොකියා ඉදහන්

*මම මේක කිව්වේ බීම දුම් බීම වගේ දේවල් අපි කිව්වට වැඩක් නැති හින්දා..මොකද බොන අය ඒකෙන් තෘප්තිමත් වෙනවා...අපි එපා කිව්වට එයාලා ඒ ගැන හිතන්නේ නෑ...
[/quote]

කන්නෙ නැතත් කන එකාට වැඩියෙන් කවමි..
බොන්නෙ නැතත් බොන එකාට හොද හැටි පොවමි..
වැඩක් නැතත් කරන උන්ට උදව් ම කරමි..
*බොන එකාට දුන්න මිසක් එපා නොකීමි..
 

m doo

Member
Jul 16, 2007
592
0
0
X men said:
කන්නේ නැත්නම් නොකා ඉදපන්
බොන්නේ නැත්නම් නොබී ඉදපන්
වැඩක් නැත්නම් නිකං ඉදපන්
බොන එකාට එපා නොකියා ඉදහන්

*මම මේක කිව්වේ බීම දුම් බීම වගේ දේවල් අපි කිව්වට වැඩක් නැති හින්දා..මොකද බොන අය ඒකෙන් තෘප්තිමත් වෙනවා...අපි එපා කිව්වට එයාලා ඒ ගැන හිතන්නේ නෑ...

කන්නෙ නැතත් කන එකාට වැඩියෙන් කවමි..
බොන්නෙ නැතත් බොන එකාට හොද හැටි පොවමි..
වැඩක් නැතත් කරන උන්ට උදව් ම කරමි..
*බොන එකාට දුන්න මිසක් එපා නොකීමි..
[/QUOTE]

mamai epa kiwwe... but ape ekek hari naasthiwela yanakota thawa dena eka harida?? :( :( :( :(
 

maleemsg

Member
X men said:
.

කන්නෙ නැතත් කන එකාට වැඩියෙන් කවමි..
බොන්නෙ නැතත් බොන එකාට හොද හැටි පොවමි..
වැඩක් නැතත් කරන උන්ට උදව් ම කරමි..
*බොන එකාට දුන්න මිසක් එපා නොකීමි..

:eek:

සමා වෙන්න මගේ ඇස් පෙනීම හොද නැතුවා
මල්ලී ලිව්ව කවිය මම පටලව ගත්තා
පිළිතුරු කවියෙන් හරියට වටහා ගත්තා
එළ එළ හොදයි එහෙනම් මම දැන් යන්නට යනවා :lol:
 

maleemsg

Member
ගොඩ දවසකින් අද සෑහෙන කවි ලිව්වා
ආපහු ගොහින් බැළුවම පිස්සුත් හැදුනා
රාජකාරි වැඩ සේරම අද ඇණ හිටියා
කොහොම උනත් කාලය පැන දිව්වා...

අම්මා බලන් ඉන්නවා මම එනකම්
ඇදිරි වැටෙන්නට පෙර ගෙට රිංගම්
කවි කී හැමට තුති පුදනෙමි මම මේ දැන්
හමුවෙමු නැවත දිනකදි අරගෙන කවිකම්*....

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
එන්න අදත් කවි ලියන්න
එකතු වෙලා රස විදින්න
කවිකාරයො කවිකාරියො
හැමදෙනාට ම යි ඇරයුම....
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
mutantlast said:
එන්න අදත් කවි ලියන්න
එකතු වෙලා රස විදින්න
කවිකාරයො කවිකාරියො
හැමදෙනාට ම යි ඇරයුම....

2ak0kgk.jpg
 

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
m doo said:
98ii0.gif


Anna ekai malliyo adareeeeee :yes: :yes:
උණුසුමක් රැදි ඔහුගෙ ලය ම යි
ඔබට අද කටු යහන තැනුවේ..
සෙනෙහෙ සුව රැදී සුසුදු සුසුම යි
ඔබට සැඩ ගිනි සුළං පිදුවේ..
සිතට සුව දුන් මිහිරි සැමරුම්
තුළින් ම යි මේ දුක ගෙනාවේ..
එක ම හදකට පිදුව දිවිය යි
අද ඔබට ශාපයක් වූයේ..

කටුයහන් හැම බිදී විසිරී
ඔබේ පාමුල මල් පිපේවා..
ගිනි සුළං හැම නිවී සැනසී
සෙනෙහසේ සුව හද රැදේවා..
සිහිනෙකින් හෝ හද රිදවනා
සොදුරු මතකය යළි නො ඒවා..
මතු භවේ හෝ ඔහුගෙ සුසුමන්
සමග සැනසෙන වරම් වේවා...
 

m doo

Member
Jul 16, 2007
592
0
0
mutantlast said:
උණුසුමක් රැදි ඔහුගෙ ලය ම යි
ඔබට අද කටු යහන තැනුවේ..
සෙනෙහෙ සුව රැදී සුසුදු සුසුම යි
ඔබට අද ගිනි සුළං පිදුවේ..
සිතට සුව දුන් මිහිරි සැමරුම්
තුළින් ම යි අද දුක ගෙනාවේ..
එක ම හදකට පිදුව දිවිය යි
අද ඔබට ශාපයක් වූයේ..

කටුයහන් හැම බිදී විසිරී
ඔබේ පාමුල මල් පිපේවා..
ගිනි සුළං හැම නිවී සැනසී
සෙනෙහසේ සුව හද රැදේවා..
සිහිනෙකින් හෝ හද රිදවනා
සොදුරු මතකය යළි නො ඒවා..
මතු භවේ හෝ ඔහුගෙ සුසුමන්
සමග සැනසෙන වරම් වේවා...

Ane malli patiyo... no comments... uparimai... :yes: :yes: mata mekata nam pilithurak denda ne ne ane...... :( :(
 

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
aravindalj said:

නිදිමත තබා මේසය මත මොහොතකට
සිතිවිළි මුදාහැර පන්හිද ගෙන අතට
කවිකර හැගුම් මුදු පදවැල් තුළට සොද
තුටුවෙමු නිතින් අපි දිවියේ සුවය විද...
 

m doo

Member
Jul 16, 2007
592
0
0
mutantlast said:
උණුසුමක් රැදි ඔහුගෙ ලය ම යි
ඔබට අද කටු යහන තැනුවේ..
සෙනෙහෙ සුව රැදී සුසුදු සුසුම යි
ඔබට සැඩ ගිනි සුළං පිදුවේ..
සිතට සුව දුන් මිහිරි සැමරුම්
තුළින් ම යි මේ දුක ගෙනාවේ..
එක ම හදකට පිදුව දිවිය යි
අද ඔබට ශාපයක් වූයේ..

කටුයහන් හැම බිදී විසිරී
ඔබේ පාමුල මල් පිපේවා..
ගිනි සුළං හැම නිවී සැනසී
සෙනෙහසේ සුව හද රැදේවා..
සිහිනෙකින් හෝ හද රිදවනා
සොදුරු මතකය යළි නො ඒවා..
මතු භවේ හෝ ඔහුගෙ සුසුමන්
සමග සැනසෙන වරම් වේවා...

93557906px0.gif


:yes: :yes: :yes: :yes: