මමත් හිතුවෙ එහෙම තමයි ඒත් ඒක එහෙම වෙන්නෙ නැහැ මචං මම දවසක් හයිවේ යද්දි තනියම, එන්ට්‍රන්ස් එකෙදි මගෙන් කොහෙටද යන්නෙ කියල අහල මේතන වැඩකරන එක්කෙනෙක් ඉන්නව අකමැති නෙත්නම් පුලුවන් නම් දාගෙන යන්න කිව්ව මම ඌව දගත්ත තනියම යන එකේ, ඌ RDA එකේ ඒක සහ හයිවෙ පොලිසිය ඒකාබද්ධ නැහැලු. එයාල වෙනම රාජකාරි කරනව පොලිසිය වෙනම,මම හිතුවෙත් ටිකට් එකේ දුරට ගිය කාලය බලල තමයි දඩ ගහන්නෙ කියල, ඒක වැරදියි පොලිසියෙ අය අයිනෙ නවත්තල තියන පොලිස් කාර් ඇතුලෙ ඉඳගෙන, පාර අයිනෙ පාලම් යට හරස්මාර්ග වල එහෙම ඉන්නගෙන ලේසර් ඩිටෙක්ටර් එක අල්ලනව ඒක අල්ලන්නෙ ස්නයිපර් වගේ ඇහැට තියගෙන, එහෙම යද්දි 100km/h ට වැඩිවෙගෙකින් යන අයගෙ වාහන අංකය එවෙලෙම මාර්ගයට සම්බන්ධ සියලුම EXIT වලට දෙනව ඊටපස්සෙ කොතනින් පිටවුනත් දඩ කොලේ ලැබෙනව,මාව කීපසැරයක්ම ඩිටෙක්වෙලා තියනව, දඩ ගහල නැහැ මොකද මම හැමදාම යන්නෙ නියමිත උපරිම වේගයේ (100km/h)විතරයි.
ටිකක් පුරුදු වුනාම පොලිස්කාරයො ඉන්න තැන ඇඟට දැනෙනව මචන්, ඒ හරියෙ අනිවාර්යෙන් ඉන්නව, කොහොමත් 100km/h යන්න තියෙද්දි ඒකත් ඉක්මවන්න ට්‍රයි කරනවට වඩා නියමිත වේගෙටම ගියාම කාටත් හොඳයි, අනිවාර්යෙන් සංයමයක් තියාගෙන, නියමිත නීති රීති වලට අනුකූලව හයිවේ පාවිච්චි කරනවනම් තමයි කාට කාටත් හයිවේ එකේ නියම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙන්නෙ.