hiruta muwawen eke hitapu me naluwa mathakada?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    siril.jpg
    ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන මහතා ඊයේ (08 දා) පෙරවරුවේ ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න්හිදී අභාවප්‍රාප්ත විය. මියයන විට හැට හත්වැනි වියේ පසුවූ ඔහු කලක සිට පෙනහළු පිළිකාවකින් පසුවිය.

    වසර පහක පමණ කලක සිට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටි සිරිල් ධර්මවර්ධන මහතා රංගන ශිල්පියකු ලෙස මෙන්ම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද කලක්‌ කටයුතු කළේය.

    ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඔහු ගාමිණි හත්තොටුවේගම, උදේනි චන්ද්‍රසිරි යන ශිල්පීන්ගේ පාසල් මිතුරෙකි. ගුරුවරයකු ලෙසද රාජකාරි කළ සිරිල් ධර්මවර්ධන හෙන්රි ජයසේනයන්ගේ "මනරංජන වැඩවර්ජන" නාට්‍ය ඔස්‌සේ රංගනයට පිවිසියේය.

    පසුව හුණුවටයේ කථාව, අපට පුතේ මඟක්‌ නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, මකරා වැනි හෙන්රි ජයසේනගේ නාට්‍යවල රඟපෑ ඔහු සිය දස්‌කම් වඩාත් ප්‍රකට කළේ ආර්. ආර්. සමරකෝන්ගේ "කැළණි පාළම" නාට්‍යයේ "සරණපාල" චරිතයෙනි. ආර්. ආර්. සමරකෝන්ගේ ඉඩම, දූවිලි නාට්‍යවලද ඔහු රඟපෑවේය.

    "වලාම්පුරි" ඇතුළු චිත්‍රපට කිහිපයකද රඟපෑ ඔහු ඩී. බී. නිහාල්සිංහයන්ගේ "නදී ගීතය" ඔස්‌සේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය. ඉන්පසු "ගංගා සහ නිශ්ශංක" ඉරබටු තරුවක්‌, සමන්තැන්න ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවේය. "හිරුට මුවාවී" ටෙලි නාට්‍යයේ ඔහු කල චරිතය ප්‍රේක්‌ෂකයනට වඩාත් සමීප විය.

    විජය කුමාරතුංගයන් සමග දේශපාලනයට පැමිණි සිරිල් ධර්මවර්ධන පසු කාලයේදී දකුණු පළාත් සභාව නියෝජනය කළේය.

    සිරිල් ධර්මවර්ධනගේ එකම පුතාද ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටී. මෙරට කලා ක්‍ෂේත්‍රයට වසර ගණනාවක්‌ සේවය කළ සිරිල් ධර්මවර්ධන ප්‍රවීණ රංගන ශිල්පියාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥතීහු පැවසූහ.


    43253860577.jpg





     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    meke bahalokuwata parana dewal age karana un innawa ekek me wage deyak dakkata ganan ganne naha.