Yaluwek ta elantra ekak set karala dunna. U mata gahapu nathi tika witharai thel karanne na, market na, anan manan case.
KIA, Hiundai ehema hoda models thiyenawa eth Sinhalu hoyanne Nissan Toyota. Raththaran thel gana kiyapu eka 100% hari. Thel wada karanne naththam market na. Mage ekath hybrid newei denna amarui. Dan Wagon R thiyenne one tharam. E wage Kia ehema ithin thel wada karana ekak awoth market eka hadei. Sinhalu ge mindset eka thamai.
කොරියන් වාහන ලංකාවේ මාකට් නැති කරේ ඕව ලංකාවට ගෙනාපු ඒජන්තලා බන්.. ඉන්දියන් වාහන මාකට් රටේ කොරියන් එකක් මාකට් කරන්න බැරි කමක් නෑනේ...
අලුත් වාහනයක් විකුනන්න කලින්, මෙහෙ ගෙනත් ටෙස්ට් එකක් දුවල බලන්න ඕනි... දවසක දෙකක එකක් නෙමෙයි... අඩුම මාස 6ක් , අදාළ වාහනේ ටාගට් කරන Customer range එකේ එකෙක් සාමාන්‍යයෙන් දුවන විදියට දුවලා බලන්න ඕනි... ඊට පස්සේ බලන්න ඕනි එහෙම දුවනකොට මොන වගේ ලෙඩ එයිද කියලා... පුලුවන්නම් කොම්පැනිය ගානේ වාහන දෙක 3ක් වෙනස් වෙනස් විදියේ ෆීල්ඩ් වල ඉන්න උන්ට දුවන්න දීල උන්ගෙන් ෆීඩ්බැක් ගන්න ඕනි..
ලෝකල් මාකට් එකේ නමගිය ගරාජ් තියෙනවා... උන්ටත් දීල උන්ගේ Feedback බලන්න ඕනි...
අන්තිමට රිපෝර්ට් එකක් ගහ ගන්න ඕනි අදාළ වාහනේ ලංකාවේ ගෙනල්ල විකිනුවොත් මොන වෙයිද කියලා...
අදාළ වාහනේ ගෙනත් විකුනන්න තීරණය කරනවා නම් වාහන වලට කලින් රිපෝර්ට් එකේ තිබ්බ රෙපෙයාර් වලට අදාළ Spares ගෙනල්ල තියා ගන්න ඕනි..
Company වියදමින් Technicians ල අඩුම 2ක් වත් අදාළ Manufacture ලඟට යවලා Training එකක් දෙන්න ඕනි..
Customer Care කියන එක කොම්පැනියේ අංක 1 වෙන්න ඕනි. මාකට් එක අල්ලගත්තට පස්සේ පුළුවන් ලාබ හොයන්න..
ඒ වගේම කරුමෙට වාහනේ මාකට් ෆේල් උනොත් මාකට් එක රිකවරි කරන්න ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඕනි.. ඒ ප්‍රෝග්‍රෑම් එක හදන්න ඕනි වාහනේ මෙහෙ ගෙනත් විකුනන්නත් කලින්..
කොරියන් වාහන වල මාකට් එක ලංකාවේ කෙල උනේ Social Media ලංකාවේ Active වෙන්නත් කලින්.. කටින් කට ගිය විස්තර වලින් තමා මාකට් ෆේල් උනේ.. ඒ ෆේල් උනා වගේ 10 ගුණයක වේගෙන් අද වාහනයක් ෆේල් වෙන්න පුළුවන් Social Media වල ප්‍රසිද්ධිය නිසා..
අපේ කට්ටිය කරේ රේන්ජ් එකේ පහලම තියෙන ජරාව ගෙනත් විකුනපු එක.. එහෙම බෑ.. මාකට් Requirement එකට ඔරොත්තුදෙන වාහනයක් ගෙන්න ඕනි..
Tesla හා හා පුරා කියල Electric Sport කාර් එකක් රිලීස් කරනකොට රිලීස් කරේ අම්බ ජරාවක් නෙමෙයි..හැබැයි වාහනේ මාකට් එක ෆේල් වෙන්න තිබ්බ චාන්ස් එක 100%... හැබැයි Challenge එක උන් භාර ගත්තා.. උන් කරපු මාකට් රිසර්ච් එක දැක්කම ඇඬේනවා.. උන්ට අවුරුදු ගානක් යන්න ඇති මාකට් රිසර්ච් එකට ගිය වියදම හොයා ගන්නත්.. ඒත් දැන්.... Tesla ඉන්න තැන කියන්න ඕනි නෑනේ...
Article එකක් තිබ්බා Tesla ගොඩ ගිය එක ගැන.. Link එක ගොයල දාන්නම්...
ලංකාව ගැන කතා කරලා වැඩක් නෑ බන්.. මේක ගොඩ ගන්න බෑ..







