එහෙම විශේෂයක් නෑ බන්.. සාමාන්‍ය DCT වලට අදාළ වාසි,අවාසි තමයි ඉතින් තියෙන්නේ..
වාසි ගැන කිව්වොත්,
1. Automatic වාහනයක පහසුව + Manual එකක වගේ Performance
2. ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවය
අවාසි,
1. මිල අධික වීම.
2. නඩත්තු කිරීම මිල අධික වීම.
DCT වාහනයක් පාවිච්චි කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දේවල් නම් කීපයක් තියෙනවා...
1. කන්දක නවත්තන් ඉද්දි අනිවාර්යයෙන් බ්රේක් එක පාගාගෙන ඉන්න ඕනි..
Automatic ගියර්බොක්ස් එකක ටෝක් කන්වර්ටර් එක තියෙන හින්ද අපි කන්දක බ්රේක් පාගාගෙන හිටියේ නැතත් ලෝඩ් එක බැලන්ස් කරගෙන වාහනේ පස්සට යන්න දෙන්නේ නැතුව තියාගන්න පුළුවන්.. ඒකෙන් ගියර්බොක්ස් ඒකට හානියක් වෙන්නේ සෑහෙන කලාතුරකින්...
හැබැයි DCT වල තියෙන්නේ Friction Clutch දෙකක්.. Single Plate Dry (සාමාන්‍යයෙන් හැම මැනුවල් වාහනේකම තියෙන ක්ලච් එක වගේ දෙකක්) ක්ලච් දෙකක් වෙන්න පුළුවන් නැත්තන්, Multi Plate Wet Clutch දෙකක් (බයික් වල තියෙනවා වගේ දෙකක්) වෙන්න පුළුවන්.. ඔය දෙකෙන් කෝක උනත් ඔය දෙකටම සාමාන්‍ය මැනුවල් වාහනේක ක්ලච් ඒකට අදාළ දේවල් අදාලයි.. බ්රේක් පාගාගෙන ඉන්නේ නැතුව ක්ලච් එකෙන් ලෝඩ් එක බැලන්ස් කරගෙන ඉන්න පුළුවන් කන්දක...හැබැයි පුතීලා දන්නවනේ එතකොට ක්ලච් එක ටික කාලෙකින් පරලොව යනවා කියල.. DCT එකටත් එච්චර තමා.. කකුලෙන් ක්ලච් එක බැලන්ස් කරන්න නොතිබ්බට, බ්රේක් පාගාගෙන නැතුව D ගියර් එකේ හිටියොත් TCM (Transmission Control Module) එකෙන් බැලන්ස් කරනවා.. එතකොට මැනුවල් එකක වගේම ක්ලච් එක (1st,3rd,5th,7th... වගේ ගියර් වලට අදාළ ක්ලච් එක) පරලොව යනවා ඉක්මනට..
2. ට්‍රැෆික් එකේ යනකොට බ්රේක් යන්තමට පාගාගෙන ඉස්සරහට යන එකත් නොකළ යුතුයි.. මැනුවල් එකක ක්ලච් එක අතැරලා ඇක්සලරේටර් එක පාගාගෙන බ්රේක් එකත් පාගාගෙන යනවා වගේ වැඩක් ඒක.. ක්ලච් එක පරලොව කරා යනවා ඉක්මනට..
ඔය කලින් කිව්වා කරුණු දෙකම සරලව කියනවා නම් Manual එකක Clutch එක Slip වෙන විදියේ දේවල් DCT තියෙන එකකත් නොකළ යුතුයි.
3. DCT තාක්ශනේ Production Vehicles (Commercially Available Vehicles) වල හඳුන්වලා දුන්න මුල් කාලේ ඕක පාවිච්චි කරේ ටිකක් High Performance වාහන වලට...මොකද DCT තාක්ශනේ Racing වලින් බිහිඋන තාක්ෂණයක් නිසා.. හැබැයි වර්තමානය වෙනකොට DCT තාක්ෂනය Economy එක ඉලක්ක කර ගත්තු වාහන වලටත් පාවිච්චි කරනවා... මොකද කලින් කිව්වා වගේ DCT වල ඉහල ඉන්ධන කාර්යක්‍ෂමතාවයක් තියෙන නිසා... අන්න ඒ නිසා මතක තිය ගන්න ඕනි කලින් DCT High performance උනාට දැන් හැම එකම එහෙම නෑ කියල.. DCT ආපු Economy වාහනයක, DCT ආපු High Performance වාහනයක වගේ ගියර් මාරු කරලා පදින්න ගියොත් ඉක්මනටම ගියර් පෙට්ටියට පාංසකූලය දෙන්න වෙනවා...
4. නිෂ්පාදකයා අනුමත කරපු ගියර් ඔයිල්ම පාවිච්චි කරන්න ඕනි...මොකද කලින් කිව්වා වගේ සමහර DCT Gearbox එන්නේ Wet Multi Plate ක්ලච් එක්ක.. ඒවාට අනුමත ඔයිල් දැම්මේ නැත්තන් ටටා බායි කියන්න වෙනවා ගියර් බොක්ස් ඒකට... අන්න ඒ හේතුව නිසා ඔයිල් මාරු කරන වැඩේ මිල අධික වැඩක් වෙන්න පුළුවන්.. උදාහරණයකට Nissan GTR එකක Gearbox ඔයිල් මාරු කරන්න ආසන්න වශයෙන් $1100-1200 වගේ වියදමක් යනවා.. ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂෙකට එහා...
ඔච්චර තමා ඉතින් DCT වල විශේෂයකට කියල තියෙන්නේ.. පාවිච්චි කරනකොට මතක තිය ගන්න ඕනි DCT කියන්නේ Automatic කරපු මැනුවල් එකක් කියල.. එච්චරයි...