
පොඩි දෙයක් දැනගන්න ඕනෙ මේකෙ ඉන්න කට්ටියගෙ උදව් බලාපොරොත්තුවෙන් ආවෙ. මම ඊයෙ honda jade එකක් ගත්තා. මීට කලින් ලොකු බයික් එක පාරක් දෙපාරක් පැදල තිබුනට ඒව ගැන වැඩිය දන්නෙ නැහැ. මට තියෙන ප්රශ්න ටික තමයි බයික් එකේ ගියර් දානකොට ටිකක් තදයි. මම බයික් එකක් ගන්න කලින් jade වර්ගෙ බයික් දෙක තුනක්ම පැදල බැලුව. ඒ හැම එකකම වගේ ගියර් තදයි. ගියර් දානකොට ටකස් ගාල සද්දයක් ඇවිල්ල ගියර් එක 3,4 උනත් ටිකක් ගැස්සිලා වැටෙන්නෙ. තව ස්ටාර්ට් එකේදි නිව්ට්රල් කරන්න අමාරුයි. මට එක්කෙනෙක් කිව්වෙ ලොකු බයික් වල මේක පොදු දෙයක් කියල. මේක හදන්න වෙයිද නැත්තම් මේක ප්රශ්ණයක් නැත්ද?... උබලගෙ උදව් ඔනේ...





