shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මේ කියන්න යන්නෙ අපි හැමෝම වගේ දන්න, ඒත් ඉන්ටනෙට් එකේ ගොඩක්ම අඩුවෙන් තොරතුරු තියන බයිසිකලයක් ගැන. මේක වැඩක් නෑ කියලත් හිතෙයි සමහර විට. එත් ඉතින් මේ එලකිරිය හැමදෙයින්ම ටික ටික හරි සම්පූර්ණ වෙන්න ඕනි කියල හිතල අපේ සහෝදරවරු මහන්සිවෙන හැටි දැක්කහම මටත් හිතුනා මමත් දන්න මොකක් හරි ගැන ලියන්න ඕනි කියල. මේ එළකිරි‍යෙන්ම තමා මම බයික් ගැන නොදැන හිටපු ගොඩක් දේවල් ඉගන ගත්තෙ. වාහන ගැන හිතලවත් නෑ කියල හිතුන මට මේක ඉන්න බයික්, කාර්, වෑන් කාපු එවුන් දැක්කහම. මොනා උනත් හෙනම සතුටුයි මේ එළකිරියෙ තියන ලිපි ටික ගැන :). සමහර සිංහල ලිපිවල තියන දේවල් English සයිට් වලවත් නෑ (ඒ කිව්වෙ සුද්දන්ගෙ ඒවෑවත් නෑ කියලා :P). එච්චර දේවල් දැනගන්න මේකෙ ඉන්න එවුන් ටොයෝටා, හොන්ඩා, යමහ කම්පැනි වල මැනුවල් උස්සනවද කියලත් හිතුනා. මේ මගෙ පළවෙනි රිවීව් එක. මම ඉතින් මහ ලොකු බයික් ගොඩක් පැදල කරල නෑ. ටිකක් හරි වැදගත් දෙයක් ලියන්න ඕන කියල හිතුන හින්දයි මහලොකු බයික් එකක් වුනත් මේ ගැන දන්න දේ ලියන්න හිතුනෙ. එහෙනම් තවත් කතා ඕනි නෑ, වැඩේ පටන් ගමු. :D

    1971 දි විතර ජපනට ඕනි වුනා තැපැල් දෙපාර්තමේන්තුවෙ මෙතෙක් පාවිච්චි කරපු C90 ය වෙනුවට තවත් ටිකක් වැඩියෙන් බරත් අදින්න පුළුවන්, හැන්ඩ්ල් එකේ උඩින් හෙඩ්ලයිට් එක එන බයික් එකක් හදන්න. ආහ් ! ඒ වගේම බොඩි කලර් එකත් රතු පාටට වෙනස් කරන්නත් ඕනි වුනා. 1972 දිත් ආයිත් පාරක් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරල [ටයර් සයිස් වැඩි කරල, ඉස්සරහ පිටිපස්සෙ බඩු දාන ඒවත් ලොකු කරල (සිංහලෙන් carriers කියන්නෙ), සයිඩ් ස්ටෑන්ඩ් එකේ ශක්තියත් වැඩිකරල] හැදුව බයික් එකක් MD 90 කියලා. ඔන්න තියනවා බයිසිකලේ,

    209krw0.jpg
    209krw0.jpg


    MD කියන්නෙ සිංහලෙන් Mail Delivery කියන එකටනේ :rofl:. තැපැල් නයින්ටි, MD 90 වගේ නම් වලින් ලංකාවේ හැඳින්වෙනවා වගේම ජපානෙ හැඳින්වෙන්නෙ Postie bike, Postal Cub වගේ නම් වලින් (එහෙ උන් ජපන් භාෂාවෙන් මොනවා කියනවාද කියලානම් දන්නෙ නෑ :eek:. හැබැයි හරි මොඩ්ල් නේම් එක නම් කොහෙත් MD 90 ම තමා). යුරෝපියන් රටවලත් Postal Cub කියලම තමයි භාවිතා වෙන්නෙ මම දන්න විදිහට හැබැයි ඒ අපි පදින MD 90 නෙමෙයි හොඳේ. ඒ වගේම ලංකාවේ තියන තරම් MD 90 ජපානෙවත් තියනවද කියල හිතෙනවා වෙලාවකට. ඒ කොහොම හරි හොඳම කතාව තමයි, ජපානෙ පාවිච්චි කරන්න හදපු තැපැල් නයින්ටියම තමයි ලංකාවේ වැඩිපුරම තියන්නෙ. උදාහරණයක් විදිහට නයින්ටියට එන රතු පාට පිටින්ම පෞද්ගලික භාවිතය සඳහා ජපානෙ පදින්නත් තහනම් :rofl:. ඒත් ලංකාවේ ඔය පදින්නෙ ඕනි තරම් ජපානෙ Postal Symbol එකත් තියාගෙනම :confused:. යුරෝපියන් රටවල් වලටත් යැව්වෙ වෙනම බයික් ජාති හදල. ඕස්ට්‍රේලියාවට CT110, යුරෝපෙට C90 වගේ ඒවා. ඔන්න ඕක තමයි ලංකාවේ අරුමේ. ලංකාවේ අයියල ඉතින් ජපානෙන් හදපු එකක් ගෙනාවොත් ගේන්නෙ අනුන්ට යවන ඒවා නෙමෙයිනෙ, එහෙටම හදන ඒවනෙ (සිංහලෙන් Domestic කියන්නෙ ;)). තව තව එහෙම ගේන වාහනත් කටිටිය දන්නවා ඇතිනෙ. :yes:

    ඒ වගේම ඔය විදිහට ලංකාවට එන නයින්ටියටත් මෙහෙ එක එක විදිහෙ මාර්කට් තියනවා. ලංකාවේ වැඩියෙන්ම මාර්කට් Model එක තමයි ඔන්ලයිට්, 12V බැටරි, ලොකු ලයිට් (Head Light) සමඟ හීට් ග්‍රිප්ස් (Heat grips) තියන එක (මම ඔය කිව්වෙ තැපැල් නයින්ට් හොයන කට්ටිය කියන වචන ටික පිළිවෙලටම :rofl:). ඇත්තටම ඔය හීට් ග්‍රිප්ස් නම් ලංකාවට ඇති වැඩකුත් නෑ. මොකද මෙහෙට හිම වැටෙනව කියලයෑ.

    මට මේ බයික් එක මතක් වෙනවා සමහර ට්‍රැක්ටර් ඇඩ් දකින කොට, ("බර අදින්න මර පුතය") වගේ ඒවා :D. ඇත්තටම මේකට ලොරියක් තියල ගැටගහන්න පුළුවන් වුනොත් ඒකත් තියාගෙන යයි. ඒ වගේම තමයි මීටරේ 80 ට තියනවා වගේම 80 ටම යන්නත් පුළුවන්. පුරුදු උනහම හොඳ බැලන්ස් එකකුත් තියනවා. අත්දැකීමෙන් කියන්නෙ. මමත් ඕකෙ Pulsar, Discovery තියන යාළුවොත් එක්ක ඕනි තරම් පොඩි පොඩි ට්‍රිප් ගිහිල්ල ඇති (කිලෝමීටර් 150 - 250 ඒවා). 1st ඒකේ අංශක 89 කලා 59 කන්දක වුනත් යන්න පුළුවන් වගේම 2nd එකේ ටිකක් ලොකු කන්දක් අහුවුනොත් තල්ලු කරත් යන්නෙ නෑ. ඒ වගේම පෙනුමෙ හැටියට නෙමේ උස්සන්න උනොත් තියන බර :baffled:. 90cm3 එන්ජිමක් තිබුණට ලීටරයට කිලෝමීටර් 45 ක් වගේ තමා මම පැද්ද එකේනම් වැඩකලේ.

    1971 න් හදන්න පටන් ගත්ත භාන්ඩෙ කොහොම හරි 2008 න් පස්සෙ හදන එක නැවැත්තුවා :sorry:. ඒ අතරතුර එක එක වෙනස්කම් වුනා. ඒ අතර ප්‍රධාන වශයෙන් CDI, exhaust gas regulation measures, Handle suspension වගේ දේවලුත් එකතු වුනා. දැන් ඉතින් ජපානෙ තැපැල් සේවයෙ භාවිතා වෙන්නෙ EV-neo කියන Electric Scooter එක.

    ඔන්න ඔය විදිහට තමයි අපි කවුරුත් දන්න කියන තැපැල් නයින්ටිය ඉපදිලා වැඩ කිඩ පෙන්නල සද්ද නැතුව නතර වුනේ. ඒ කොහොම වුනත් ලංකාවෙ කොහේ ගියත් නයින්ටියක් නම් හොයා ගන්න බැරි වෙන්නෙ නෑ. මොකද නගුලක් හයිකරගත්තොත් කුඹුරුත් හා ගන්නත් පුළුවන් නිසා (ඒකනම් නිකමට කිව්වෙ හොඳේ :P). මේකෙ Specifications නම් මම දන්නෙ නෑ වැඩිය. කා ලඟ හරි මැනුවල් එකක් තියනවා නම් නයින්ටි හිමිකරුවන්ගේ හිතසුව පිණිස ලබාදීම සෑහෙන්න වටිනවා.

    එක පාරක් අපේ තාත්තගෙ බයිසිකලේ වයර් ටික අග මුල හොයාගන්න බැරිවෙන්න මීයො කාල තිබුණ. කොයිල් එකේ වයර් එකත් කාල. කොහොමහරි ඒකෙ වයර් ටික අමුණගන්න මමත් අන්තර්ජාලය පුරා මැනුවල් හෙව්ව, හම්බවුනේ නෑ. honda-md-90-circuit-diagram කියල බොරු ලින්ක් එකක් නම් තියනවා නෙට් එකේ. අහුවෙන්න එපා ඒකට, ඇඩ්වෙයාර් එකක් :angry:. කොහොම හරි බයික් හදන කම්පැනි වල එවුන් කල්පනා කරලා වයර් ටික දාල තියන හින්දා අපිත් කොහොම හරි අමුණගත්තා. බයික් එකේ Specification මම දන්න ටික දාන්නම්. තව දන්න එවුන් ඉන්වනම් කියපල්ලා, එඩිට් කරගන්න පුළුවන් වුනොත් මේ ලිපියටම අමුණන්නම්. එහෙම නැත්නම් ඉතින් කමෙන්ට් කරන්න තමයි තියෙන්නෙ.

    Displacement : 89.00 ccm
    Engine type : Gasoline 4-Stroke
    Power : 6.5 PS/6500rpm
    Top speed : 80.0 km/h (49.7 mph)
    Transmission ratio : 3.722
    Valves per cylinder : 2
    Fuel system : Carburettor. keihin seiki
    Ignition : CDI-type - magnet ignition
    Lubrication system : Square type
    Cooling system : Air cool
    Gearbox : 3-speed
    Gear format : Chain
    Gear ratio :
    1st - 2.538
    2nd - 1.705
    3rd - 1.045
    Clutch : Mechanical Wet multi-plate
    Fuel consumption : 40.0 km/l
    Exhaust system : GOSHI stainless steel pipe
    Spark plug : NGK D6HA

    Frame type : Low-floor backbone
    Steering angle : Left, Right - 45 Degree
    Front suspension: Telescopic
    Rear suspension : Swing arm

    Dry weight : 102kg
    Ground clearance :0.135m
    Minimum rotation half diameter : 1.8m
    Wheelbase : 1.2m
    Fuel capacity : 5L

    එහෙනම් ඔන්න ලිපිය ඉවර කරන්නයි යන්නෙ. අන්තිමට කියන්න තියන්නේ, ඔක්කොම දන්න පොරක් නෙමෙයි මම බයික් ගැන. වැරදි තියනවානම් දෙපාරක් නොහිතා කියන්නයි තියන්නේ. අපිත් ආසයිනේ වැරදි හදාගන්න.

    හැමෝටම ජය වේවා !

    පසුව ලැබුණු දැනුවත් කිරීම්


    Heat Grips කිව්වම මේ ටිකත් එකතු කරන්න හිතුන
    Handle Heat Grips හොයන්නෙ ගොඩක්ම මාලු වෙලඳාමෙ යන කට්ටිය.. අපිට ඕක වැඩක් නැතුව වගේ පෙනුනට ඒ කට්ටිය උදේට වරායට මාලු ගන්න යන්නෙ පට්ට හීතලේ පාන්දර/ වැසි වල. ඒ වගේ වෙලාවට ඕක පට්ට වටිනව. අනික අයිස් අල්ලල අල්ලල අත් දෙක ගල් උනාම පට්ට වටිනව හීට් ග්‍රිප් තියනව නම්..
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    MD90 හැමදාම පාරේදී දැක්කට මේ තරම් විස්තරයක් දැනගෙනහිටියේ නෑ.
    දිගටම මේ වගේ පොස්ට් දාන්න. :yes:
    +9
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    CD 90 කියලත් එකක් තියනවා නේද බන් ...?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තැපැල් නයින්ටිය ගැන සිරා විස්තරයක් කරලා තියෙන්නේ.. :) නියමයි..
    රෙප්+12
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    MD90 හැමදාම පාරේදී දැක්කට මේ තරම් විස්තරයක් දැනගෙනහිටියේ නෑ.
    දිගටම මේ වගේ පොස්ට් දාන්න. :yes:
    +9

    මමත් මේ ගෙදර එකක් තියන හින්ද තමයි ටිකක් උනන්දු වුනේ මේක ලියන්න. මොකද ගොඩක් පාවිච්චි වෙන හින්ද. දන්න දේවල් දිගටම ලියන්නම්.