උඹ vestacp රෙකමන්ඩ් කරල තියන හින්ද අහන්නෙ. මගේ යාලුවෙක්ගෙ වෙබ් එකක් තියනවා. ඩේටබේස් එකේ රෙකෝඩ්ස් 2 billions වගේ තියනව. db එක දැන් 80GB වෙන්න කිට්ටුයි. සැරින් සැරේ එක එක අවුල් එන හින්දා හොයලා බලද්දි vestacp එකේ එන prefork mpm එක තමා හේතුව. ඒක පාවිච්චි කරන්නත් එපා කියලම තියනවා apache website එකේ. vestacp එක තාමත් event processing වලට සපෝට් කරන්නෙ නෑ කියල තිබුනු නිසා apache, vestacp දෙකම අතෑරලා දැන් nginx දාලා තියෙන්නෙ control panel එකක් නැතුව. උඹ vestacp වල concurrent requests ගොඩක් එන වෙබ් සයිට් වල වැඩ කරල තියේද? prefork එක අයින් කරගන්න විදියක් තියනවද?
ඔව් මන් වැඩ කරලා තියෙනවා. Vestacp Apache නැතුව nginx එක්ක දාන්න පුළුවන් නේ එහෙම බැලුවේ නැද්ද ? දැන් Vestacp දාන්න එපා Security පැත්ත අන්තිමයි. එකේ myvestacp හෝ Hestiacp දාන්න Vestacp Fork ඒවගේ Security පැත්ත ගොඩක් හොදයි.
Vestacp වල Backup එක කෙලින් ම දාන්න පුළුවන් හැබැයි අවුලකට තියෙන්නේ Vestacp එකේ mysql තියෙන්නේ myvestacp / Hestiacp Mariadb තියෙන්නේ ඒ දෙකේ ගොඩක් අයගේ අවුල් ඇවිල්ලා අය Vestacp ම දාන්න උණා. මගේ සයිට් නම් Hestiacp වලට මාරු කරා db අවුල මන්ම හදලා.
Vestacp එක්ක බලනකොට Hestiacp හොදයි apache නැතුව nginx එක්කත් දාන්න පුලුවන්
PHP Version මාරු කරන්න පුලුවන් 5.6 , - 7.4 අතර ඔකොම තියෙනවා
File Manager තියෙනවා
Auto Install තියෙනවා
Vestacp වගේ නමේ ගැටළු නෑ උන්ගේ Forum එකත් හොදයි එවෙලේම උදව් කරනවා. ඔහොම ඒවාට Donate එකක් කරන්න නිකන් ම Use කරන්න එපා එතකොට තමයි කාලයක් යද්දී අත ඇරලා දාන්නේ උන්ට එපා උනාම.
Vestacp දාන්න නැතුව ගොඩක් වටින සයිට් එකක් නම් ඕකට DirectAdmin දාන්න බලන්න. Monthly $ 2 වෙන්නේ. Support එකත් උන්ම දෙනවා ඕනේ දෙයක් උන්ම හදලා දෙනවා.