how to start export business

green-007

Member
May 2, 2016
58
18
0
අපනයන වෙළදාම

අපනයන සදහා නිෂ්පාදනයක් තොර ගැනීමේදී මුලික වශයෙන් අවදානය යොමු කිරීමේදී එම නිෂ්පාදනය සදහා ලංකාව තුල සාපේෂ වාසියක් නිර්මාණය වී ඇත්දැයි යන්නයි ( ex ඇගලුම් සදහා සාපේක්ෂ වාසිය ක්‍රමයෙන් ලංකාවෙන් ඉවත් ව යන අතර ඒවා බොහෝ දුරට ලාබ ශ්‍රමය ලබා ගතහැකි රටවලට ගමන් කිරීමක් දැකියහකිය )

ඒවගේම ආයෝජනය කිරීමට සිදුවන ප්‍රාග් දනය , සුළු පරිමාණ නිෂ්පාදකයකුට සලකා බැලිය යුතු අනෙක් ප්‍රදාන අංගයයි
නිෂ්පාදන
මා විශ්වාස කරන ආකාරයට ඉහල මිලක් මෙන්ම වෙළදපලේ අඩු තරග කාරිත්වයක් සහිතව ලංකාවෙන් අපනයනය කල හැකි නිෂ්පාදන වර්ග 3 පවතී

1 මැණික් හා ස්වර්නබරණ
2 විසිතුරු මත්සයන්
3 විසිතුරු ශාක පත්‍ර ( cut foliage )

අපනයනය සම්බන්දව ලංකාවේ සහය ලබා ගත හැකි ආයතන

export development board
මෙම ආයතනයේ පුස්තකාලයෙන් අදාල නිෂ්පාදනය පිලිබදව අතැම් විට තොරතුරු ලබාගත හැකිය ( export bulatin ) නම් කුඩා සගරාවක් මාසිකව විකුණන අතර එහි EDB එකට ලැබෙන inquiries ප්‍රදර්ශනය කරනු ලබන අතර ( දැන් බොහෝවිට ඇත්තේ විවිද වෙබ් අඩවි වල සදහන් inquiries)

එසේම ඔවුන්ගෙන් ඉල්ලා සිටියහොත් ඔවුන් අදාල වෙබ් අඩවි වලින් ( ex http://www.europages.co.uk/ තව ගොඩක් ඇත ) ගැනුම් කරුවන්ගේ නම් හා ලිපිනයන් ඔබට ලබා දෙනු ඇත

ඒවගේම එහි සිටින නිලදරිනියන්ට අදාල අංශය පිලිබදව පොත් දැනුමක් තිබෙන අතර ඔවුන් එය ඔබට ලබාදෙනු ඇත ( ප්‍රයෝගික දැනුම නොවේ)

මට හිතෙන විදියට EDB එක ෆිටුවා ඇත්තේ , රස්සා නැති කාන්තාවන්ට රැකියා ලබාදී , වායු සමීකරණය කරන ලද පරිසරයකසිට විවිද තොරතුරු හුවමාරු කරගැනීමට හා දුරකථන ඇමතුම් ගැනීමටය )

මේකෙන් ඇති එකම හොදේ මේකෙන් trade fair වලට ලංකාවෙන් සහබාගි වන්නේ කවුරුන්ද යන්නත් , ඔවුන්ට ඒසදහා වැය වන මුදලින් කොටසක් ප්‍රති පුර්ණය කිරීමයි ( trade fair කියන්නේ ගැනුම් කරුවන් සොයාගැනීමේ හොදම ක්‍රියාමාර්ගයයි ,) අපනයන කරුවෙක් නිතරම මෙහි හෝස් අදාල ඇන්ටි සමග කෙටි පිළිසදරක යෙදිය යුතුවේ , එමගින් tarde fair වාසනාව හිමිවේ

සැම අපනයන කරුවෙක්ම EDB ලියාපදිංචි විය යුතු අතර , මුලිම තාව කාලික බලපත්‍රයක්ද , එළබෙන මාස 3 තුලදී අපනයනයන් 2 වැඩි සංකයාවක් සිදු කරහොත් පෙර්මෙනේන්ම්ට් බලපත්‍රය ලබා දේ

( TIN , temporary vat , සහ customs registration යන සහතික ලබා ගැනීම අපනයනයේදී අවශ්‍යවේ )


මන් මුලින්ම පටන්ගන්න කැමති විසිතුරු ශාක පත්‍ර අපනයනය හා එහි වෙළදපල , ගැනුම් කරුවන් සොයාගැනීම

මේ අංශයේ කුඩා පරිමාණ අපනයන කරුවන් විශාල පිරිසක් නිරතව , සිටි ප්‍රදාන වෙලදපවන්නේ නෙදර්ලන්තය් වන අතර අපනයනවලින් 90% වැඩි කොටසක් nether land වලට සිදු කරන අතර , ඒවගේම යුරෝපියානු වෙළදපල තුල සිටින ප්‍රදාන මල් හා විසිතුරු පත්‍ර ආනයන හා අපනයන කරුවාද වේ
මොවුන් වෙළදපල සිටින trade hub එක ලෙස හැදින්වුවත් නිවැරදි වේ


අපනයන සදහා විශාල ඉල්ලුමක් ඇති ලංකාවේ වැවෙන ශාක පත්‍ර ඉගාව කොටසින්

අපනයනය සදහා පත්‍ර සකස් කිරීම ඉගාව ඉගාව කොටසින්

ගැනුම් කරුවන් සොයාගැනීම ඊගාව ඉගාව ඉගාව කොසින්

අපනයනය සදහා අවශ්‍ය බලපත්‍ර , අපනයනය සදහා අවශ්‍යවන ගෙවීම් පියවීමේ මාධ්‍යය ( L /C , T /T , open account , D /P , D /A etc )


ඉගාව කොටස සමග ලගදීම හමුවෙමු

ස්තුතිය -sgrdk1 හට
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බොහොම වටින දෙයක්. දිගටම කරගෙන යන්න.

    EDB එකේ තියෙන courses ගැන අදහස මොකක්ද ?
     
    Last edited:

    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    බොහොම වටින දෙයක්. දිගටම කරගෙන යන්න.

    EDB එකේ තියෙන courses ගැන අදහස මොකක්ද ?

    export වල theoretical පැ ත් ත ගැන හොද දැනුමක් ගන්න පුළුවන් එකෙන් , මාත් ඕක කරලා තියනවා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    honda wadak digatama karamu
    SME ayata meketh wisthara athi
    HTML:
    http://www.sme.lk/index.php/en/
     

    Mozilla

    Well-known member
  • අපනයන සදහා විශාල ඉල්ලුමක් ඇති ලංකාවේ වැවෙන ශාක පත්‍ර ඉගාව කොටසින්

    අපනයනය සදහා පත්‍ර සකස් කිරීම ඉගාව ඉගාව කොටසින්

    ගැනුම් කරුවන් සොයාගැනීම ඊගාව ඉගාව ඉගාව කොසින්

    අපනයනය සදහා අවශ්‍ය බලපත්‍ර , අපනයනය සදහා අවශ්‍යවන ගෙවීම් පියවීමේ මාධ්‍යය ( L /C , T /T , open account , D /P , D /A etc )

    m tika koi?