මම මේ තෙල් සිද්දිය ගැන හොඳින් හදාරපු නිසා කියන්නේ. ඒවගේම මගේ ලගම සහෝදරයෙක් පෙට්‍රෝලියම් එකේ වැඩ කරන නිසාත් මෙම විශය ගැන මට අවබෝධයක් තියනවා.
පහුගිය දුෂිත රජය කාලේ හිටපු නායකයෝ කොමිස් කුට්ටි ගහලා සිපෙට්කෝ එකට මඩ සහිත තෙල් ගහල මිනිස්සුන්ගේ වාහන විනාශ උනා. සිපෙට්කෝ එකේ ගොඩක් වංචා සිද්ද වෙනවා. නමුත් IOC එකේ තෙල් වලින් කවදාවත් මිනිස්සුන්ගේ වාහන වලට ගැටළුවක් සිද්ද උනේ නැහැ. ඊයේ පෙරේදා බාල තෙල් නැවක් ආවා. ඒක පෙට්‍රෝලියම් එකෙන් ආපසු හරවල යැවුවා. ඒක පෙට්‍රෝලියම් එකෙන් නොකලත් ලංකාවේ IOC එකට බාරගන්න කලින් IOC එකෙන් විශේෂිත තත්ත්ව පරීක්ෂාවක් සිදු කරනවා. ඒ තත්ව පරික්ෂාව සඳහා ඉහල තාක්ෂනය භාවිතා කරලා කරන්නේ. එවැනි තාක්ෂණයක් ලංකාවේ පෙට්‍රෝලියම් එකටවත් නැහැ.