මම ඇත්තටම මේ ගැන දන්නෙ නැති නිසා අහන්නෙ. දන්න කෙනෙක් මට තේරුම් කරලා දෙනවනම් බොහොම ස්තූතියි.
මට තේරෙන්නනෙ නැත්තෙ Sri Lanka Cricket කියන ආයතනය පෞද්ගලික ආයතනයක් නම්, ශම්මි හරි වෙන කෙනෙක් හරි මුදල් වංචාවක් කරලා තියෙනවනම් ඒ කාගෙ මුදල්ද? රජයෙන් මුදල් වෙන් කරනවද SLC වෙනුවෙන්? එහෙම නැත්තම් Match වලින් ලැබෙන ආදායම තනියම මංකොල්ල කාලද? පෞද්ගලික ආයතයක් නම් ඒක අභ්‍යන්තර ප්‍රශ්නයක්නේ. ඒ සල්ලි හරි විදියට වැය වෙනවනම් මොකක් වෙනුවෙන්ද වැය වෙන්න ඔ්නෙ?
මම හිතාගෙන හිටියේ රජයෙන් SLC වෙනුවෙන් මුදල් වෙන් කරනවා, අන්න ඒ මුදල් Cricket වල යහපත වෙනුවෙන් යොදවන්නෙ නැතුව ශම්මි සිල්වා ඒ සමීප අය ඒක්ක අයථා විදියට පාවිච්චි කරල නිසා මෙහෙම ප්‍රශ්නයක් ඇදිලා කියලා.
මට මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො දන්න කෙනෙක්...
ස්තූතියි
රජයෙන් ගෙවන මගුලක් නෑ.
ICC කියන්නේ international cricket governing body එක ලෝකේ ඔක්කොම පිළිගත්තු. උන් තමා ලෝකේ cricket handle කරන්නේ, rules හදන්නේ, cricket business එකක් විදිහට තියන් ඉන්න ප්‍රදානම එකා.
උන්ගේ ලංකාවේ agent තමා SLC. SLC කියන්නේ ලංකාවේ ICC එක පිළිගන්න එකම cricket governing body එක. ICC funds එවන්නේ SLC එකට විතරයි. එව්වගෙන් තමා ලංකාවේ cricket run වෙන්නේ salary ගෙවන්නේ අනන් මනං. SLC එකට ලොවෙත් තනියෙන් survive වෙන්න බෑ ICC funds නැතුව. ලංකාව ICC member කියල පිලිගත්තට SLC උන් හරහා විතරයි ICC උන්ගේ events වලට playersල ගෙන්න ගන්නේ. ලංකාවේ cricket national team එක හදාගෙන ඕනිනං අපිට උන්ට ලංකාවේ treasury එකෙන් ගෙව ගෙවා සරුංගල් අරින්න පුළුවන් ඔය මොකක් හරි cricket එකක් ගගහ. දැනටනන් වෙන්නේ SLC එකෙන් playersලට contracts දීල උන්ගෙන් වැඩ ගන්න එක. contractual obligation තියෙන playersලට IPL වගේ එව්වා ගහල අමතර ආදායමක් හොයාගන්න SLC permission ඕනි. ලංකාවෙන් දැනට playersලට ගෙවන්න ඕනි නෑ SLC එකෙන් එව්වා ටික කරන හින්ද. ඒ සල්ලි ICC එකෙන් දෙන සල්ලි. ලංකාවේ SLC එකෙන් කරන බිබික්කමක් නෑ තනියෙන් survive වෙන්න තරන්.
හැබැයි රටක නීතියට යටයි මොන pvt ltd එකක් උනත්. එතකොට ලංකාවේ parliament එකෙන් දාන sports ministry එක යටතේ ඔය මොන ඩයල් එකත් ඉන්න ඕනි (කියල හිතන් ඉන්නවා). ඔතන තමා conflict එක. Parliament එකෙන් කියනවා ලංකාවේ රජය යටතේ ඉන්න pvt ltd එකක් ලංකාව කියන විදිහට ඉන්න ඕනි කියල SLC එක කියනවා අපි ICC එකේ agent ඒ බයිලා අපිට අදාළ නෑ කියල පුළුවන්නන් හැප්පිලා බලමු, ලංකාවේ cricket අකුලලා දානවා කියල. ICC එක care කරන්නේ තමන්ගේ agent ගැන මුලින් මොකද උන් ICC කියන විදිහට rigged හරි election තියල SLC එක වැඩේ කරන් යනවා.
Ban කරේ ICC agentට (SLC) ලංකාවේ පොලිටික්කෝ අතදානවට උන් කැමති නෑ. උන් කියන්නේ එහෙම උනොත් අපේ events තොපිට නෑ තොපි ගහගනින් තනියෙන් cricket අතින් ගෙවන් කියල. තව දිගට ටිකක් තියෙනවා ICC එක ඉන්දියන් bias ඇයි කියල හැබැයි දැනටමත් දිග වැඩියි විස්තරේ