ICC Ranking හැදෙන හැටි [Part I]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ICC Test Team Ranking


    wsws60.jpg


    ICC නොහොත් International Cricket Council මගින් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම 1952 වර්ෂයේ ආරම්භ කරන ලැබූ අතර එය නිල වශයෙන් කණ්ඩායමශ්‍රේණිගත කිරීමට ආරම්භ කරනු ලබන්නේ 2003 වර්ෂයේදීය. මේ වන විට ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 10 ක් මෙම ශ්‍රේණිගත කිරීමට අයත් වන අතර මෙය ගණිත සුත්‍රයකට අනුව කණ්ඩායම් ශ්‍රේණිගත වේ. ඒ සදහා එක් එක් කණ්ඩායම් ලබා ගන්න ලකුණු (Points) මුලික වන අතර අවසාන අවරුදු 4 ඇතුලත ක්‍රීඩා කල තරග එයට අදාල වේ. එය ලැබෙන ආකාරය පහත පරිදි වේ.



    සෑම තරග ජයකටම කණ්ඩායමකට 1 (Point) ලකුණක්
    ජය පරාජයෙන් තොර තරගයකට කණ්ඩායමකට ලකුණු භාගයක්
    තරගාවලි ජයකට කණ්ඩායමට ප්‍රසාද ලකුණ 1 (Point) බැගින්
    තරගාවලි ජය පරාජයෙන් තොර කණ්ඩායමකට ලකුණු භාගයක්



    කණ්ඩායම් මෙම ලබා ගන්න ලකුණු තරගාවලියේ අවසානය ප්‍රථිපලය සම්පුර්ණ ලකුණු සදහා පරිවර්තනය වේ. එනම්,


    = තරගාවලිය පටන් ගැනීමට පෙර කණ්ඩායම් දෙක අතර ලකුණු (Points) ප්‍රමාණයේ පරතරය 40 ට අඩු නම් කණඩායම් දෙක අතර Points 1:1 අනුපාතය යටතේ බෙදී යයි

    - ජයග්‍රාහී කණ්ඩායම තරගාවලියේ ලබා ගත් ලකුණු (Points) ප්‍රමාණය ලකුණු (Points) 50 න් ගුණාකාර වී ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණයට එකතු වේ. (ජයග්‍රාහී ප්‍රතිශතය අනුව මෙය වෙනස් විය හැක)
    - පරාජිත කණ්ඩායම තරගාවලියේ ලබා ගත් ලකුණු (Points) ප්‍රමාණය ලකුණු (Points) 50 න් ගුණාකාර වී ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩු වේ.


    = තරගාවලිය පටන් ගැනීමට පෙර කණ්ඩායම් දෙක අතර ලකුණු (Points) ප්‍රමාණයේ පරතරය 40 හෝ ඊට වඩා වැඩි නම් Points ප්‍රමාණය 1:9 අනුපාතය යටතේ බෙදී යයි.

    A. - Ranking List එකේ උඩ සිටි ජයග්‍රාහී කණඩායම තරගාවලියේ ලබා ගත ලකුණු (Points) ප්‍රමාණය ලකුණු (Points) 10 න් ගුණාකාර වී ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණයට එකතු වේ.(ජයග්‍රාහී ප්‍රතිශතය අනුව මෙය වෙනස් විය හැක)
    - Ranking List එකේ යට සිටි පරජීය කණ්ඩයම තරගාවලියේ ලබා ගත ලකුණු (Points) ප්‍රමාණය ලකුණු (Points) 90 න් ගුණාකාර වී ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩු වේ.

    B. - Ranking List එකේ උඩ සිටි පරජීය කණඩායම තරගාවලියේ ලබා ගත ලකුණු (Points) ප්‍රමාණය ලකුණු (Points) 10 න් ගුණාකාර වී ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩු වේ.
    - Ranking List එකේ යට සිටි ජයග්‍රාහී කණ්ඩයම තරගාවලියේ ලබා ගත ලකුණු (Points) ප්‍රමාණය ලකුණු (Points) 90 න් ගුණාකාර වී ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණයට එකතු වේ. (ජයග්‍රාහී ප්‍රතිශතය අනුව මෙය වෙනස් විය හැක)


    එසේ එකතු වුනු ලකුණු (Points) ප්‍රමාණය මුළු ලකුණු ප්‍රමාණයට එකතු වී එය කණ්ඩායමක් අවසන් 4 වසර ඇතුලත තරග කල තරග ප්‍රමාණයෙන් බෙදු විට කණ්ඩායමේ Rating එක ලැබේ.


    උපකල්පන උදාහරණයක් ලෙස දැනට පවතින ඕස්ට්‍රේලියානු ද.අප්‍රිකා තරගාවලිය ගනිමු . මෙම තරගාවලිය නිම වන්නේ ද.අප්‍රිකාව තරග 2-1 ලෙස ජය ලබා යයි සිතමු..
    තරගාවලිය පටන් ගැනීමට පෙර, ඔවුන්ගේ ලකුණු පරතරය 40 වැඩ වැඩි වන අතර ඔවුන්ගේ ලකුණු (Points) බෙදී යන්නේ 1:9 අනුපාතය යටතේය.


    s1papk.jpg


    ද.අප්‍රිකාවට හිමි වන ලකුණු ප්‍රමාණය 3 ක්. (තරග 2 ක ජයට එක බැගින් සහ තරගාවලි ජයට 1)
    ඔස්ට්‍රේලියාවට හිමි වන ලකුණු ප්‍රමාණය 1 ක්. (එක තරගයක් ජය)
    ද.අප්‍රිකාවට හිමි වන ලකුණු ප්‍රමාණය 3x 10 = 30 (ඊට වැඩි විය හැක ජයග්‍රාහී ප්‍රතිශතය අනුව)
    ඔස්ට්‍රේලියාවට අහිමි වන ලකුණු ප්‍රමාණය 1x 90 = 90
    ද.අප්‍රිකාවේ මුළු ලකුණු 3988 ට ලකුණු 30+ එකතු වන අතර ඕස්ට්‍රේලියාවේ 4314 ලකුණු වලින් 90 ක් අඩු වේ..
    එම අගය ඔවුන අවසන් වසර 4 ක්‍රීඩා කල තරග වලින් බෙදු විට ඔවුන්ගේ rating එක ලබා ගත හැක. (අවසන් වසර 4 යනු තරගය අවසන් වූ දින සිට වසර හතරක් පිටුපසට ඇති තරග නිසා නිශ්චිත තරග ප්‍රමාණයක් කිව නොහැක)


    + අද වන විට (14-02-2014) ශේණිගත කිරීමේ පළමු ස්ථානය ද.අප්‍රිකාවට හිමි වී තිබේ. rating points 134 ක්.
    + අංක 1 ස්ථානය සදහා නවසිලන්තය , බංගලාදේශය සහ සිම්බාබ්වේ හැර අනෙක් සියලු රටවල් පැමිණ තිබේ.
    + වැඩිම කාලයක් අංක 1 ස්ථානයේ රැදී සිටි කණ්ඩායම ඔස්ට්‍රේලියාව වන අතර එය මස 74 ක් වේ. (2003 ජුනි - 2009අගෝස්තු)
    + අඩුම කාලයක් අංක 1 ස්ථානයේ රැදී සිටි කණ්ඩායම ද.අප්‍රිකාව වන අතර එය දින 22 ක් වේ. (2001 අගෝස්තු - 2001 අගෝස්තු)
    + වැඩිම වාර ගණනක් අංක 1 ස්ථානයට පැමිණි කණ්ඩායම ඔස්ට්‍රේලියාව වේ. එය 14 වතාවක් . දෙවන තැන බ.ඉ.කොදෙව් 7 වතාවක් සහ තෙවන තැන එංගලන්තය 6 වතාවක්.
    + අඩුම වාර ගණනක් අංක 1 ස්ථානයට පැමිණි කණ්ඩායම ශ්‍රී ලංකාව සහ පකිස්ථානය වන අතර එය 1 බැගින් වේ.
    + වැඩිම rating ප්‍රමාණයත් ලබා ගත කණ්ඩායම වනුයේ ඔස්ට්‍රේලියාව . rating points 143 ක්







    Coming Soon :
    ICC ODI Team Ranking
    ICC T20 Team ranking
    ICC Players Ranking
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    good post australiawa south africa ekka match eka dagena tiyenne ranking walin udata enna unta ona no 1 wennna ,apita test match denne naha un eka match ekak iwara wenakota tawa 1k patan gannawa
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    good post australiawa south africa ekka match eka dagena tiyenne ranking walin udata enna unta ona no 1 wennna ,apita test match denne naha un eka match ekak iwara wenakota tawa 1k patan gannawa

    Api ODI gahanawa wage un test gahanne :angry: