පරමාර්ථය නම් උතුම් මචන්.
මොන තරම් අසරණයිද ඒ කෙල්ල දැන්.
එයාගෙ අම්මට මොන දුකක් ඇතිද..
උඹට මේ වෙනකොට කෙල්ලෙක් නැති නම්, ගෙවල් වලිනුත් කැමති නම්, උඹ ඒ කෙල්ල ගැන විස්තර දන්නවත් නම්, ඔය සිද්ධිය කිසිම විදියකින් ඔයාගෙ ඉදිරි හා ගත කරපු ජීවිතේට ප්රශ්ණයක් වෙන එකක් නෑ කියල හිතනව නම්..,
හොඳට හිතල මතක ඒ කෙල්ලව උඹේ කරගනින් මචන්.
මටත් හරියට මේක හිතටම වැදුන.
කරපු උන්ට නම් ඕකට විපාක අනිවාර්යෙන්ම ලැබෙනව.![]()
අහිංසක කෙල්ලෙක් නම් විපාක දරුණු වෙයි.
පවු දෙයියනේ මට නම් හිතාගන්නවත් බෑ මේ වගේ දේකට මූණදුන්නාම කෙල්ලයි එයාගෙ අම්මයි මොන හිත වේදනාවක් විඳිනව ඇතිද.. මචන් උඹ හොඳට තීරණය කරල ඔක්කොමම කරුණු සලකල බලපුවාම තමන්ගෙ හිතින් තාමත් උඹට කියන්නෙ ඒ කෙල්ලව බඳින්න කියල නම්,
උඹ ඒක කරහන්.
හැබැයි ඉන් පස්සෙ උඹේ අම්මල තාත්තල, නෑදෑයො, පවුලෙ වැඩිමල් අය උඹට එක එක දේවල් කියාවි පවුල් ප්රශ්ණ ආවම.
උඹ කොයිම ප්රශ්ණෙකදිවත් අර කෙල්ලට මතක් කරන්න එපා "ඔයාට මෙහෙම එකක් වුනේ නැති නම් මම ඔයාව බඳින්නෙ නෑ, ඒ නිසයි මේ ඔක්කොම" කියල.
හැම වෙලේම කෙල්ලගෙ පැත්ත අරන් හිත හැදෙන්න හරි කතා කරහන්.
සමහරවිට ඉදිරියෙදි කෙල්ල නිසා උඹට ගොඩක් හිත් වේදනා එයි. උඹල දෙන්නට දරුවො ලැබුනාමත් දරුවන්ටත් මේ සිද්ධිය සමහරවිට කොහෙන් කොහෙන් හරි ආරංචි වෙයි.
ගමේ උන් හරි කියාවි.
බැඳල වෙනමම හිටහල්ල,
වෙනමම පලාතක හරි.
ඔය වගේ දෙයක් "නටන" ගෑණු ළමයෙක්ට වුනා නම් ඒක ඒ තරම් දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්, ටික කාලෙකින් අමතක වෙලා කිසි දෙයක් වුනේ නෑ වගේ හිතට දැනෙයි එහෙම කෙනෙක්ගෙ නම්.![]()
ඒත් හොඳ චරිතයක් තියෙන කෙල්ලෙක්ට ඔහොම දෙයක් වුනාම ඒක ඒ කෙල්ලට හිතට හරි වදයක් වෙන්න පුළුවන් බොහෝ විට සෑහෙන කාලයක් යනකම්.
ඔක්කොම කරුණු කාරණා සලකල බලද්දි හිතට එකඟව වැනෙන්නෙ නැතුව එක තීරණයක් උඹට උඹේ හිතින් ම ලැබෙයි.
ස්ථිරව ජීවිත කාලෙ පුරාවටම ඒ තීරණයෙ හරි ඉන්න පුළුවන් නම්, අඩු ගානෙ වෙන මොන දේවල් හිතුනත් කලින් ම ගත්ත තීරණය මෝඩ තීරණයක් කියල නොහිතෙයි කියල හිතනව නම්.., උඹ ඉක්මනටම ඒ තීරණය ගන්න බය වෙන්න එපා.
කෙල්ල ගැන දැන් දුක හිතුන, අනුකම්පා හිතුන වගේ නෙවෙයි උඹේ හිතත් කල් යද්දි වෙනස් වෙනව.
ඒ නිසා වැනෙන තීරණයක නම් ඉන්නෙ තාමත්, බඳිනව කියන එක අවදානමක්.
හොඳට හිතල තීරණයක් ගනින්.
මොනව වුනත් මේ පාපකර්මය කරපු උන්ට නම් කවදාහරි මේව ඵලදේවි.![]()
විනාඩි 10ක 20ක තාවකාලික සතුටකට කෙල්ලෙක්ගෙයි එයාගෙ අම්මගෙයි මුළු ජීවිතේම නාස්ති වෙන තරම් දෙයක් කරපු උන්ට නම් සතුටෙන් ජීවත් වෙනව කියල එකක් නම් වෙන්න බෑ.
මේ ජීවිතේදි නැතත් කවදහරි ඕවට රිටන් ලැබෙයි.
උඹ මේ අදහස ක්රියාත්මක නොකලත් මචන් මෙහෙම හිතුන එකත් හරිම වටිනව.
මොකද ගොඩක් උන් බලන්නෙ අමාරුවෙ දාන්න මිසක් අමාරුවෙ වැටුන කෙනෙක්ව බේරගන්න නෙවෙයි.

මචන්,
කෙල්ලෙක් බඳිනව නම් බඳින්න ඕනෙ ඒ කෙල්ලගෙ ගතිගුණ හොඳ ද, උඹට ගැලපෙනවද කියලා බලලා. ඒ කෙල්ලට අනුකම්පාවක් හිතෙන හින්දා නෙමෙයි.
උඹ කියන විදියට උඹ ඔය කෙල්ලත් එක්ක කලින් කතා කරලත් නැත්තම්, කෙල්ලට කලින් විශේෂ කැමැත්තක් තිබුනෙත් නැත්තම් උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේද කියන එක ප්රශ්නයක් නේද?
කෙල්ලව බඳිනවද නැද්ද කියන තීරනයට ඔය සිද්ධිය කිසි විදියකින් බලපාන්න හොඳ නැහැ.
මට නම් හිතෙන්නෙ උඹට ඔය කෙල්ලව බඳින්න හිතෙන්නෙ උඹේ හිත හොඳකමට ඒ කෙල්ලට වෙච්ච අසාධාරනේට උඹේ හිත උඹට විසඳුමක් දෙන්න කියන හින්දා.
කලින් කතා කරලවත් නැති කෙල්ලෙක් ව බඳින එක ගැන හිතන්න එපා. කෙල්ලට කැමතියි නම් කෙල්ල එක්ක යාලු වෙලා පස්සෙ තීරනයක් ගන්න. හැබැයි මතක තියා ගන්න උඹට හොඳට පද අහන්න හම්බ වේවි යාලු වුනත් මිනිස්සුන්ගෙන්, අහිංසක කෙල්ල අසරණ වෙලා ඉන්න වෙලාවෙ දැලේ දා ගන්න හදනවා කියලා. ඒ කෙල්ල උනත් එහෙම හිතන්න පුලුවන්.
තව අවුරුදු 10 කින් ඒ කෙල්ල උඹට ගෑස් දානකොට එහෙම (ගෑනු ගෑස් නොදා ඉන්නේ නෑ බං) උඹට පොඩ්ඩකටවත් හිතෙන්න බෑ යකෝ මොකෙක්වත් බාර ගන්නෙ නැති මේකි ගොඩ ගත්ත මට කියන දේවල් කියල.
කැමති නම් බඳින්න. අනුකම්පාවට බඳින්න එපා. ඔය දෙන්නටම ඒකෙන් අයහපතක් මිසක් යහපතක් වෙන්නෙ නෑ.

තව හොඳට හිතල තීරණයක් ගනින් මචං...
පරමාර්ථය නම් උතුම් මචන්.
මොන තරම් අසරණයිද ඒ කෙල්ල දැන්.
එයාගෙ අම්මට මොන දුකක් ඇතිද..
පවු දෙයියනේ මට නම් හිතාගන්නවත් බෑ මේ වගේ දේකට මූණදුන්නාම කෙල්ලයි එයාගෙ අම්මයි මොන හිත වේදනාවක් විඳිනව ඇතිද.. මචන් උඹ හොඳට තීරණය කරල ඔක්කොමම කරුණු සලකල බලපුවාම තමන්ගෙ හිතින් තාමත් උඹට කියන්නෙ ඒ කෙල්ලව බඳින්න කියල නම්,
හැම වෙලේම කෙල්ලගෙ පැත්ත අරන් හිත හැදෙන්න හරි කතා කරහන්.
ගමේ උන් හරි කියාවි.
කෙල්ල ගැන දැන් දුක හිතුන, අනුකම්පා හිතුන වගේ නෙවෙයි උඹේ හිතත් කල් යද්දි වෙනස් වෙනව.
ඒ නිසා වැනෙන තීරණයක නම් ඉන්නෙ තාමත්, බඳිනව කියන එක 
) උඹට පොඩ්ඩකටවත් හිතෙන්න බෑ යකෝ මොකෙක්වත් බාර ගන්නෙ නැති මේකි ගොඩ ගත්ත මට කියන දේවල් කියල. 


