ඔයාගේ attitude අනුව තමා.
campus එකේ අපේ බැච් එකේ batch rep දුන්නේ OL කරල ආපු මල්ලි කෙනෙක්ට. AL experience නැති එක එයාට ලොකු අව්ලක් උනා. People skills, teamwork, management වගේ දේවල් අව්ල්. පස්සේ මුළු batch එකටම එපා කරපු චරිතයක් උනා. මොකද campus එකේදී අපිට ලංකාව වටෙන්ම එක එක සමාජ මට්ටම් වල ඉන්න එක එක වයස් වල අයත් එක්ක ඉන්න තියෙන්නේ.
AL කරපු නැති කීප දෙනෙක් හිටිය නිසා AL කරපු /කරපු නැති වෙනස අපිට හොඳටම පෙනුන (හැමෝම එහෙමත් නෑ)
මම AL කරලා ගත්ත experience එක ජීවිතේට වටිනවා කියල හිතනවා. මොකද OL වෙනකන් මම සාමන්යෙන් පන්තියේ හොඳට වැඩ කරපු, බාහිර වැඩ කරපු නැති කෙනක්. AL වලදී ගොඩක් society වැඩ කරා. එකෙන් ලොකු experience එකක් ගත්ත (teamwork, planning, speaking english without worry, dealing with businesses because we wanted sponsorships, talking with people, crisis management and a lot more, and found few friends for life)
මාත් IT field එකේ. මම Interviews කරන නිසා කියන්න පුළුවන් AL කරාද නැද්ද කියන එක ඇත්තටම job එකට බැලෙන්නේ නෑ. CV එකේ education section එක කියෙව්වට අපි ඒක ගණන් ගන්නේ නෑ. IT field එකේ බලන්නේ ඔයාගේ skills. නැතුව AL pass කියන එක අපිට වැඩක් නෑ. මම වැඩ කරල තියෙනවා එහෙම AL නොකර IIT එකෙන්ම graduate වෙලා ආපු අය එක්ක. AL කරේ නැතත් සුපිරි චරිත ඉන්නව. අවුල් අයත් ඉන්නව.
ඒ වගේම කියන්න ඕනේ generally IIT හොඳයි. මම වැඩ කරපු companies වල තියෙන idea එක ඒක(from midlevel companies to most popular IT companies in SL) SLIIT එකටත් ඒ වගේම recognition එකක් තියෙනවා. gov campus විතරයි හොඳ කියන idea එක දැන් industry එකේ ගොඩාක් අඩුයි.
තව දෙයක් මම AL maths කරේ. ඔයා ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් maths කරනකොට ඇත්තටම හිතන විදියේ වෙනසක් එනවා. වෙනස්ම විදියකට ලෝකේ දිහා බලන්න පුලුවන්. වෙනත් streams වලිනුත් මන් හිතනවා කෙනෙක්ට පරිනත විදියට හිතන්න පුරුදු කරනවා කියල. (මේක මගේ opinion එක)
හැබැයි ඒ ඉගෙන ගත්තු දේවල් බොහොම අඩු ප්රමාණයක් තමයි AL වලින් පස්සේ use කරේ. (in computer science you get few maths modules. previous maths knowledge is helpful but anyone can learn these)
ජීවිතෙන් කාලයක් ඉතුරු කරගන්න ලැබෙනවා කියන එකත් ඇත්ත. අපිට වඩා ටිකක් බාල අය අපිත් එක්කම වැඩ කරන්න එනව. එයාලගේ ජිවිත වලට හොඳයි කියල හිතනවා. මොකද ටික ටික වයසට යද්දී තමා තේරෙන්නෙ ඇත්තටම අපිට කොයි තරම් කෙටි කාලයක් ද තියෙන්නේ කියල (මට තාම 26. එත් කාලය යනවා දැනෙනවා)
හැබැයි එහෙමයි කියල මම AL කරලා කාලය නාස්ති කරා කියල හිතන්නෙත් නෑ.
මම AL කරන්න/කරන්න එපා කියල කිව්වේ නෑ මේ පොස්ට් එකේ. දෙපැත්තෙම හොඳ නරක තියෙනවා. මට මතක් උන experiences කිව්වේ. තිරණයක් ගන්න ඕන ඔයාම තමා.
ජය