Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    අනේ මන්ද මේ එළකිරියේ උන්ට මොනවා වෙලාද කියලා,
    @Download_Now මං වෙනුවෙන් හෝ කවුරු හෝ වෙනුවෙන් දාපු පොස්ට් එකක අනිත් එවුන් කනට ඇහෙන මොනවදෝ වගයක් දොඩවනව.

    මචංලා කරුණාකරලා මටනම් පෙන විදිහට ඌ මට නම් උදව්වක් කරන්න හැදුවේ.
    එක බලන් ඉන්න බැරි අනිත් හාල්පාරුවොන්ගේ කහනවද කොහේ හරි.
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    අනේ මන්ද මේ එළකිරියේ උන්ට මොනවා වෙලාද කියලා,
    @Download_Now මං වෙනුවෙන් හෝ කවුරු හෝ වෙනුවෙන් දාපු පොස්ට් එකක අනිත් එවුන් කනට ඇහෙන මොනවදෝ වගයක් දොඩවනව.

    මචංලා කරුණාකරලා මටනම් පෙන විදිහට ඌ මට නම් උදව්වක් කරන්න හැදුවේ.
    එක බලන් ඉන්න බැරි අනිත් හාල්පාරුවොන්ගේ කහනවද කොහේ හරි.

    ube salli labunada ? moko une dan ? lap ekak dunnada...dapn wistare
     

    Bandara Boss

    Banned
    Dec 16, 2016
    6
    2
    0
    ikman.lk ශ්‍රී ලංකා කළමණාකාරීත්වයේ කාරුණික අවධානය පිණිසයි.

    ikman.lk වෙබ් අඩවිය ලංකාවේ ආරම්භ වූයේ, classified.wow.lk වෙබ් අඩවිය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පැමිණි යුගයකයි. ව්‍යාපාරිකයින් වශයෙන් classified.wow.lk වෙබ් අඩවිය තුලින් අප ලබා ගත් සේවය මෙතෙකැයි කියා නිම කළ නොහැකියි. එබැවින් එම වටිනා වෙබ් අඩවිය ගැන මුලින් ම කෙටි සඳහනක් කිරීම යෝග්‍ය යැයි සිතමි. අප විසින් classified.wow.lk හි පල කරනු ලැබූ දැන්වීම් වලට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර එකල භාණ්ඩයක් අලෙවි කිරීම සහ මිළදී ගැනීම ඉතා පහසු කටයුත්තක් විය.
    ඔවුන් කිසිදු විටෙක දැන්වීමේ මාතෘකාවේ අකුරු ගණන සීමා කිරීමට උත්සාහ නොකළහ, කිසිදු විටෙක දැන්වීමක් ඔවුන්ට රිසි සේ අත්තනෝමතික ලෙස වෙනස් නොකළහ. ව්‍යාපාරිකයෙකු විසින් අලෙවි කරනු ලබන භාණ්ඩයක් ප්‍රවාහනය කිරීමේ ඒකාධිකාරය ඔවුන් වෙතට නතු කර ගැනීමට උත්සාහ නොකළහ. වෙළෙන්දාගේ දුරකථන අංකය සඟවමින් පාරිභෝගිකයන් තම වෙබ් අඩවිය වෙත සෘජුව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ නොකළහ. සත්‍ය වශයෙන් ම පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඔවුන් ඉටු කළේ අගනා මෙහෙයකි. ඔවුන් කිසිදු විටෙක මුදල් පසු පස හඹා නොගියහ.
    නමුත් එම වෙබ් අඩවියෙහි පළ කිරීමේ නිදහස ඇතැමුන් අයුතු ලෙස භාවිතා කළ බව නොරහසකි. එකම දැන්වීම දිගින් දිගටම පළ කිරීම, ව්‍යාජ දැන්වීම් පළ කිරීම, අන්‍යයන්ට හිරිහැර වන ආකාරයේ දැන්වීම් පළ කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. classified.wow.lk වෙබ් අඩවිය ඒ සම්බන්ධව ප්‍රමාණවත් නීති සම්පාදනය නොකිරීම ගැන ඇත්තේ යම් කණස්සල්ලකි. ඔවුන්ට දැන්වීම් වෙනුවෙන් යම් සාධාරණ ගාස්තු ක්‍රමයක් ඉදිරිපත් කරන්නට හැකියාව තිබියදීත් ඔවුන් එසේ නොකළේ ඒ සම්බන්ධව ඇති වූ උකටලී බවක් නිසා වන්නට ඇති සිතමි. කෙසේ වුවද කිනම් අඩු පාඩු තිබුන ද ඔවුන් ස්වේච්ඡාවෙන් ඉටු කළ මෙහෙය ගැන ගුණමකු නොවන සියල්ලන් ම කෘතඥ පූර්වක විය යුතුය.
    ikman.lk වෙබ් අඩවිය කළ එළි බසින්නේ මෙවැනි යුගයකයි. මෙම නව වෙබ් අඩවිය ගැන කිසිවෙකු තැකීමක් නොකළ අතර ඇතැමුන් වෙබ් අඩවියේ නම පවා වැරදි ආකාරයට උච්ඡාරණය කළහ. classified.wow.lk වෙබ් අඩවිය හා සම්බන්ධව සිටි ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් තම වෙබ් අඩවිය වෙත ආකර්ෂණය කර ගැනීමට බොහෝ වෙහෙසක් දරන්නට සිදු විය. දුරකථන ඇමතුම් ලබා දෙමින් තම වෙබ් අඩවියෙහි දැන්වීම් පල කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළහ.
    ක්‍රම ක්‍රමයෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර තම වෙබ් අඩවියෙහි නම ජනතා සිත්සතන් වෙත කාවද්දමින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැගීමට ikman.lk වෙබ් අඩවියට වැඩි කාලයක් ගත වූයේ නැත. පරිගණක හෝ අන්තර්ජාලය ගැන කිසිදු දැනුමක් නොමැති අයවලුන් පවා මෙම නව වෙබ් අඩවිය ගැන උනන්දු වූහ. පුවත්පත් දැන්වීම් බැලීමේ පුරුද්ද ක්‍රම ක්‍රමයෙන් හීන වන්නට වූ අතර ව්‍යාපාරික පාරිභෝගික යන දෙපාර්ශවයම ikman.lk වෙබ් අඩවියට රොක් වන්නට විය.
    classified.wow.lk වෙබ් අඩවියෙහි දැන්වීම් පළ කරනු ලැබූ ව්‍යාපාරිකයින් සියලු දෙනා ikman.lk වෙබ් අඩවිය වෙත ඇදී එන්නට වූහ. එය classified.wow.lk කඩාවැටීමට හේතු විය. (wow.lk අඩවියට සම්බන්ධ කළමනාකාරීත්වයේ වෙනස් වීම ද එම වෙබ් අඩවියෙහි බිඳ වැටීමට සෘජුව හේතු වූ බව ද නොකිව මනාය.) ikman.lk වෙබ් අඩවිය මුල් කාලයේදී දැන්වීම් පළ කරන්නන් වෙනුවෙන් ඉතා සාධාරණ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. දැන්වීම් වෙනුවෙන් සීමා පැනවීමක් හෝ මුදල් අය කිරීමක් සිදු කළේ නැත. මේ නිසා මෙම වෙබ් අඩවිය බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් විය. ජනතා ආකර්ෂණය වැඩි වන්නට වැඩි වන්නට ඔවුන්ගේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරනු ලැබූ ප්‍රචාරණය ද වැඩි විය. ඒ වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කළහ.
    ඒ සමගින් වෙබ් අඩවියෙහි නීති රෙගුලාසි ද එන්න එන්නටම වැඩි වන්නට විය. ඔවුන් පළමුව සිදු කළේ එකම දැන්වීම දිගින් දිගටම පළ කිරීමට තහංචි පැනවීමයි. (එය අගය කල යුතු කාරණයක් වේ.) දැන්වීම් මාතෘකාවේ අකුරු ගණන සීමා කළහ. සත්‍ය වශයෙන් ම මෙය නම් දැන්වීම් පළ කරන්නන්ට කළ මරු පහරක් විය. තම දැන්වීමේ අන්තර්ගතය අනෙකුත් තරගකාරී දැන්වීම් අතරින් හොවා දැක්වීමට තිබූ වඩාත් යෝග්‍ය ම ක්‍රමය වූයේ ආකර්ෂණීය දැන්වීම් මාතෘකාවයි. ඕනෑ ම දෙයක් සීමාවක් තිබිය යුතු වීම සැබෑවකි. නමුත් අසාධාරණ ලෙස සීමා කිරීම අනුමත කල නොහැක. ඔවුන් දැන්වීම් මාතෘකාවට ද සිදු කළේ එයයි. මාතෘකාව අකුරු 17කට සීමා කළහ.
    ඒ සමගින් දැන්වීම් පළ කරන්නන්ගෙන් මුදල් අය කිරීමට පටන් ගත්හ. මුල් කාලයේදී එය අසාධාරණ ගාස්තුවක් වීය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන් මුදල් පසු පස ම හඹා යෑමේ ප්‍රවණතාවය වැඩි වන්නට විය. ඔවුන් කරනු ලැබූ ආයෝජනය වෙනුවෙන් සාධාරණ ගාස්තුවක් ය කිරීම වරදක් නොවේ. නමුත් ඔවුන් ඉතා ගිජු ලෙස මුදල් පසු පස ම හඹා යන්නට විය. අද වන විට දැන්වීම් ගාස්තු දරා ගත නොහැකි ලෙස ඉහළ නංවා ඇත. දැන්වීම් පළ කරන්නන් වෙනුවෙන් යම් සාධාරණ ක්‍රමවේදයක් ඉටු කරමින් දැන්වීම් ගාස්තු ඉහළ නැන්වුව ද ඒ සම්බන්ධව අප්‍රසාදයක් ඇති නොවේ. එහෙත් තම පාරිභෝගිකයින් හට දැඩි පීඩනයක් එල්ල කරමින් ඔවුන් විසින් පළකරනු ලබන දැන්වීම් තමන්ට රිසි සේ අත්තනෝමතික ලෙස වෙනස් කරමින් කපා කොටා දමමින් තම බලය විදහා දැක්වීමක් සිදු කරති. භාණ්ඩ බෙදා හරිනු ලබන ක්‍රමවේදය තම දැන්වීම හරහා පාරිභෝගිකයින් දැනුවත් කිරීම සපුරා තහනම් වේ. අලෙවි කරනු ලබන භාණ්ඩය සම්බන්ධව ඇති වගකීම ඊට අදාළ පින්තූරයෙහි සඳහන් කිරීම සපුරා තහනම් වේ. ඔවුන් මෙවැනි දෑ කරනු ලබන්නේ කිනම් අරමුණකින් ද යන්න තවමත් පැහැදිලි නැත.
    මෙම අත්තනෝමතික නීති රෙගුලාසි හමුවේ අලෙවිකරුවන් මෙන් ම ගැණුම්කරුවන්ද අසරණ භාවයට පත් වී ඇත. ඔවුන්ට අන් විකල්පයක් ද නැත. නමුත් විකල්පයක් නැතැයි කණස්සල්ලට පත් වෙමින් පසු බැසීමේ පුරුද්දක්ද ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට නොමැත.
    කෙසේ වුවද දැන් නම් බොහෝ දෙනෙකුගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් ඇත. ඒ ikman.lk වෙබ් අඩවිය ආසන්නවම සිදු කරනු ලැබූ ජුගුබ්සාජනක ක්‍රියාවක් නිසාවෙනි. එනම්, දැන්වීම් පල කරන්නාගේ ඇමතුම් අංකය සඟවා දමමින් දැන්වීම් පළ කිරීමයි. ඇමතුම් අංකයක් නොමැතිව පළ කරනු ලබන දැන්වීමක පලක් නැත. නමුත් එය ikman.lk වෙබ් අඩවියෙහි කළමණාකාරීත්වයට අදාළ නොවේ. ඔවුන් උත්සාහ කරනු ලබන්නේ Buy Now බෙදා හැරීමේ ක්‍රමවේදය ඔස්සේ ගැණුම්කරුවන් තමා වෙත නතු කර ගැනීමටයි.
    නමුත් මෙම ක්‍රියාව සියලුම අලෙවිකරුවන්ගේ සහ ගැණුම්කරුවන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇත.
    දැන් දැන් ikman.lk වෙබ් අඩවියට මෙම අදූරදර්ශී ක්‍රියාවලියේ ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වී ඇත.
    බොහෝ දැන්වීම්කරුවන් ikman.lk වෙබ් අඩවියෙහි දැන්වීම් පළ කිරීම සම්පූර්ණයෙන් ම නවතා දමා ඇත.
    නවත ම ආකර්ෂණීය දැන්වීම් වෙබ් අඩවි ප්‍රවර්ධනය වෙමින් පවතී. නිදා සිටි Hitad.lk වැනි වෙබ් අඩවි දෑස් අරින්නට පටන් අරන් තිබේ. පුවත්පත් දැන්වීම් කෙරෙහිද ජනතා ආකර්ෂණය වැඩි වෙමින් පවතී. Facebook වැනි සමාජ ජාලා වෙබ් අඩවි හරහා කරනු ලබන ප්‍රචාරණයන් සහ Google, Yahoo වැනි සෙවුම් යන්ත්‍ර වෙබ් අඩවි ඔස්සේ කරනු ලබන ප්‍රචාරණයන් වෙත ජනතා ආකර්ෂණය පෙර නොවිරූ ලෙස වර්ධනය වෙමින් පවතී.
    ikman.lk වෙබ් අඩවිය තව දුරටත් අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නේ නම් නිසැක වශයෙන් ම එය ඔවුන්ගේ බිඳ වැටීමේ ආරම්භය බව අවධාරණය කල යුතුය. දැන් දැන් එය ඔවුන්ටද දැනෙන්නට පටන් ගෙන ඇත. ඉදිරියටත් මේ ආකාරයෙන් ම ඔවුන්ගේ වෙබ් අඩවිය පරිහානියට පත් වනු ඇත. එසේ වන්නට යැයි අප නොපතන්නෙමු. නමුත් සියල්ල තීරණය කරන්නේ රටේ ජනතාව වන බව අමතක නොකළ යුතුය.
    නමුත්, ikman.lk කළමණාකාරීත්වය තවමත් ප්‍රමාද නැත. ගිලෙන්නට යන නෞකාව බේරා ගැනීමට කළ හැකි තවත් බොහෝ දේ ඉතිරිව ඇත. ඔවුන්ගේ පරිහානිය වළක්වා ගැනීම වෙනුවෙන් ඔවුන් පියවරෙන් පියවර තම අත්තනෝමතික නීති රෙගුලාසි ලිහිල් කළ යුතුය. එහි අදහස වංචාකාරී වෙළෙන්දන්ට කරණම් ගැසීමට තෝතැන්නක් සාදා දිය යුතුය යන්න නොවේ.
    මුදල් පසු පසම හඹා යෑමේ ක්‍රමවේදය වෙනස් කිරීමට කාලය එළඹ ඇත. මුදල් සෙවිය යුතුය. එමෙන් ම සේවයක් ද සිදු විය යුතුය. ikman.lk උගත් කළමණාකාරීත්වයට මෙය අවබෝධ කර ගැනීම අසීරු නොවනු ඇතැයි සිතමි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ikman.lk ශ්‍රී ලංකා කළමණාකාරීත්වයේ කාරුණික අවධානය පිණිසයි.

    ......

    පිස්සුද යකෝ තොට මේක bump කරන්ඩ. දැන් ඉතින් ඉන්ඩ හම්බෙන්නේ නෑ