මම හිතාගෙන ඉන්නවා මේන්නම් මේ spec එකේ (Apple iMac MD093LL/A - Intel Core I5-3330s) iMac එකක් ගන්න. මට මේක ලංකාවෙන් ගන්න පුලුවන් තැනක් කියනවද? බජට් එක 1.20ක් වගේ, නැත්නම් ebay or Amazon ගන්න එකද හොද? ඒත Amazon ලංකාවට සපොට් නෑ. ebay එකේ තියෙන ඒවත් shipping cost එක වැඩි. International ගන්නවනම් custom එකේ රස්තියාදු වෙන්නේ නැතිව කෙලින්ම බඩු ගෙදරටම එන විදියක් දන්නව නම් කියන්න.