මගේ අදහස ඔව් සුදුසුයි.හැම රජයේ පාසලම හොදද? නැනේ! ඒ වගේ තමයි ඉන්ටනැෂනල් ස්කුල් වලත් හොද හා නරක ඒවා තියනවා. නමුත් හොදම තේරිම කරන්න පුලුවන්. ලමයෙක්ට ලැබෙන බෙනෆිට්ස් වැඩියි සාපෙක්ෂව. මේක මම පැහැදිලි කරන්නම්.
අංක එකටම මුදල් වියදම් කරන්න හැකියාව තියෙන්න ඕනා. අනික හොදට බලලා හොද ස්කුල් එකක් තොරගන්න ඕනා. එකම පාසල් ජාලයේ උනත් හොද නැති බ්‍රාන්චස් තියනවා ඒ නිසා හොදම එක බලන්න.
සිංහල දන්නැති එකෙක් බිහිවෙනවා කියන්නේ බොරු. දෙමාපියන් ගේ වැරැද්ද ඒක. ස්කුල් වල තියනවා කරිකියුලම් අනුව ඒ ලමයාට සිංහල සුදුසු අධ්‍යපනය දෙන්න දෙමාපියන්ට බලපැම් කරන්නන පුලුවන්. බොරුවට ලෝකයට පෙන්න ක්ලාස් එක මේන්ටෙන් කරන්න ඉන්ටනැෂනල් දාන දෙමාපියන්. ගෙදරින් තමා ලමයෙක් හැදෙන්නෙත් නැසෙන්නෙත්. දෙමාපියන් පොත් කියවනවානම් සංගිතයට ආගමට ලැදිනම් අම්මයි තාත්තයි එකමුතුනම් ඒ ලක්ෂන නිරායාසයෙන්ම එනවා ලමයාට. මම හැඩල් කරපු වීවිධ මානසික හා වෝහාරික සබැදි ගැටලු ගනානවකදි තේරුනේ ලමයි නොමග යන් ප්‍රදාන හේතුව ගෙදර කියලා. ගෙදර පාලනය හිට්ලර් වගේ දරදඩුකරලාවත් , සිරිසේන වගේ පතෝල පාලනයකින් වත් ලමයි හදන්න බැ. ඒකට ඕනා සමබල පාලනයක්. මාලුවෙක්ට පිනන්න කියලා දෙන්න ඕනා නැ. නමුත් මාලුවට නිදහස දුන්නොත් වැඩි දුරක් යන්නෙත් නැ
ඇකඩමික් අතින් ඉංග්‍රිසි හැදෙන එක වටිනවා. ඒ වගේම අඩු වයසකදි සා.පෙල.උ පෙල. කරන්න ලැබෙනවා. මේ නිසා කලින්ම ඩිග්‍රිය කරන්න පුලුවන්. සමහර වෙලාවට ලෝකල් කරලා කැම්පස් යන්න ඇඩ්මිෂන් එද්දි එන්ටනැෂනල් අය ඩිග්‍රිය කරලා ඉවර වෙන අවසථා තියනවා. උදාහරන ලෙස පිටරට යන ලංකාවේ ලමයි අවුරුදු 23න් මෙසිඩින් ඩිග්‍රිය කම්ප්ලිට් කරනවා මම දැකලා තියනවා. කරියර් එකේ ඒක ලොකු ඇචිව්මන්ට් එකක්. වයසත් ඉතිරි වෙනවා pg එකක් ගානට කරගන්න. දෙමාපියන්ටත් සැහැල්ලුයි.
මිශ්‍ර පාසල් නිසා හොද සමාජ දැනුමක් ලැබෙනවා.
රජයේ පාසල් වලට වඩා තව ඔපචුනිටිස් ලැබෙනවා. උදාහරන ලෙස සමහර ක්ලබ් වලින් ඉන්ටනැෂනල් ලෙවල් එකේ ප්‍රොජෙක්ට් කරන්න ඉඩ ලැබෙනවා. ඒවා ලොකු අත්දැකිම් ලමයින්ට. ක්‍රිඩාව අනිවාර්ය කරලා නිසා කයටත් හොදයි.
හොද නරක ඕනා තැනක තියනවා.රජයේ වු පමනින් හොද හෝ ඉන්ටනැෂනල් උ පමනින් නරක් වෙන්නැ. අපි බුද්ධිමත් ලෙස දැනගන්න ඕනා ලමයා මෙහෙයවන්න. නුතන ලෝකයේ දෙමාපියො දැනුවත් නැතතම්, කරුනාකරලා පුරුදු සිස්ටටම් එකටම යනවානම් හොදයි.
මතක තියාගන්න, නුතන අවකාශය මත බිහිවෙන ලමයි දැනුවත් වගේම තාර්කිකයි. ඔවුන්ට අපිට තිබ්බාට වඩා ඉගෙන ගන්න දැනුම ගන්න ලැබෙන අවකාශ වැඩියි.