කොල්ලො මොන දේ කෙරුවත් කැපවීම ඔනේ. මහන්සි වෙලා වැඩ කෙරුවොත් අසාර්ඨක වෙන ප්රතිශතය ගොඩාක් අඩුයි.ලොකු කැපිටල් එකක් නැති කෙනක් ට කරන්න පුළුවන් investment මොනවද?
- ඉඩම් ගෙවල් ගන්න බෑ. එච්චර කැපිටල් එකක් නෑ [හිතන්න ලක්ෂ 5ක් වගේ තමා තියෙන්නේ]
- Stock market කරන්න බෑ : බැහැල කරන්න time එකක් නෑ සහ දැනුම /experience නෑ
- වාහන ගන්න බෑ. දැන් කොහොමත් බෑ නේ
මේවගේ කෙනෙක් ට මොනවද තියන investment options?
- Unit Funds මේදවස් වල growth එක වැඩක්ම නෑ.
- FD ගැන කතා කරලා වැඩක් නෑ
- Insurance based investment plan වාසියක් නෑ මොකද, එකේ වාසිය ගන්න හැමදාම premium pay කරන්න පුළුවන් වෙන්න ඕන. job එක නැති උනොත් sorry
දැන් මොනවද තියන option?
මේ දවස් වල ඒ බජට් එකට කරන්න පුලුවන් බිස්නස් ටිකක් මෙන්න.
1) පරණ වාහන කටුවක් දෙකක් අරගෙන පොඩ්ඩක් මොඩිෆයි කරලා විකුණන්න.
2) කොටුව, මරදාන පැත්තෙ ටිකක් ඇවිදින්න. ටවල්, බෙඩ්ශීට්, ට් ශර්ට් ටිකක් අරගෙන මුලින් පවුලේ කට්ටියටයි, යාලුවන්ටයි විකුණ්න්න. පස්සෙ පස්සෙ ෆෙස්බූක් දාලා අලුත් කස්ටමර්ලා ටිකක් අල්ල ගන්න.
3)Buying & Selling කරන්න. මුලින්ම Wholeseller ලාගෙ Facebook පෙජ් ටිකක් බලන්න. ඊට පස්සෙ මේවා මිටර් එකේ තියා ගන්න. ඊට පස්සෙ Facebook page එකක් හදලා producs & photos ටිකක් එහෙම දාලා තියන්න. Orders ආවාම අතනින් අරන් customerට දෙන්න
4). Wholesale spices අරගෙන පැකට් කරලා විකුණන්න

