oya page eka lankawe anduwen block karala akai.
ටෝර් (Tor) පැල්පිටගේ කලිසම ගලවයි!
![]()
ඇතැම් රටවල ආණ්ඩු පුවත් වෙබ් අඩවි වලට පිවිසීමට බාධා ඇති කිරීමට කටයුතු කර ඇතත්, වෙනත් 'ක්‍රම සහ විදි' හරහා එම බාධා කල හෝ තහනම් කල වෙබ් අඩවි වලට පිවිසීමට පාඨකයින් යොමුව ඇති බැවින් විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටගේ කර්තව්‍ය අසාර්ථක වී ඇති බව පෙනේ.
ටෝර් (Tor) සහා හයිඩ් මයි ඈස් (http://www.hidemyass.com/proxy/) වැනි ප්‍රොක්සි වෙබ් අඩවි හරහා එලෙස වාරණය කල වෙබ් අඩවි වලට පිවිසීමට බොහෝ පාඨකයින් වැඩි නැඹුරුවක් දක්වනු ලබයි.
මේවන විට ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ද නොගොස් බාධා කරන ලද වෙබ් අඩවි සඳහා පිවිසීමට හැකි මාර්ගයන් ප්‍රචලිතව ඇත.
ටෝර් ඒ අතරින් ජනප්‍රිය එකකි. මෙය ෆයර් ෆොක්ස්, ගූගල් ක්‍රොම් වැනි ම තවත් බ්‍රවුසරයකි.
මේ මෘදුකාංගය නිපදවීම, වැඩිදියුණු කිරීම සිදුකර ඇත්තේ ඇමරිකානු නාවුක පර්යේෂනාගාරයේ ඔනියන් රවුටිං ප්‍රොජෙක්ට් හි (onion routing project of the U.S. Naval Research Laboratory) තුන්වැනි පරම්පරාවේ වැඩක් ලෙසය.
එය ඇමරිකානු නාවුක හමුදාව සංවර්ධනය කරනු ලැබුවේ රාජ්‍ය සංනිවේදනයේ ආරක්ෂාව සඳහාය.
වර්තමානයේ එය සාමාන්‍ය ජනතාව අතර මෙන්ම හමුදා, මාධ්‍යවේදීන්, නීතිවේදීන් හා සමාජ ක්‍රියාධරයන් වැනි විවිධ පුද්ගලයන් විසින් භාවිතා කරනු ලබයි.
අදාල මෘදුකාංගය මගින් තමා භාවිතා කරනු ලබන IP ලිපිනය සැඟවීම ද සිදුකරනු ලබන බව එහි නිමැවුම් කරුවෝ සඳහන් කරති.
මෙය බොහෝ විට තනි පුද්ගලයන් භාවිතා කරනු ලබන්නේ සිය අන්තර්ජාල සේවාවන් සපයනු ලබන සමාගම් විසින් පුවත් වෙබ් අඩවි සඳහා ඇතුල්වීමට බාධා පැමිණවන ලද අවස්ථාවන් වලදීය.
එසේම සමාජීය වශයෙන් සංවේදී මාතෘකා සන්නිවේදනය සඳහා ද ටෝර් භාවිතා කරනු ලැබේ. උදාහරණ වශයෙන් ලිංගික අපයෝජනයට පත්වූවන්ට හෝ රෝගීන් සඳහා වූ වෙබ් ෆෝරම් හෝ චැට් රූම් සඳහා එසේ භාවිතා කරන බව නිෂ්පාදකයෝ කියති.
මෙම https://www.torproject.org/download/download-easy.html.en, ලින්ක් එක හරහා ටෝර් (Tor)බාගත කරගත හැකිය.
පහත අයුරින් එය ඔබේ පරිගණකයට ඇතුළු කර ගැනීමෙන් පසුව ඔබට බාධාකර ඇති වෙබ් අඩවි බාධාවකින් තොරව නැරඹිය හැකිය.
https://www.torproject.org/projects/torbrowser.html.en#windows ටෝර් ඔබේ පරිඝණකයට ඇතුල්කර ගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් නැරඹිය හැකිය.
palpitata chu yanna athi

& drugs
thamai ..

eka nisa uba use krnwanam deep web ubath fake wenna one ube kisima pvt details thiyaganna epa

flash බ්ලොක් කරල video බලන්නෙ කොහොමද? 
