Iraj and Modern music industry in SL

IRAJ CREW

Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    .::Music වීඩියෝවේ වාසි!::.

    දැන් බලන්න ලංකාවේ පොඩි එකාගේ ඉදන් ලිංගිකත්වය හංගලා...දැන් ඉස්කෝල වල ඒ පාඩම අත හරිනවා...බල්ලෙක් සංසර්ගයේ යෙදෙනවා දැකලා තමාගේ දරුවා ඒ මොකද කරන්නේ අම්මේ කියලා අහපුවහම ඒක තේරුම් කරලා දෙන්න ලංකාවේ මිනිස්සු දියුණු නැහැ...ඉතින් ළමයි ඔහොම පීඩනයෙන් තමා ලොකු වෙන්නේ ඊට පස්සේ කෙල්ලෙක් කොටට ඇදලා ගියත් ඉවරයි, අන්තිමට මුන් රුම් යනවා පීඩනයන් නැති කර ගන්න වැරදි වැඩ ගොඩක් කරනවා...ඒ නිසා ලංකාවේ මෙහෙම මියුසික් විදියෝවෙන් පටන් අරන් ලින්ගිකත්වයට වැටිලා තියෙන දොර ගුළු අරින එක හොදයි!!..දැන්ම මේකේ ප්‍රතිපල එන්නේ නැහැ..දැන් විකුර්ති මනසින් හිටපු එවුන් මේවා දැක්කම යකා නටනවා..ඒත් අලුතින් එනේ පර පුර ටික ටික වෙනස් වෙනවා...අන්තිමට ලංකාවට මැජික් වෙච්ච ලිංගිකත්වය සාමාන්‍ය වෙන්න පටන් ගන්නවා!!මේකෙන් වඩා වාසි වෙන්නේ ඔබේ ඉරිදී පරම පරාවටම තමා!

    :love:
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,274
    113
    හඳේ ...
    වික්ටර් තරුණ කෙල්ලෙක් බැන්දා/මු අපේ සංස්කෘතිය කෑවා...ලොකු ළමයි ඉන්න තාත්තෙක් නේද කියා කියා පොරට මඩ ගගහා ඒවා හැම තැනම රස කර කර ෂෙයාර් කරපු උන් දැන් ඇවිත් වැදි බණ කියනවා...එතකොට වික්ටර් චාටර් බඩු කාරයා!!උගේ සින්දු අයේ නම් එපා ඊයා!!දැන් ඉරාජ් වීඩියෝ එකක් ගැහුවහම ඒක වැරදි උනා...වික්ටර් හොද උනා...විකටර්ගේ ජීවිතේට මඩ ගැහුවලු!!ලොල් පුදුම සිංහලු බන් උබලා!:lol:

    .::IRAJ CREW::.:love:

    යකෝ ලස්සනට replies ටික කියවන් ආවා අන්තිම වෙනකන්. තෝ ඒ ආතල් එකත් කෑවා
    :angry::angry: මෙතන කතා කරලා තියෙන පරණ ගායකයන්ගේ සින්දු වල title එකක් දැක්කත් මාරම හැගීමක් එන්නේ. (යකෝ scl කාලේ love එකත් මතක් උනා. :rolleyes::rolleyes::rolleyes:) තෝ කෑවා බන් ආතල් එක. අනේ පලයන් මචන් තරහ නෑ. මෙතනට උඹ ගැලපෙන්නේ නෑ මන් හිතන්නේ :yes::yes::yes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අනෙ ,මන්ද බන් වික්ටර් උබල ඔය හිත්න තරම් සන්ගිත ක්ශෙත්‍රයෙ පොරක්ද....
    වික්ටර් ගෙ අහන්න තරම් ලස්සන සින්දු තියනවද

    මට නම් මෙලො රහක් නෑ බන්..... එ සින්දු.....
    කිසිම රසයක් මිහිරක් තියන බවක් මට නම් පෙන්නෙ නෑ....
    අනික ඉරජ් එක්ක ගත්තාම වික්ටර් මොනද බන් සන්ගීතෙට කරෙ....
    අපෙ තරුන පරම්පාරව ට රස විදින්න දෙයක් දුන්නද ඔය ප්‍රවීන කියගන්න කලකරයො

    එක සින්දුවක් කියහන් හොද ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන වික්ටර් ගෙ අහන්න පුලුවන්....

    තියෙන්නෙ ඔක්කොම පරන මෙලො රහක් නෑති එවනෙ....
    මෙ තත්වය හුගක් පෑරනි කලාකරයන් අතර මම දකිනවා.... උදහරනයක් ලෙස

    කපුගෙ(හුගක් එවා...),
    අමරදෙව(ඔක්කොම වගේ),
    අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)
    දිවුල්ගනෙ

    ඉරාජ් ගෙ A Hetha,වන්නමෙන් බෑන්ද ආලෙ, ඔබ හින්ද කල්පනා,මට සිතන්න බෑ... ,Roots,J-town Story
    ට්‍රෑක්ස් එක්ක ගත්තම වික්ටර් සහ ඔය ප්‍රවින කියගන්න කලාකරයන්ට හෑරෙන්න නෙමෙ හිතන්නවත් පුලුවන්ද....

    එත් දෑන් එන්න එන්නම ඔහුගෙmusic videos වල music නෑත කිසිම melody එකක් නෑත,,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මාන දියාරු විගෙන එන බව පහත දක්වා ඈති ට්‍රෑක්ස් දෙකෙන් මනාව පෑහෑදිලි වෙයි

    IRAJ - තුරැලේ නිදන්
    IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz



    මමත් ඉරජ් ගෙ අලුත් track එකට unlike කර එ වෙන මොනවත් නිසා නෙමෙ මෙකෙ කිසිම රෑප් එකක් melody එකක් නෑති නිසාය....

    දෑන් එන්න එන්නම් ඔහුගෙ music videos music නෑත කිසිම melody එකක් නෑත,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මානද දියාරු විගෙන එන බවක් මට සිතේ

    ඉරාජ් ගෙ වෑරදි ඈත ඔහු එව හදාගතහොත් ඔහුට සාර්තක ගමනක් යාහෑකි බව මගෙ අදහසයි

    ඉතින් අප කලයුත්තෙ ඔහුව නිවෑරදි කිරිමට උත්සහ කිරිමය... එවිට නෑවත ලන්කවෙ සන්ගිත ක්ශෙත්‍රය 2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක් වෙනු නොඅනුමානය


    ඔයා ඇත්තටම ඉරාජ් නේද....?​
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ත්‍රෙඩ් එක දාපු එකාව හොයා ගන්නවත් නෑ වගේ.. ඌ එලකිරියම පූක්ශනය කරලා දැන් පැත්තකට වෙලා බලාගෙන හිනා වෙනවා ඇති
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    "2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක්"

    :lol:

    මම හිතන්නේ මූ කියන්නේ අර සන්ෆලවර් සමග කට්ටිය කැසට් ගහපු කලේ වෙන්න ඕනේ....

    ඔව් ඉතින් ඉරාජ් ලා එක්ක ගන්නකොට සන්ෆලවර් නිර්මාණත් ස්වර්ණ තමයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    "2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක්"

    :lol:

    මම හිතන්නේ මූ කියන්නේ අර සන්ෆලවර් සමග කට්ටිය කැසට් ගහපු කලේ වෙන්න ඕනේ....

    ඔව් ඉතින් ඉරාජ් ලා එක්ක ගන්නකොට සන්ෆලවර් නිර්මාණත් ස්වර්ණ තමයි

    :lol::lol::rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වික්ටර් තරුණ කෙල්ලෙක් බැන්දා/මු අපේ සංස්කෘතිය කෑවා...ලොකු ළමයි ඉන්න තාත්තෙක් නේද කියා කියා පොරට මඩ ගගහා ඒවා හැම තැනම රස කර කර ෂෙයාර් කරපු උන් දැන් ඇවිත් වැදි බණ කියනවා...එතකොට වික්ටර් චාටර් බඩු කාරයා!!උගේ සින්දු අයේ නම් එපා ඊයා!!දැන් ඉරාජ් වීඩියෝ එකක් ගැහුවහම ඒක වැරදි උනා...වික්ටර් හොද උනා...විකටර්ගේ ජීවිතේට මඩ ගැහුවලු!!ලොල් පුදුම සිංහලු බන් උබලා!:lol:

    .::IRAJ CREW::.:love:

    මගෙ සූටිපුතේ..වික්ටර් බැන්ද කියන්නෙ ඒ මනුස්සයගෙ පෞද්ගලික ජීවිතයනෙ.. අපිට ඒක අදාලම නෑ.. අන්න විකටර් මහත්තත් හෙලුවැලි විඩියෝ එකක් ගැහුවනම්, කෙනෙක්කුගෙ පෞද්ගලික ජීවිතය අල්ලල අපහාස්සාත්මක විඩියෝ එකක් කලානම් අපි එහෙම කියනව..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතා වෙත,

    මහත්මයාණෙනි, ඔබගේ ආදරණීය සුරතල් පුතනුවන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු නව ගීතයට වීඩියෝවක් ඔහු විසින්ම මට පුද්ගලිකව එවා තිබිණ. එය සහ ඔහුගේ මෑත කාලීන නිර්මාණ දෙස බැලූ විට ඒ පිළිබඳව ඇමතිය යුත්තේ ඉරාජ් ට නොව ඔහුගේ දෙමව්පියන්ට යැයි මට සිතින. ඒ නිසා මේ ලිපිය කොහේ හෝ සිට ඔබ කියවන්න යැයි මම යෝජනා කරමි. ඉරාජ් වීරරත්න තරුණ සංගීත වේදීයාගේ පියාණන් වන ප්‍රීතිරාජ් වීරරත්න ගේ මිතුරෙකු හෝ මෙය දුටුව හොත් කරුණාකර ඔහු වෙත යොමු කරන්න.

    ඉතින් ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතානෙණි,

    දන්නා තරමින් රනිඳු ලංකාගේ නැමැති තරුණ සංගීතවේදීයා සමග ක්ෂේත්‍රයට අවතීරණ වන ඔබගේ සුරතල් දරුවා යම් සාධනීය ගති ලක්ෂන ඇති නිර්මාන කිහිපයක් කරනු අපි මුල් කාලයේදී දුටුවෙමු. එහෙත් ඒ කාලයේ පටන් කිසිඳු අදාලත්වයක් නැතිව ඔහු ඒ නිර්මාණ වල විඩියෝවට රිංගන එකනං අපට තරමක් අමුතුවට පෙනින. එවැනි මැදිහත් වීම් සිදුවීමට බලපාන හේතු කිහිපයක් ඇත. මොන්ටිසෝරි යන කාලයේදී වාර්ෂික විවිධ ප්‍රසංග වලට දරුවාව ඉදිරිපත් නොකල විට පසු කාලීනව මෙවැනි තත්වයන් උදාවේ.

    පාසැලේදී පංතියේදී හෝ ඔහු ළමා කාලයේදී ජීවත් වූ වටපිටාව තුලදී කිසිවෙක් ඔහුව ගණන් නොගත් විට හට ගන්නා මානසික හීනමානය තුලින් පසු කාලීනම මෙවැනි දරුවන් බිහි වේ. මාධ්‍ය කරුවන් ලෙස අප ඇතැම් විට මේවා ගැන කතා කරන්නේ මාධ්‍ය හරහා මොහුගේ මැදිහත් වීම මත එය අපේ සමාජයට බලපෑම් එල්ල විය හැකියැයි සිතෙනා බැවිනි. ඒ එක් අවස්තාවකදී මිතුරෙකු මට කියා සිටියේ ඔබගේ දරුවාගේ පූර්වළමාවිය සංවර්ධනය නිසි පරිදි සිදු වී නොමැති බවයි. නියමිත වයසේදී ත්‍රීපෝෂ ලබා දුන්නානම් ඇතැම්විට මේ තත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි යැයි මට සිතෙයි. කෙසේ වෙතත් එය අතීතයේදී කරන්නට තිබූ දෙයක් නිසාත් දැන් ඒ ගැන කතා කර වැඩක් නැත.

    අපි දැන් ඔහු විසින් කරන ලද ගිනියම් රෑ කියන ගීතයේ වීඩියෝව වෙත හැරෙමු. එය ඔබත් ඔබේ දරුවාගේ මවත් සමග එකට වාඩි වී නරඹන ලෙස මම ඔබට යෝජනා කරමි. දරුවන්ගේ දක්ෂතා නැරඹීමට කොයි අම්මා අප්පාත් කැමති බව මම දනිමි. ඉතින් දෙදෙනාම එකට වාඩි වී හැකි නම් ඉරාජ් ගේ නැගණියද සහභාගී කරවාගෙන මෙය නරඹන ලෙස මම යෝජනා කරමි. ඉන් පසු මම ඔබෙන් ප්‍රශ්ණයක් අසමි. එනම්, ලාංකීය පවුලක අම්මා, තාත්තා, ආච්චී, සීයා, තරුණ පුතා දුව හෝ ළමා පුතා දුව යන අයගෙන් මේ ගීතය බලන්න යැයි ඔබ යෝජනා කරන්නේ කාටද.

    මෙම ගීතයේ රූප රාමු වලින් ඉඟි කරන්නේ ගැහැණු සමලිංගිකත්වය පිළිබඳ කාරණාවකටය. ඒ කියන්නේ ගෑණු ගෑණු ලිංගිකව හැසිරෙන එකටය. ගැහැණු සමලිංගිකත්වය පිළිබඳව හෝ පිරිමි සමලිංගිකත්වය පිළිබදව ඔබේත් ඔබගේ බිරිඳගේත් අදහස් දැනගන්නට අපි කැමැත්තෙන් සිටිමු. ආහ් අමතක වුණා. ඔබගේ දියණියගේ අදහසද අපට ඉතා වැදගත් වන්නේ ඇය තරුණියක වීම නිසාමය.

    මෙය ඔබ පුතණුවන්ගේ වීර ක්‍රියාවක් ලෙස දකින්නට ඇතැම් විට ඔබ පෙළඹෙනු ඇතැයි සිතෙන්නේ ඔබේ පුතා මේ පිළිබදව මා හට එවා ඇති පණිවිඩ නිසාය. ඔහු විසින් එවා ඇති පණිවිඩ විසින් මට කියා පාන්නේ මෙවන් වීඩියෝ කිරීමෙන්, You Tube වැනි ජාලයන්ගේ නරඹන්නන් වැඩි වූ තරමට ඔහුට මුදල් ලැබෙනා බවයි. මිලියන පනහක් ප්‍රේක්ෂකයින් වීඩියෝවක් බලා ඇති බවටත් ඉන් පසු සල්ලි මලු ලැබුණු බවටත් දැක්වෙන පණිවිඩ ඔහු මා වෙත එවා ඇත. එය එසේ නම් ඔහුට ඔහුගේ ප්‍රශ්ණ විසඳා ගන්නට මුදල් ටිකක් ලබා දෙන මෙන් ඔබ තුමාට දන්වා සිටින්නට කැමැත්තෙමි. මන්ද යත් මුදල් හෙවීම වෙනුවෙන් සමාජයක් නොමග යැවීමටත් රටේ නම ලෝකය ඉදිරියේ කැත කිරීමටත් ඉඩ දීමට බොහෝ දෙනා අකමැති නිසාය. ඉතින් ඔහු මුදල් හොයන්නට තෝරාගෙන ඇත්තේ රටේ නම කැත කිරීම නම් අපි සියල්ලෝම එකතු වී රුපියල ගානේ එකතු කොට ඔබේ පුතා වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමටද උදව් විය හැකිය. යාචකයින්ට, නැති බැරි පුද්ගලයන්ට සහ අසරණයින්ට අාධාර උපකාර කිරීමේ පුරුද්ද ලාංකිකයන් සතු ඉතා යහපත් ගුණාංගයකි.

    ඔහු විසින් කර ඇති අවසන් වීඩියෝ පට දෙක දෙසත් ඔහු ආශ්‍රය කරන මිතුරන් දෙසත් බුද්ධිමත්ව සාවධානව බැලීමෙන් මට පෙනී ගියේ ඔහුට තව දුරටත් කරන්නට ඉතිරිව ඇත්තේ අම්මලා පුතාලා හෝ තාත්තලා දූලා අතර ලිංගික සම්බන්ධතා ගැන කතා කරන වීඩියෝවක් කිරීමට පමණි. මෙම ලිපියේ මූලිකම අරමුණ ඔබගේ නොදරුවා ඒ අවමානයෙන් ගලවා ගැනීමට ඔබට උදව් කිරීමය. එබැවින් මේ ගැන සලකා බලන්න. හදාගන්නම බැරි තැන දෙමව්පියන් ඇමතීම සාමාන්‍ය ක්‍රමයක් බැවින් ඔබ ඇමතීමට කල්පනා කල අතර වෙන අය තැන් තැන් වල ඔබව අමතන්නේ මෙතරම් සංයමයකින් නොවන බවද අවසන් වශයෙන් කියන්නට කැමතිය.

    – ස්තුතියි
    ජනමාධ්‍ය වේදී සමන් එදිරිමුණී.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    "2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක්"

    :lol:

    මම හිතන්නේ මූ කියන්නේ අර සන්ෆලවර් සමග කට්ටිය කැසට් ගහපු කලේ වෙන්න ඕනේ....

    ඔව් ඉතින් ඉරාජ් ලා එක්ක ගන්නකොට සන්ෆලවර් නිර්මාණත් ස්වර්ණ තමයි
    😁😁👍
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    "2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක්"

    :lol:

    මම හිතන්නේ මූ කියන්නේ අර සන්ෆලවර් සමග කට්ටිය කැසට් ගහපු කලේ වෙන්න ඕනේ....

    ඔව් ඉතින් ඉරාජ් ලා එක්ක ගන්නකොට සන්ෆලවර් නිර්මාණත් ස්වර්ණ තමයි

    නිල්වලා ලේබලයෙන් පමණයි :lol: