ISIS ත්රස්තවාදීන්ට කෲස් මිසයිල ප්‍රහාර
පසුගිය සැප්තැම්බර් මස 30 වෙනිදා සිරියාවේ අෂාඩ් විරෝධී ත්රස්තවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කල රුසියාව තවත් පියවරක් ඉදිරියට තබමින් දැන් කැස්පියන් මුහුදේ ස්ථානගත කර තිබෙන යුද නැව්වලින් කෲස් මිසයිල ප්රහාරද එල්ල කර බව වාර්තා වේ.
රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සහ එරට ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු රූපවාහිනීය ඔස්සේ කියා සිටියේ ගුවන් ප්‍රහාරවලට අමතරව කැස්පියන් මුහුදේ තිබෙන යුද නැව් 4ක් යොදාගෙන ඉලක්ක 11කට කෲස් මිසයිල ප්‍රහාර 26ක් එල්ල කල බවයි.
මෙම මිසයිල තම ඉලක්ක වෙත ලගාවීමට කිලෝමීටර් 1500ක පමණ දුර ගෙවා යා යුතුබව පැවසේ.
කැස්පියන් මුහුදේ පිහිටා ඇති රුසියානු නාවික බලඇණිය විසින් මෙම ප්‍රහාර එල්ල කරනු ලැබේ.කැස්පියන් මුහුද රුසියාව ,ඉරානය, තුර්ක්මේනිස්ථානය,අසර්බයිජානය සහ කසකස්ථානය යන රටවලට මායිම් වූ අභ්‍යන්තර මුහුදකි.මෙම මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සහ ඉරාකයේ සහයෝගයද අවශ්‍ය වන්නේ මිසයිල ගමන් කරන්නේ එම රටවල ගුවන් සීමාව හරහා වීම නිසාය.රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ඉරානය සහ ඉරාකය සමග මෙම මිසයිලවල ගමන් මාර්ගය ජනගූන්ය ප්‍රදේශ වලට ඉහලින් වැටෙන සේ සැලසුම් කල බවයි.
මෙම ප්‍රහාර සඳහා
Dagestan
Grad Sviyazhsk
Uglich
Veliky Ustyug යන ප්‍රහාරක නෞකා සහභාගී වී තිබේ.
Gepard class frigate "Dagestan" ship
Grad Sviyazhsk missile corvette - කුඩා පරිමාණ මිසයිල ප්‍රහාරක නෞකාවකි
Uglich - කුඩා පරිමාණ මිසයිල ප්‍රහාරක නෞකාවකි
Veliky Ustyug
මෙම නෞකාවල තිබෙන Kalibr NK නම් මිසයිල පද්ධතිය යොදාගෙන මෙම ප්‍රහාර එල්ල කරනු ලැබේ.
සබ්මැරීන් වැනසීමට යොදාගන්නා නාවික යාත්‍රා වන Grad Sviyazhsk සහ Uglich සතුව නෞකා නාශක සහ ගුවන් යානා නාශක මිසයිස තිබේ.
ඒ අතර නේටෝ සංවිධානයේ ඇ.එ.ජ.ප්‍රධානියා රුසියාවේ හමුදා ශක්තිය සම්බන්ධව ප්‍රශංසා මුඛයෙන් කතා කර තීබෙන බව වාර්තා වේ.
පසුගිය සතියේ පටන් මේ දක්වා සිරියාවේ ඉලක්ක 112කට රුසියානු ප්‍රහාරක යානා විසින් පහර දී තීබෙන බවද ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
Source:RT News
-HarshaLulzSec-

Kalibr කෲස් මිසයිලයක්

Last edited: