ISIS ත්රස්තවාදීන්ට පිටුපසින්...
පසුගිය සතියේ සෙනසුරාදා එනම් අගෝස්තු මස 12දා සිරියානු අරාබි හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකක සහ ටයිගර් බලකා විසින් සිරියාවේ නැගෙනහිර හෝම්ස් පළාතේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ ආරක්ෂක වළලු වලට පිටුපසින් ගොඩබැස සාර්ථකව එම ප්‍රදේශය අත්පත් කරගන්න සමත් වූ බව සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කලේය.
සිරියානු අරාබි හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකක හෝම්ස් කාන්තාරයේ ISIS ත්රස්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වලලු වලට කි.මී.21ක් පිටුපසින් ගොඩබැස්ස අතර ඉන්පසු ඔවුන් කිර්බෙට් මක්මන් ගම්මානය සහ උපායමාර්ගික වශයෙන් වැදගත් අල්-කාඩිර් නගරය අත්පත් කරගත්හ.ඊට අමතරව දකුණුදිග රක්කා ප්‍රදේශයේ කි.මී.12ක් ඉදිරියට ගමන් කරමින් බිර් රෙහුම් නගරයේ බලයද සියතට ගන්නා ලදි.
මෙහෙයුමට එක් වූ හමුදා ඒකක ISIS ත්රස්තවාදීන් වැඩි පිරිසක් මරා දමන්නටත්,තුවාල සිදුකරන්නටත් සමත් විය.එහිදී ඔවුන් යුද ටැංකි 3ක්,සන්නාහ සන්නද්ධ රථ 17,මරාගෙන මැරෙන රථ 7ක් විනාශ කර මරාගෙන මැරෙන රථ 2ක්,කාලතුවක්කු කිහිපයක් සිය භාරයට ගෙන තිබේ.
සිරියානු යුද්ධය තුලදී මෙවැනි ගොඩබැසීමක් සාර්ථකව සිදුකරන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූයේ ප්‍රථම වතාවට බවයි පැවසෙන්නේ.සමහර විශේෂඥයින්ට අනුව මෙහෙයුම සඳහා රුසියානු හමුදාවේ සෘජු සහාය ලැබී තිබේ.මෙම සාර්ථකත්වයත් සමග සිරියානු රජයේ හමුදාවල විශේෂ මෙහෙයුම් කණ්ඩායම් ඊට දකුණින් සුක්නා නගරයේ සිටින සිරියානු රජයේ හමුදා ඒකකවලට කි.මී.40 තරම් ආසන්නයට පැමිණ තිබේ.රජයේ හමුදා එකිනෙක මුණ ගැසීමට තීරණය කල හොත් ඊට බටහිරින් සිටින ISIS ත්රස්තවාදීන්ගේ සැපයුම් මාර්ග අවහිර වේ.එම ප්‍රදේශයට තිබෙන එකම සැපයුම් මාර්ගය වන්නේ සුක්නා නගරයේ සිට කි.මී. 20 දුරින් අල්-ටිබාහ් නගරය හරහා දිවෙන මාර්ගයයි.
ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වළලුවලට පිටුපසින් ගුවනින් ගොඩබැසීම සංකීර්ණ මෙන්ම භයානක මෙහෙයුම් වේ.මන්ද එය සියදිවි නසා ගැනීමක් වන්නටද ඉඩ තිබෙන නිසාය.එක්සත් ජනපදයේ සහාය ලබන නව සිරියානු හමුදාව 2016 ජූනි මාසයේදී සිදුකල මෙවැනි මෙහෙයුමක් මුළුමනින්ම අසාර්ථක වූ අතර එහි ප්‍රතිඵලය වූයේ සටන්කරුවන් සියලුදෙනාම ISIS ත්රස්තවාදීන් අතින් මැරුම් කෑමත්,යුද්ධෝපකරණ විශාල ප්‍රමාණයක් සතුරන් අතට පත්වීමත්ය.
කෙසේවෙතත් රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව ක්‍රියාත්මක කල සිරියානු රජයේ හමුදාවේ මෙම සුවිශේෂී මෙහෙයුමට අණ දුන්නේ සිරියානු හමුදාවේ නිර්භීතම සෙබලුන් සිටින බව පැවසෙන ටයිගර් නම් බලකායේ අණදෙන නිලධාරියා වන ජෙනරල් සුහෙල් හසන්ය.මෙම බලකායේ නිර්මාතෘ වන්නේද මොහුය.දැනට මෙම බලකායේ සෙබලුන් ඩීර් එසෝ නගරය අල්ලා ගැනීමේ සටනේ පෙරමුණේ සටන් කරමින් සිටිති.
අගෝස්තු මස 12දා රාත්‍රියේ සිදුකල මෙම මෙහෙයුමට ගුවන් ප්‍රහාරක ශක්තිය සැපයුනේ රුසියානු කේඒ-52(ඇලිගේටර්)නම් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා වලිනි.ගුවනින් ගොඩබැස්ස වූ සෙබලුන් ප්‍රධාන ප්‍රහාරක කණ්ඩායම් පැමිණෙන තෙක් ඔවුන් අල්ලාගත් ස්ථාන රැකගෙන සිටීමට සමත් විය.උපායමාර්ගික ගොඩබැස්සවීම සහ ප්‍රහාරවල කාර්යක්ෂමතාවය නිසා හානියක් නැතිවම අල්-හඩාර් ප්‍රදේශය අල්ලා ගැනීමට රජයේ හමුදා සමත් විය.
Source:southfront.org
-HarshaLulzSec-

මෙහි දැක්වෙන්නේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල මෙහෙයුමට අදාල වීඩියෝ පටයකි.
Source:southfront.org
-HarshaLulzSec-