ISIS නායකයා මියගියාද?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ISIS නායකයා මියගියාද?

    9oIUiob.jpg

    සිරියාවේ රක්කා නගරයට රුසියානු ගුවන් හමුදාව එල්ල කල ප්‍රහාරයකින් ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා වන අබු බකර් අල්-බැග්ඩාඩි මිය ගියේද යන්න සොයාබලමින් සිටින බව ඊයේ දිනයේදී රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කිය සිටියේය.රුසියානු සුකොයි-34 සහ සුකොයි-35 බහුකාර්යය ප්‍රහාරක යානා යොදාගෙන මැයි 28 දා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වන රක්කා නගරයේ ඉලක්කයකට බෝම්බ හෙළන ලදි.ප්‍රහාරයේ ඉලක්කය වූයේ අබු බකර් අල්-බැග්ඩාඩි ඇතුලු එම ත්‍රස්තවාදී සංවිධානයේ ඉහළ පෙළේ නායකයින්ගේ රැස්වීමකි.

    foEKlNm.jpg
    සුකොයි-35​

    GyBxYiW.jpg
    සුකොයි-34​

    රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව විවිධ මාර්ග ඔස්සේ ලබාගත් තොරතුරුවලින් කියවෙන්නේ ISIS නායකයා වන ඊබ්‍රහීම් අබු-බකර් අල්-බැග්ඩාඩි එම රැස්වීමට සහභාගී වූ බවත් ප්‍රහාරයෙන් ඔහු මරණයට පත්වූ බවත්ය.අමාත්‍යාංශ නිවේදනයට අනුව ප්‍රහාරයෙන් මිය ගියා යැ‍යි කියන අනෙකුත් නායකයින් වන්නේ රක්කාහි එමීර් අබු අල්-හජි අල්-මසිර්,එමීර් ඊබ්‍රහීම් අල් නාෆ් අල්-හාජ් සහ සංවිධානයේ ආරක්ෂාව භාර සුලෙයිමන් අල්-සවාහ් යන අයයි.

    hPRylLQ.jpg

    කෙසේවෙතත් නායකයාගේ මරණය සම්පූර්ණයෙන්ම තහවුරු කල නොහැකි බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව් රෝයි ප්‍රකාශ කර තිබේ.ඉස්ලාමීය රාජ්‍ය විරෝධී ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය මෙම මරණය සිදුවුබව සනාථ කර නොහැකි බව පවසයි.මීට පෙර අවස්ථා ගණනකදී අබු බකර් අල්-බැග්ඩාඩි මරාදැමූ බවට මාධ්‍ය විසින් වාර්තා කලද ඒවා සනාථ කල හැකි සාක්ෂි සපයන්නට කිසිවෙක් සමත් වූයේ නැත.අවසන් වරට ඔහු මරා දැමුවා යැයි වාර්තාවක් පළ වූයේ 2017 ජූනි මාසයේ මුලදීය.


    ISIS නායකයා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ 2014 වර්ෂයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ caliphate හෙවත් අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කල දිනයේය.බොහෝදෙනාගේ අදහස වන්නේ ISIS නායකයා මියගොස් තිබේ නම් එය ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයට බලවත් පහරක් වනු ඇති බවයි.නමුත් පසුගිය වසර 2කට ආසන්න කාලය තුල මෙම සංවිධානය ඔවුන් අත්පත් කරගත් භූමිය ක්‍රමයෙන් අහිමි කරගනිමින් සිටියි.නායකයාගේ අහිමිවීම ISIS සංවිධානයේ පරාජය ඉක්මන් කිරීමටත් එහි පළිය ගැනීමට ඔවුන් තවත් දරුණු වීමටත් ඉඩ තිබෙන බව තවත් මතයකි.

    RguVGvE.jpg
    රක්කා නගරයේ ISIS අණදෙන මූලස්ථානය ප්‍රහාරයට පෙර සහ ප්‍රහාරයෙන් පසු-චන්ද්‍රිකා ඡායාරූප​

    රුසියාව එල්ල කල ගුවන් ප්‍රහාරයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායකයින් 30 පමණද ප්‍රහාරකයින් සියගණනක්ද මිය යන්නට ඇති බව කියවේ.ප්‍රහාරයට ඉලක්ක වූ ගොඩනැගිලි සංකීර්ණයේ චන්ද්‍රිකා ඡායාරූප මාධ්‍යට මුදා හැරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.ප්‍රහාරයට ඉලක්ක වූ ස්ථානයේ මැයි 13 සහ මැයි 29(ප්‍රහාරයෙන් පසු)අවස්ථාවල දර්ශන ඒවාහි ඇතුලත්ය.රැස්වීම සඳහා පාවිච්චි කල ගොඩනැගිලි හතරක් දෙවන ඡායාරූපයේ සමතලා වී තිබෙන අයුරු පෙනේ.රැස්වීමේ අරමුණ වී තිබුණේ සංවිධානයේ සාමාජිකයින් රක්කා නගරයෙන් පිටතට ස්ථානයක රැදවීම සම්බන්ධවයි.





    Source:RT.com

    -HarshaLulzSec-
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රුසියාව හඳුන්කූරු ehema godak patu karanawada ?

    U artical ekak kiyana hama parakakama mata matak wene itn eke විමසුම kiyala kade giya program eka :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    RguVGvE.jpg
    රක්කා නගරයේ ISIS අණදෙන මූලස්ථානය ප්‍රහාරයට පෙර සහ ප්‍රහාරයෙන් පසු-චන්ද්‍රිකා ඡායාරූප​

    ක්ලීන් එකට ගහලා තියෙනවා :love:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    සොහොන;21817270 said:
    රුසියාව හඳුන්කූරු ehema godak patu karanawada ?

    U artical ekak kiyana hama parakakama mata matak wene itn eke විමසුම kiyala kade giya program eka :P

    පලක් ඇති දෙයක් කියවපන් අඩු කුලේ පද්දා. පුදුම කුහක ජීවිත බන් ඕවා. :frown::frown::frown:
     
    • Like
    Reactions: HarshaLulzSec

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    ඔව් මචං. මට ඊයේ අහන්න ලැබුණ සතුටුම news එක. මූ මැරිලා නම් ගුවන් ප්‍රහාරයකින් ක්ෂණිකව මැරුණ එක අපරාදේ. මූ කරපු අපරාධ වලට හරියන්න සහ අනාගතයේ මූ වගේ වෙන්න හිතන උන්ට පාඩමක් එක්ක මූව (මුගේ පවුලේ උන් එක්කම) පුලුවන්නම් පණපිටින් අල්ලාගෙන ඉඩි අමීන් දුන්න විදියට අතිකෘර වධ දීල හිමින් හිමින් මරන්න තිබ්බේ.

    මොනවා වුනත් පුටින් තමයි මුන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව අවංක උවමනාවකින් සටන් කරන්නේ. මූව මැරිලා නම් පුටින්ට සහ රුසියන් හමුදාවට ලෝකේ මිනිස්සු ණයගැතියි මූව මරල දාපු එකට.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Bump... Russian karaya dannawa isis karayo tawa tika dawasakin american, saudi backup eken russiawata kelinawa kiyala...
    Eka tama niyapoththen kadala dala thoyenne porawen gahanakam enne nethuwa