නෝටිස් එක මාස ගනන් තියන එක නම් චාටර් තමයි, ගොඩක් වෙලාවට ඒක දීල තියෙන්නෙ වැඩ කරන එවුන් හිර කරලා තියා ගන්න මිසක් වෙන දේකට නෙමෙයි
ඒත් සැලරි අහන එක නම් ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්, සැලරිය කන්ෆිඩෙන්ශල් කියලා කියන්නෙ ඇතුලෙ වැඩ කරද්දි සැලරි ගැන කතා කරන එක නතර කරන්න, මොකද එකම පොසිශන් එකේ ඉන්න දෙන්නෙක්ගෙ සැලරි වෙනස් නම් අඩු එකා දැනගත්තොතින් ඕක හෙන කේස් එකක් වෙන නිසා,
වෙන කම්පැනියකට ජොයින් වෙද්දි සැලරි අහන්නෙ සමහර වෙලාවට ඒක උගේ ස්කිල් එක ගැන තියන මෙශර් එකක් වෙන නිසා සහ සමහර අය දැන් සැලරියට ලොකු ගනන් කියලා අලුත් තැන් වල ලොකු ගනන් ගන්න නිසා ඕක වෙලා තියෙන්නෙ. මේකෙ දෙපැත්තක් තියනවා මම පර්සනලි හිතන්නෙ අලුත් සැලරිය ඩිසයිඩ් කරද්දි පරන සැලරි අදාල නැහැ උගේ ස්කිල් අනුව සහ ඉන්ටවිවු එක කරගනිපු විදියට සහ ඌ ඉල්ලන ගාන අනුව අලුත් තැනින් ඩිසයිඩ් කරන්න ඕන දෙයක්, එතකොට එන එකාට අසාධාරනයක් වෙන්න පුලුවන් අලුත් තැන සමහර විට පරන සැලරිය නොදැන පරන සැලරියට වඩා අඩු ගානක් ඔෆර් කරොත් කට වහන් එන්න වෙනවා.