මචන් මට තෙරෙන විදියට මම කියන්නම්
උබට හොද රටකට ගිහින් සෙට්ල් වෙනව නම් දැනට යන්න ලේසි නිව් සිලන්ඩ්,ඔසී තමයි හැබැයි උබට අනිවා ස්කිල් එකක් තියෙන්න ඔන එක්ස්පීරියන්ස් එකක් එක්ක. ඒ මදි උබේ වයසත් බලපානව. අනික උබේ ඉන්ගිලිස් නොලෙඩ්ජ් එක සේරම හරියට තිබුනම උබට ඇප්ලයි කරන්න පුලුවන්. නිව් සිලන්ඩ් ට්ර්යි කරන්න පුලුවන්.
අනික උබ පොඩි කාලයක් තුල මිලියන්ර් කෙනෙක් වෙලා ආපහු ලන්කාවට ඇවිත් දේයියනේ කියල තමන්ගේම බිස්නස් එකක් කරන්න බලන් ඉන්න කෙනෙක් නම් මිඩ්ල් ඉස්ට් හොදයි ඒ කියන්නේ උබට හොද ඩ්ග්රී එකක් තියේ නම් අනිව උබට 150 සැලරි එකක් ගන්න පුලුවන්. මේ රටවල් වලින් වාහනේ, ඉන්න තැනක් වගේම කෑම බීමත්.
අනික උබට කිසිම ස්කිල් එකක්, ඩිග්රි එකක්, එක්ස්පීරියන්ස් එකක් නැත්නම් උබට හොද සැලරි එකක් ගන්න පුලුවන් රටවල් 2 තියෙනව ඒ තමයි කොරියා, ඊස්රායල් කියනන්රටව්ල් මේවගේ 1500$ පඩියක් අඩුම ගන්න පුලුවන්. හැබැයි දන්න විදියට ඊසායල් වලට 20 ලැක් විතර
යනව සේරම ප්රොසෙස් එක ඉවර වෙද්දි.
ඉතින් ඔන්න ඔය කරුනු බලල මොකක්ද කරන්නේ කියන එක උබ තීර්නය කරන්න ඔන. මොකද සේරටම වඩා වටින්නේ කාලය අඩුම කාලයක් තුල වැඩිම ප්රතිලාබ තියෙන එක තොර ගනින්. මොකද වයස ගියාම සල්ලි තිබුනත් වැඩක් නෑ හේතුව තම්යි කසාදයක් කරගන්නත් බැරි වෙනව. තමන්ගේ කියල දෙයක් පටන් ගන්නත් අමාරු වෙනව කියන එක.