J V P ආණ්ඩුවක් උදෙසා..

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
Colombo Hadunnetti Matarata damme ayi?
Anura Mahindata wena district ekakin enawata kagahanawa dakka,
JVP ekath karanne ekamane.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11753645_129204497416127_8124751071747781308_n.jpg
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mage chandeth me paara JVP ekata :yes::yes::yes::yes::yes:

    Bump

    අම්මට උඩු. බැරැක් ඔබාමා ජේවීපියට ඡන්දෙ දෙනව කියන්නෙ :eek::eek::eek: විමලෙ කියන එක ඇත්ත. මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් :growl::growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට ඡන්දය දෙන අය අවසානයේ දිනවන්නේ මහින්දගේ පවුල.කප්පරක් හොරකම් වහගන්න දගලන නූතන යටත්විජිත පවුලක් වෙනුවෙන් රටේ යටත් වැසියන් යම් ප්‍රමානයක් තම හෘද සාක්ෂිය පැත්තකට දමා අල්ලපු ගෙදට එකා ජවිපෙ ,නැත්නම් එජාපෙ ට ,ඡන්දය දෙන නිසා කොහොම හරි මහ හොරා දිනවන්න ඕනෙ යැයි දගලන උන් දැක්කම හරිම ආනන්දජනකයි.
    රනිල් කරන්නේ තම පවුල් පැලැන්තිය ට අභියෝගයක් එල්ල කරන දේශපාලන පක්ෂ සංවිධාන ඉතාම සූක්ෂමව දුර්වල කරන එක.මේ රටේ වැඩවසම් යුගයක අවසානයේ ඉතිරිවුන පවුල් තුනක් තියෙනවා චන්ද්‍රිකාගේ පවුල,මැද මූකලානේ පවුල,වික්‍රමසිංහ ජයවර්ධන පවුල මේ පවුල් නෙවෙයිද මේ හැට හත් වසරක් පාලනය කලේ.මිනිස්සු හැමදාම රවටපු පවුල් තුන. මේ පවුල් කලේ දේශපාලනය රස්සාවක් හැටියට. ජනතාවගේ බදු මුදලින් හැමදාම තුන්වේල කෑව මේ පවුල් වල ඇත්තෝ ජනතාවගේ ආහාර වලට සහ මූලික අවශ්‍ය සේවාවන් වලට බදුපිට බදු ගහන්නේ හිරිකිතයකින් තොරව.
    මේ පවුල් වල බඩගෙඩි පුරවන අයට මෙදා කිසිම පවුලකට අයිති නැති,නායකයෝ නැති ,ප්‍රභූවරැ නැති ,සහෝදර සහෝදරියන් පමණක් ඇති ආදරණීය මිනිසුන් පිරැනු තමන්ගේම පක්ෂයක් හොදම විකල්පය ලෙස පෙරටම ඇවිල්ලා. ජනතා විමුක්ති පෙරමුණ දිනවා පවුල් පාලනය සදහටම අවසන් කරමු.වහල් ජීවිතය ,වහල් මානසිකත්වය අවසන් කරමු.යටත් වැසියන් ලෙස නොව පුරවැසියන් ලෙස ජීවත් වන්න පටන් ගමු.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඔව් සහෝ ඔය මතයේ තමයි මම ත් ඉන්නේ. එත් දිනන්නේ නා කියලා හොරුන්ට චන්දේ දෙන්න බැහැනේ

    ඔව් මචන්. මම අපේ ගෙදර චන්ද 5ක් හරව ගත්තා. හැම ගෙදරකින්ම 1- 2ක් දුන්න නම් ලොකු බලයක් එනවා. :)

     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, වැල අතට මැස්ස ගහන පක්ෂයක්. 2002 කාලයේදී මේගොල්ලන්ට තේරුණා රටේ බෙදුම්වාදයට විරුද්ධ මතයක් තියෙනව කියල. එතකොට මේ කට්ටියත් බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නල ඡන්ද අරන් පාර්ලිමේන්තුවට ගියා. පස්සේ මහින්ද යුද්දේ පටන් ගත්තම, යුද්දයේ බරපතලම වේලාවකදී, මේ ජනතා විමුක්ති පෙරමුණම අය-වැය පරද්දල රජය පෙරලලා රනිල්ව බලයට ගේනන හැදුවා. (එහෙම කරල ආයේ පස්සේ කාලෙක ලජ්ජා නැතුව කියනවා යුද්දේ කරේ තමන් නිසා කියල).

    විජේවීර කිව්වා "සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නිර්ධන පන්ති ව්‍යාපාරය පාවාදීල ධනපති පක්ෂ සමග එකතු වුනා, අපි කවදාවත් එහෙම කරන්නේ නෑ" කියල. එත් මේ යක්කු විලි ලැජ්ජාවක් නැතුව තමන්ගේ නායකයාව පණ පිටින් බොරැල්ල අදහනාගාරයට දාපු පක්ෂය එක්ක 2010 ජනාධිපතිවරණයේදී එකතු වුණා.

    මොකද මේගොල්ලන්ට බැරි කට ඇරලා බය නැතුව තමන්ගේ හරි මතවාදය කියන්න. ජවිපෙ ආරම්භ කලේම මාක්ස්වාදී පක්ෂයක් විදියට. කවදාවත් මාක්ස්වාදය ප්‍රතික්ෂෙප කරනවා කියල නෑ. එතකොට මාක්ස්වාදයේ මූලික ඉගැන්වීම් වෙන "ආගම ප්‍රතික්ෂෙප කළ යුතුයි", "ජාතියෙන් වැඩක් නෑ", "ආගම සහ ජාතිය කියන්නේ ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පෑගීමට යොදාගන්නා දේවල් පමණයි" කියන ඒවා ගැන මේ අය කියන්නේ මොනවද? ජවිපෙ මේවා ගැන කතා නොකරන්නේ තමන්ගේ ජාතිද්‍රෝහී බව හංගල, සිංහල බෞද්ධයන්ව රවට්ටලා ඡන්ද ගන්න.


    ඒ විතරක් නෙවෙයි, ආර්ථිකය සම්බන්ධයෙනුත් මේගොල්ලෝ තමන්ගේම ප්‍රතිපත්ති ගැන කතා කරනේ නැත්තේ මොකද? අද ජවිපෙ කියන්නේ UNP එක කියන දේවල්ම තමයි. බොරුවට "මහින්ද හොරා" කියල කෑගහනවා ඇරෙන්න සමාජවාදී ආර්ථිකයක් ගැන කෙලින් කට ඇරලා කතා කරනවද? දැන් කියනවා පුද්ගලික රෝහලුත් පිලිගන්නවලු.

    කවුරු මොන දේශපාලන මතයක් දරුවත් අපට කමක් නෑ. තමන්ගේ මතය හරියට කෙළින් කියල තමයි ජනතාවගේ කැමැත්ත ගන්න ඕනේ. එහෙම නැතුව වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරලවත්, තමන්ගේ ඇත්ත ප්‍රතිපත්ති වහල, කාලෙට ගැලපෙන්න ඕනෙම බොරුවක් මිනිස්සුන්ට කියලවත් නෙවෙයි.

    ජනතා විමුක්ති පෙරමුණේ බොරුව සහ අවස්ථාවාදය ගැන මේ වීඩියෝවේ පැහැදිලිවම පෙන්නන්නවා. මේ කතාකරන එක්කෙනාගේ මාක්ස්වාදී ප්‍රතිපත්ති මම පිළිගන්නේ නෑ. ඒත් ඒගොල්ලන්ට තමන්ගේ මතවාදය කට ඇරලා කෙළින් කියන්න ශක්තිය තියෙනවා.