මහින්දට ඡන්දය දෙන අය අවසානයේ දිනවන්නේ මහින්දගේ පවුල.කප්පරක් හොරකම් වහගන්න දගලන නූතන යටත්විජිත පවුලක් වෙනුවෙන් රටේ යටත් වැසියන් යම් ප්‍රමානයක් තම හෘද සාක්ෂිය පැත්තකට දමා අල්ලපු ගෙදට එකා ජවිපෙ ,නැත්නම් එජාපෙ ට ,ඡන්දය දෙන නිසා කොහොම හරි මහ හොරා දිනවන්න ඕනෙ යැයි දගලන උන් දැක්කම හරිම ආනන්දජනකයි.
රනිල් කරන්නේ තම පවුල් පැලැන්තිය ට අභියෝගයක් එල්ල කරන දේශපාලන පක්ෂ සංවිධාන ඉතාම සූක්ෂමව දුර්වල කරන එක.මේ රටේ වැඩවසම් යුගයක අවසානයේ ඉතිරිවුන පවුල් තුනක් තියෙනවා චන්ද්‍රිකාගේ පවුල,මැද මූකලානේ පවුල,වික්‍රමසිංහ ජයවර්ධන පවුල මේ පවුල් නෙවෙයිද මේ හැට හත් වසරක් පාලනය කලේ.මිනිස්සු හැමදාම රවටපු පවුල් තුන. මේ පවුල් කලේ දේශපාලනය රස්සාවක් හැටියට. ජනතාවගේ බදු මුදලින් හැමදාම තුන්වේල කෑව මේ පවුල් වල ඇත්තෝ ජනතාවගේ ආහාර වලට සහ මූලික අවශ්‍ය සේවාවන් වලට බදුපිට බදු ගහන්නේ හිරිකිතයකින් තොරව.
මේ පවුල් වල බඩගෙඩි පුරවන අයට මෙදා කිසිම පවුලකට අයිති නැති,නායකයෝ නැති ,ප්‍රභූවරැ නැති ,සහෝදර සහෝදරියන් පමණක් ඇති ආදරණීය මිනිසුන් පිරැනු තමන්ගේම පක්ෂයක් හොදම විකල්පය ලෙස පෙරටම ඇවිල්ලා. ජනතා විමුක්ති පෙරමුණ දිනවා පවුල් පාලනය සදහටම අවසන් කරමු.වහල් ජීවිතය ,වහල් මානසිකත්වය අවසන් කරමු.යටත් වැසියන් ලෙස නොව පුරවැසියන් ලෙස ජීවත් වන්න පටන් ගමු.