ගොන් කතා කියන්නේ නැතුව හිටහන්. ජපානෙත් PR එක දෙනවා. HSP කාණ්ඩයේ වීසා එකක් ගන්න පුලුවන් නම් තියන points අනුව අවුරුද්දෙන් හෝ අවුරුදු 3න් PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්තන් අවුරුදු 10ක් ජපානේ හිටියට පස්සේ PR එකට ඇප්ලයි කරන්න පුළුවන්.
ජපානේ IT වලට පඩි හොඳයි (හැම ජොබ් එකකටම නෙවෙයි). අනික ඔෆිස් කල්චර් එක ගැන කියන ඒවා නම් බයිලා. එහෙම තියෙන්නේ 100% ජපන් ආයතන වල. IT field එකේ රස්සා කරන අයට ලොකු flexibility එකක් තියනවා. ගෙදර ඉඳන් වැඩ කරන්න, flexible hours අනම් මනම්. හොඳ skills තියනවා නම් හොඳ ජොබ් එකක් හොයාගෙන සැපට ඉන්න පුළුවන්. අනික ජප්පෝ රොබෝලා වගේ, ෆන් එකක් නෑ, ජපානේ ආතල් ගන්න බෑ කියන උන් නම් අනේ මන්දා...
ගොඩක් ඔය ඩොකියුමන්ටරීස් වල පෙන්නන දෙවල් නෙ බන් .එව්වා බලලා තමා ගොඩක් උන් තීරණ ගන්නෙ .
උඹලා වගෙ ඒ රටවල් වල ඉන්න උන් ඔය රට ගැන තියෙන දුර්මත නැති කරන්න ත්‍රෙඩ් එකක් හරි දැම්ම නම් හරි .
මන් ජාවා එකෙ ඉන්න කාලෙ ජපන් කෙනෙක් මැරි කරල හිටිය ජපන් සිටිසන් වෙච්ච ලන්කාවෙ පොරක් හිටිය.
ඌ ජාව ඉගෙන ගන්න ආවෙ.
උගෙ ඒ වෙද්දිත් වයස 30 පැනල .
කොඩින් උනන්දුවෙන් කරා මුල ඉඳන්ම.
මන් ඇහැව්ව ජාව එකෙ සෙටිෆිකට් එක වැලිඩ් ද ? පිළිගන්නවද කියලා ?
ඌ කිව්ව එහෙ එව්ව වැඩිය බලන්නෙ නැහැ බන් කියලා.ජාව එකෙම මගෙ මිතුරන් සෙට් එකක් දැන් ජපානෙ .
උන් කිව්වෙ කම්පැණි එක රෙකමන්ඩ් කරොත් ගොඩ අයි ටී වල ලොකුවට පෙපර් කොලිෆිලේෂන් එක අහන්නෙ නැහැ කියලා.
හබැයි ජපන් ලැන්වෙජ් එක එන් 3 වෙනකන් තියෙන්න ඔනි කිව්ව.
මන් සන්ස්කෘතිය වශයෙන් ජපානෙට කැමතී.
දියුණුව වශයෙන් යුරොපෙට කැමතී.
මොකක් තොරගන්න කියල හිත ලත වෙනව බන්