මම නම් ඔය රටවල් දෙකෙන් එකකටවත් ගිහින් නැහැ.
පාස්පෝට් එකවත් හදාගෙන නැහැ.
ඒත් ඔය රටවල් දෙක ගැන මගේ impressions කොටාගෙන යන්නම්.
ජපානය
1. ඉංගිරිසියෙන් එදිනෙදා වැඩ කරගන්න බැරි වෙයි. එහෙ නාමපුවරු පවා ජපන් භාෂාවෙන්.
2. ඒත් මරු රට. රටේ හැම තැනම විශාල නගර තියෙනවා.
3. එහෙ ගම්වලත් අමුතු cultural vibe එකක් ඇති.
4. ටෝකියෝ වගේ විසාල නගරවල apartment හෙම ගොඩක් ගණන් ඇති.
5. ජපන් චිත්‍රපටි, ජපන් නවකතා, ම්ම්ම්ම්......
6. හරි අමුතු sexual kinks එහෙ සංස්කෘතියට දරන්න පුළුවනි. හැබැයි සමහර ඒවා විතරයි. (මම මේක කිව්වේ ගොඩක් දෙනෙක් ජපානේ ගැන කියද්දී මේ දේ නොකියන නිසා.)
7. ජපානයේ බුලට් ට්‍රේන් කියන්නේ වෙනම සංස්කෘතියක්. ජපානයේ දුම්රිය වෙලාවට යනවා, එනවා කියලනේ කියන්නේ.
8. ජපානය කොච්චර දුරට racist ද නැද්ද කියන්න දන්නේ නැහැ. ඒත් ඒ රටේ හැම දේම වෙන්නේ ජපන් භාෂාවෙන් නිසා ඒක අනෙක් සංස්කෘතීන්ට expose වෙන්නේ කලාතුරකින්. ඒ නිසා ජපන් ජාතිකයෝ අනෙක් ජාතිකයින් සමග මුහු වෙන්නේ අඩුවෙන්.
ජර්මනිය
1. ජපානෙට වඩා ඉංගිරිසියෙන් වැඩ කරන්න පුළුවන් වේවි. ජර්මන්කාරයින්ගේ භාෂාව වෙනස් වුනත් සාමාන්‍යයෙන් උතුරු යුරෝපයේ රටවල මිනිස්සු ඉංග්‍රීසි කතා කරනවා.
2. ජපානේ තරම් නැති වුනත් ජර්මනියේත් විසාල නගර හතරක් පහක් විතර ඇති.
3. ජර්මනියේ සමාජ සුබසාධනය හොඳ මට්ටමක තියෙනවා. ස්කැන්ඩිනේවියානු රටවලට පස්සේ හොඳ මට්ටමක් ඒ පැත්තෙන් ජර්මනියට තියෙනවා.
4. ජර්මන් චිත්‍රපටි, ම්ම්ම්ම්...........
5. ජර්මනියත් sexual kinks tolerate කරන රටක් හැටියට ප්‍රසිද්ධයි. හැබැයි එහෙ වඩා ප්‍රසිද්ධ kinks පැත්තට වඩා sexual liberation පැත්තට.
6. ජර්මනියේ දුම්රිය පද්ධතියත් හොඳයි. මම හිතන්නේ ස්විස්ට්සර්ලන්තයට පස්සේ යුරෝපයේ තියෙන හොඳ දුම්රිය සේවයක් ඒ රටේ තියෙනවා.
7. ජර්මනිය racism සම්බන්ධයෙන් ලොකු සංවේදීකමක් තියෙන රටක්. සිරියානු අර්බුදය වගේ ප්‍රශ්නත් එක්ක ඒ රටින් පලා එන සරණාගතයින්ට තමන්ගේ helping hand එක වැඩියෙන්ම දුන්නු රටක් ජර්මනිය. කොටින්ම ඇන්ජෙලා මර්කල් වගේ කෙනෙකුගේ නායකත්වය යටතේ ජර්මනිය නොතියෙන්න, යුරෝපා සංගමයේ හැඩය පවා වෙනස් වෙන්න තිබුනා.