මචන්, මට කලින් ගානට වඩා 15k වැඩි ඔෆර් එකක් ඇවිත් සල්ලි නිසා හිටපු තැන දාල ගියා. හිටපු තැන වැඩ වැඩියි, හැබැයි තිබ්බ වැඩ වලට මම ආසයි. ඉගෙනගත්තුව ප්‍රයෝජනයට ගැනුනා. සල්ලි නිසා අනිත් තැනට ගියා, හැබැයි මෙතන වැඩ කලින් තැනට වඩා සෑහෙන්න අඩුයි, ඉගෙන ගත්තුවා ප්‍රයෝජනයට ගැනෙන්නේත් නැහැ. තාම මම දුක් වෙනවා බන් ගත්ත තිරනෙට, ඇත්තටම සෑහෙන්න පසුතැවෙනවා.
පසු තැවෙන්නේ නැති තීරණයක් ගනින්.
අනිත් එවුන්ගෙන් අහල තීරණේ කරලා වැරදුනොත් පස්සේ උබට උපදෙස් දීපු එවුන්ට බැන්නට වැරදි හැදෙන්නේ නැහැ කියලත් මතක තියාගනින්. උබට පුළුවන් නම් විතරක් පලයන්, ෆිල්ම් වල වගේ උබ ගියාට පස්සේ පට්ට පර්ෆෙක්ට් වෙන්නෙත් නැහැ. එකත් ඩිපෙන්ඩ් වෙනවා මචන්.
ජයෙන් ජය !!!!