Job karala epa wenne nedda

saja

Well-known member
  • Jan 8, 2007
    16,160
    2
    10,785
    113
    Home Sweet Home
    ela , consultant wage ekak da ?
    මාත් කලින් එකෙන් අස් වෙලා වැලේ වැල් නැතුව හිටියේ. මාස 6 ක් වගේ.
    අනික ජොබ් එපාම වෙලා හිටියේ :(

    එත් ඉඳල ඉඳල සුපිරිම ජොබ් එකක් සෙට් උනා. ආපහු programming යන්නේ නැහැ කියල හිතුවට මේක සෙට් උනායින් පස්සේ අදහස වෙනස් උනා. :D

    මරව මරව වැඩ ගන්නෙත් නැහැ. විනාඩි 10 ක් හරි වැඩියෙන් වැඩ කරොත් OT ගෙවනවා. No stress. ඉලක්කම් 6 ක පඩියකුත් එක්ක :yes: :yes:

    හොඳ ජොබ් තියෙනවා බන්. පොඩ්ඩක් ඉවසන් ඉන්න ඕන. හැමදාම හරි යන්නේ නැහැ වගේ තමයි, හැමදාම කෙල වෙන්නෙත් නැහැ :love: :love: :love:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මන් නම් අවුරුදු 3 ක් වගේ තව කරනවා. ඒ ගමන් සයිඩ් බිස්නස් එකකුත් කරගෙන යනවා. ඒක ගොඩ ගියොත් ජොබ් එකෙන් අයින් වෙලා ඒක කරනවා.

    කලින් ෆුල් ටයිම් බිස්නස් එක කරන්න ගිහින් නා ගත්තේ. බිස්නස් එකක් පටන් ගන්නවා නම් බැකප් ප්ලෑන් එකක් තියන් කරපන්. :cool:

    ඕක තමා තියරිය වෙන්න ඕනේ සුවර් income එකක් තියාගෙන online හෝ බිස්නස් වලට අත ගහන්න ඕනේ නැත්තම් අමාරුවේ වැටෙනවා . මටත් උනා ජොබ් එක පැත්තක දාලා බිස්නස් එකකට අත ගහලා අන්තිමට දෙකම කෙල උනා . හොදටම වැටුනා ආයේ වැටෙන්න තැනක් නැතිවෙන්නම . පස්සේ ටිකිරි මොලයක් තියෙන හින්දා යන්තම් දැන් නැගිටගෙන එනවා . ආයේ වැටෙන්නේ නැතිවෙන්න ක්‍රමය හදාගෙන යනවා
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මාත් අවුරුදු 2හමාරක් විතර HDPL හිටියා Night shift කලේ එපා වෙනවා බන් වැඩත් වැඩියි හැමදාම එකම මගුල කරන්න තියෙන්නෙත් :baffled:. මගේ line manager නම් පට්ටම හොදයි එකයි එච්චර කල්වත් හිටියෙ පස්සේ මිනිහා වෙන process එකකට ගියා ඊලගට ආපු එකා ඉන්න Assistant Mgr එවුන්ගෙන් එපාම කරපු එකා ඌත් එක්ක වැඩ කරන්නම බෑ ඌට mental ගෑනි දාලා ගිහින් ලමයත් එක්ක. ඒවා අපේ පිටින් යවන්නේ :angry::angry: අඩුගානේ අපිට Assistant Mgr post එකටවත් apply කරන්න දුන් නැති කුහක බල්ලෙක්. මම අයින් වුනා. අවුරුද්දකට පස්සෙ ආරන්චි වුනා ඌව බල්ලෙක් වගේ එලෙව්වා කියලා. ඌට වෙන කෙල්ලෙක් හිටියා එකිත් එක්ක සැප ගන්න ගිහින් හරි ඒකිට favor කරන්න system වෙනස් කරලා. දෙන්නම ඒවෙලාවෙම ගෙදර යවලා. අනුන්ට කලදේ තමන්ට පල දේ කියලා කියන්නේ නිකන් නෙවේ. අපේම business එකක් හොදයි බන් ඒත් ඉතින් කම්මැලියි යාලුවෝ නෑ Fun එකක් නෑ:confused::confused:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,430
    66,817
    113
    මාත් අවුරුදු 2හමාරක් විතර HDPL හිටියා Night shift කලේ එපා වෙනවා බන් වැඩත් වැඩියි හැමදාම එකම මගුල කරන්න තියෙන්නෙත් :baffled:. මගේ line manager නම් පට්ටම හොදයි එකයි එච්චර කල්වත් හිටියෙ පස්සේ මිනිහා වෙන process එකකට ගියා ඊලගට ආපු එකා ඉන්න Assistant Mgr එවුන්ගෙන් එපාම කරපු එකා ඌත් එක්ක වැඩ කරන්නම බෑ ඌට mental ගෑනි දාලා ගිහින් ලමයත් එක්ක. ඒවා අපේ පිටින් යවන්නේ :angry::angry: අඩුගානේ අපිට Assistant Mgr post එකටවත් apply කරන්න දුන් නැති කුහක බල්ලෙක්. මම අයින් වුනා. අවුරුද්දකට පස්සෙ ආරන්චි වුනා ඌව බල්ලෙක් වගේ එලෙව්වා කියලා. ඌට වෙන කෙල්ලෙක් හිටියා එකිත් එක්ක සැප ගන්න ගිහින් හරි ඒකිට favor කරන්න system වෙනස් කරලා. දෙන්නම ඒවෙලාවෙම ගෙදර යවලා. අනුන්ට කලදේ තමන්ට පල දේ කියලා කියන්නේ නිකන් නෙවේ. අපේම business එකක් හොදයි බන් ඒත් ඉතින් කම්මැලියි යාලුවෝ නෑ Fun එකක් නෑ:confused::confused:

    :(:(:(
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    Machan driving job eka kohomada. Athal eke karagena inna puluwanda

    ආදායම අඩුයි. හැම එකාටම සර් මැඩම් කියන්න වෙනව. දවසට පැය 12ක්15ක් විතර හද්ද ට්‍රැ‍ෆික් එකේ ඉන්න වෙනව. වෙලාවට කන්න බොන්න තැනක් සෙට් වෙනව අඩුයි. උඹට මාසෙන් එපා වෙයි. අනික ‍රැකියාවෙ පිලිගැනීම අඩුයි. කසාදයක් කරගන්න ගියත්, ලමයෙක් ඉස්කෝලෙ දාන්න ගියත්, තාත්ත driver කෙනෙක් කිව්වම පිලිගැනීම අඩුයිනෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,430
    66,817
    113
    ආදායම අඩුයි. හැම එකාටම සර් මැඩම් කියන්න වෙනව. දවසට පැය 12ක්15ක් විතර හද්ද ට්‍රැ‍ෆික් එකේ ඉන්න වෙනව. වෙලාවට කන්න බොන්න තැනක් සෙට් වෙනව අඩුයි. උඹට මාසෙන් එපා වෙයි. අනික ‍රැකියාවෙ පිලිගැනීම අඩුයි. කසාදයක් කරගන්න ගියත්, ලමයෙක් ඉස්කෝලෙ දාන්න ගියත්, තාත්ත driver කෙනෙක් කිව්වම පිලිගැනීම අඩුයිනෙ.

    Uba driving karanne lankaweda?
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මචන්ලා ඔය දේ මාත් මේ වෙලාවේ අත් විඳින දෙයක්. මම software field එකේ වැඩ කරන්නේ. දැන් අවුරුදු 3ක් experience තියෙනවා. එත් වැඩක් නැහැ බන්. මම නම් මෙතනට අවේ අඩුම සුදුසු කම් වලින්. එත් එනකොට ලොකු හීන ගොඩාක් අපේ ඔලුවලට දානවා. ඒවා දැන් තමයි තේරෙන්නේ බන්. මට software developer කෙනෙක් විදිහට ලැබෙන salary එක්ක දැන ගත්තොත් උඹල හිනා වෙයි බන්. මේක ඇත ඇරලා වෙන තැනක job එකකට ගියා කියමුකෝ ලොකු salary එකකට. එත් පොඩ්ඩක් හිතන්න අපේ ජීවිත ගැන. මොන ජීවිතද බන් මේවා. ලොකු ලොකු යාන වාහන අරගෙන මාලිගා හදා ගත්ත කියමුකෝ. එත් ඒ කිසි දෙයක් වැඩක් තියෙනවද? ඒ දේවල් අපිට තිබුනත් අපි ජීවිතය විඳිනවද/වින්දවනවද කියලා කියල පොඩ්ඩක් හිතල බලන්න. මම නම් කරන්නේ ජීවිතය විඳවන එක. :(:(:( පුදුමාකාර වේදනාවකින් ඉන්නේ. :(:(:( කොච්චර කොහොම කලත් අපිට අපේම කියල නිදහසක් තියෙනවද. office එකේ හිටියත් නිදහසක් නැහැ. ගෙදර ආවත් office එකේ තියෙන pressure එකින් මිදෙන්න පුලුවන්ද? නිදහසේ අපේම කියල වැඩක් නිදහසේ කරන්න වෙලාවක් තියෙනවද? පවුලේ අනිත් අයත් එක්ක පොඩ්ඩක් කතාබහ කරලා හිනාවෙලා සතුටු වෙන්න අපිට වෙලාවක් තියෙනවද? මාසෙකට වතාවක්වත් කොහේ හරි ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න වෙලාවක් තියෙනවද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය හැමදේම කාලසටහනකට අනුව කරානම් වැඩේ ගොඩ කියලා. එත් එහෙම නැහැ මචන්ලා. මේ real life එකේ තත්ත්වේ.

    අපි හැමෝම හීන මැවුවේ doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න. එත් අපේ ඇඟේ තිබුන අනිත් හැකියාවන් ගැන මොහොතකට හිතුවද අපි. සමහරක් හැකියාවන් තමන්ගේ හිතේ තියෙන ලැජ්ජාව නිසා හංගගෙන ඉන්න ඇති. සමහර දේවල් අපේ තිබුන පවුල් පසුබිම වගේම, සමාජ පසුබිම නිසා හංගගෙන ඉන්න ඇති. එත් පොඩ්ඩක් හිතන්න අපේ හිතේ ඇත්තටම ඉන්නේ doctor කෙනෙක්ද engineer කෙනෙක්ද එහෙමත් නැත්නම් වෙනමම මනුස්සයෙක්ද. මම නම් හිතන්නේ මට නම් ජීවිතේ වැරදුනා මචන්. මමත් අනිත් හැමෝම වගේ doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න කාලයක් හීන මැවුවා. එත් මට තේරෙන දෙය තමා ඒක මම මගේ ජීවිතේ කර ගත්ත ලොකුම වැරැද්ද කියලා. ඔය නිසා මම විෂය භාහිර ක්‍රියා කාරකම් කිසිදෙයක් කලේ නැහැ. මගේ හිතෙත් එක එක ආසාවල් තිබුනා. එත් ඒ දේවල් වලට ගෙදරින් අවසර දුන්නේ නැහැ. අපේ ගෙදර යටත් ඕනේ උනේ මම doctor කෙනෙක් නැත්නම් engineer කෙනෙක් වෙනවා දකින්න. අන්න ඒ නිසා අකමැත්තෙන් උනත් මේ පාරේ මට එන්න උනා. පොඩි ආසාවක් තිබුණා. නැතුවමත් නෙවෙයි. එත් ආපස්සට හැරිලා බලද්දී තේරෙනවා වැරදුනු තැන් මොනවද කියලා. මේ වගේ ලොකු හීන පස්සේ ගිය නැති මිනිස්සු මට වඩා හොඳට කාලා බීලා ඉන්නවා දැක්කම මට මන් ගැනම දුකයි. :(:(:( ඇත්තටම උන් ජීවිතය විඳිනවා. අපි වගේ විඳවන්නේ නැතුව.

    උඹලටත් නිකමට මේ ගැන හිතුනද?

    මටනම් පරක්කු වෙලා හරි කමක් නැහැ. කට්ටක් කාලා ඒ වැරදුනු තැන් හදාගන්න පුළුවන් නම් මම හදා ගන්න උත්සහ කරනවා.

    මගේ හිතේ තිබුන අදහසක් මම මේ ලඟදි කිරියේ දැන්මා. ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම කුණු බැනුනුත් මම එකෙන් අහ ගත්තා. ඒවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ලොකුවට දන ගත්ත දේ තමා අපේ රටේ මිනිස්සු බලන් ඉන්නේ වැඩේ පටන් ගන්නත් කලින් තමන්ගේ කුට්ටිය වෙන් කර ගන්න එක.

    ඒවගේම තමා බන් අපේ education system එකෙන් පටන් ගත්තහම තියෙන හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ. ඒ මොන දේ කරන්නත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඒ නැතුව කිසි දෙයක් කරලා වැඩක් නැහැ. අපේ රට මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න නම් ඒ වෙනස් කම අනිවාරෙන් වෙන්න ඕනේ. ඒ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

    මම කියන්නේ මෙහෙමයි බන්. අපිට හැමෝම හැදෙනකන් බලාගෙන ඉන්න බැරි වෙයි. අපිට තියෙන්නේ අපේ ආකල්ප හදාගෙන අලුත් විදිහකට ඉස්සරහට යන්න උත්සහ කරන එක. එකෙන් අනිත් අයට ආදර්ශයක් දෙන එක තමා අපිට කරන්න පුළුවන් එකම වැඩේ. අපිට අනේක විද බාදක එයි. ඒවා ජය ගෙන ඉස්සරහට යන්න පාර හදාගන්න අපි දැනගන්න ඕනේ. එතකොටයි මොන දේක උනත් වටිනාකමක් තියෙන්නේ. අපිට එක පාරට දෙයක් කරන්න බැරි වෙයි. එත් කලකදී අපිට අපේම කියලා දෙයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. කාටවත් අතනොපා අපි කරන දෙයින් සතුටු වෙලා ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් වෙයි.

    පොඩ්ඩක් හිතන්න. වෙනස් වෙන්න දැන් කාලය හරි.........

    මම කලින් කිව්වා වගේ මගේ හිතේ තියෙන අදහසක් කීපයක් පහළ thread වල තියෙනවා. කැමති අය ඉන්නවනම් ඒවාට join වෙන්න. එකතු වෙලා වෙනසක් කරමු. මේගැන වැරදියට හිතන්න එපා. උඹලගේ හිත්වල වගේම මගේ හිතේ තියෙන අදහස් තමා ඒවගෙත් තියෙන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1822875

    http://www.elakiri.com/forum/showthread.php?t=1822922

    http://www.elakiri.com/forum/showthread.php?t=1827238

    http://www.elakiri.com/forum/showthread.php?t=1823642

    හැමෝටම ජය... :):):)

    මම engineering student කෙනෙක්.. :cool:
    ඒත් දැනුම් තේරුම් ඇති කාලෙ ඉදලම මට ඕන උනේ businessman කෙනෙක් වෙන්න..
    engineer කෙනෙක් වෙන්න කිසිම උවමනාවක් නෑ....
    තාමත් එහෙමයි.. :baffled:
    (මං මේක කියල කලින් thread එකකුත් දැම්ම... ;))
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    තමන්ගේ දෙයක් පොඩියට හරි පටන් ගනිල්ලා බන් අනුන් වෙනුවෙන් කාලය වැය නොකර:yes: