දිවියට මග කියා දුන් අත්දැකීම්... පළමු කොටස
1977 මැතිවරණය පැවැත්වෙද්දි මා සිටියේ බදුල්ලේ රජයේ රැකියාවක් කළ මාමාගේ ගෙදර ය. ඔහු බදුල්ල කච්චේරියේ ප්‍රධාන පුනරුත්තාපන නිලධාරිවරයා ලෙස කටයුතු කළේය. එවකට අසා තිබුනු ආකාරයට ඔහු බාරයේ 1971 කැරුල්ලට සම්බන්ධ තරුණයින් පුනරුත්තාපනය කෙරිනි.
ඒ කාලයේ මා 5වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කුඩා කොලු ගැටයෙකි.
නිවස පිහිටා තිබුනේ බදුල්ලේ මහියංගන පාරේ රිදීගම නැමැති ගමේ ය. නිවස රජය මගින් සැපයූ නිල නිවසකි.
මැතිවරණ ප්‍රතිඵල ශ්‍රවනය කිරීම සඳහා රේඩියෝ තිබුනු නිවෙස් අල්පය අතරින් මාමාගේ නිවසත් එකකි. මාමා වාමාංශිකයෙකු බැවින් ඔහුගේ නිවසට එජාප නොවන සියලු කණ්ඩායම් එකතු වෙන බව අසන්නට ලැබිනි.
මැතිවරණය දා නිවස මංගල උත්සවයකට සූදානම් වෙන නිවසක තත්වයට පත් විය. ප්‍රතිඵල ඇසීමට නිවසට එන සියලු දෙනාට සංග්‍රහ කිරීමට කැවිලි පෙවිලි සෑදීම සඳහා අවට නිවෙස්වල කාන්තාවන් පැමිණ සහාය විය.
බදුල්ල නගරයට ගිය මාමා අවශ්‍ය කළමනා බොහෝ දේ රැගෙන ආවේය. ඒ අතර මගේ මතකයේ තිබෙන වැදගත්ම දේ අලුත් බැටරි කට්ටලයයි. බැටරියකට දිව තබා දිවට දැනෙන හිරි වැටෙන අමුත්ත මුලින් අත්දැක්කේ එදා යි.
හවස 6 වෙන විට නිවස අසල්වැසියන්ගෙන් ද මාමාගේ මිතුරන්ගෙන් ද පිරී ගියේ ය.
අසැල්වැසියන් සමග නිවසට පැමිණි මගේ වයසේ ළමුන් සමග ඇති තරම් සෙල්ලම් කළෙමු. එහෙත් පළමු මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වෙන විට අඩකට වඩා නින්නදට ගොස් තිබිනි.
මට නින්ද නොගියේ බිය නිසා ය.
අප කුඩා වුන් වුවත් පාසැලට තුලටද දේශපාලන උණ වැළඳී තිබිනි.
මා එජාපයට එරෙහි පිළේ ය. නෑයින් සියලු දෙනා එජාපයට එරෙහි බැවිනි. පන්තියේ වැඩි දෙනා අලියාට ය. අලියා දිනුවොත් ඉස්කෝලෙට එන්න නොදෙන බව පන්තියේ අලි උණ තදින් වැළඳී තිබුනු මගේම මිත්‍රයෙක් පැවසුවා අද වගේ මතකයි.
බිය නිසා ඡන්දය ඇසීමට දැඩි උනන්දුවක් තිබිනි.
එකින් එක ආසනය යූඑන්පීයට ජය ලබා දෙමින් ප්‍රචාරය විය. ඈතින් ඇසෙන රතිඥ්ඥා හඬ අනුව මගේ පපුවත් ගැසෙයි. අයෙත් ඉස්කෝලේ යන්නේ කොහොමද?
හවස නිවසේ තිබුනු සද්දය දැන් නැත. සියලු දෙනා නින්දට ගොස් මෙනි. එහෙත් කිසිදු වැඩිහිටියෙක් නිදා ගත්තේ නැත. ඔවුන් කිසිවෙක් මුලදී මෙන් හඬ නගා කතා නොකලේ කිසිවෙක් අසා සිටීවි යැයි බියෙන් මෙනි.
මාමාත් නිවසට රැස්වූ අසල්වැසියනුත් මා මෙන්ම බියට පත් වී බව ක්‍රමයෙන් අවබෝධ විය. තවත් ප්‍රතිඵල නිකුත් වීමට තිබෙද්දි රේඩියෝව නිහඬ කළ මාමා සියලු දෙනාට හඬ නොනගා පිටව යන ලෙස දැනුම් දුන්නේ ය.
මාමා තම මිතුරන් සමග ජීප් රථයෙන් කච්චේරි භූමියේ තුබුනු නිල නිවසකට අප සියලු දෙනා රැගෙන ගියේ ය.
පසුවදා මා අවදි වෙන විට හොඳටම දහවල් වී තිබිණි. මාමාට දුම්වැටි සහ පත්තරයක් අවශ්‍ය බව පවසා ටවුමට යාමට සූදානම් විය. නමුත් නැන්දාත් මාමාගේ මිතුරාත් එයට ඉඩ නොදුනි. අවසාන තීරණය වූයේ කිසිවෙකු නොහඳුනන මා නගරයට යා යුතු බවයි.
ඉබ්බා දියේ දැම්මා සේ වූ මේ ඉල්ලීමට මා ප්‍රතිචාර දැක්වූයේ මගේ කාර් එක ස්ටාට් කිරීමෙනි.
නිවසින් එලියට දිව්වේ බෘම් සද්දේ දමමිනි. එහෙත් නගරය පරණ බදුල්ල නොවීය.
සමහර තැන් කොළ පාටින් සරසා තිබිනි. වෙනදා කඩිසරව තිබූ නගරයේ සමහර කඩ අතරින් දුම සහ ගින්දර දකින්න ලැබුනු අතර ටවුම මැද්දේ ලොකු සෙනගකි. සෙනග මැද්දේ අලියෙකි. ඌ කොළපාට ඇඳලා ය.
එතන ලොකුම ගෝෂාවකි.
මා සිතුවේ මහා රන්ඩුවක් බවයි. ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව මිනිස්සුන්ට ගසන බවත් අලියාට වැන්දවීම සඳහා මිනිස්සුන්ට බල කරන බවත් දුටුවෙමි.
වඳින්න අකමැති වූ මිනිස්සු ගුටි කන බවත් ඇඳුම් ඉරා දමන බවත් හෙළුවෙන් ගුටිකමින් සිටින බවත් දුටුවෙමි.
තවත් සමහරුන්ට ගුටි දෙමින් පාර දිගේ ඇදගෙන එමින් සිටි අතර කිසි කෙනෙක් ඒවා වැළැක්වීමට ඉදිරිපත් නොවීය.
මගේ සිහියට ආවේ ඉස්කෝලය හා දුන් පොරොන්දුවයි. පන්තියේ අලි යාලුවෝ ටික මා හටත් සලකන්නේ මේ ආකාරයටම නේද යැයි සිතුනි. නැවත පාසැල් නොගොස් සිටියොත් කුඩා කළ සිට මැව් සිහින සියල්ලම ඉවර නේද කියා සිතුනු වහාම මට හැඬිනි. මා නිවසට ගියේ මහ හඬින් හඬමිනි.
එදා සිට මා නැවත ඒ පාසැලට ගියේ නැත. ශිෂ්‍යත්වය සමත් වී තිබීම නිසා ඊලඟ වසරේ සිට 6 පන්තිය සඳහා කුරුණෑගල මලියදේවයට යාමේ වාසනාව හිමි විය.
ජයග්‍රාහී එක්සත් ජාතික පක්ෂය හා එහි නායකත්වය දැරූ ජේආර් ජයවර්ධන විසින් පොලිසියට නිවාඩු දී හුදෙක් ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් දැරීම නිසා ඒ පක්ෂයේ හිතවතුන් ලවා මේ රටේ අහිංසක පුරවැසියන් හට නින්දිත ප්‍රහාරයක් එල්ල කිරීමට අවස්ථාවක් සලසා දීමේ සිද්ධිය අදටත් මගේ මතකයේ තිබේ.
නිදහස් හා සාධාරණ සමාජයක් උදෙසා විකල්ප දේශපාලනයක් සෙවීමේ දැඩි අවශ්‍යතාවයක් මගේ සිතට ඇති වීම සඳහා බලපෑ මුල්ම සිද්ධිය මෙයයි.
රවිනාත් විජේසේකර
2016 අප්‍රේල් 20
--------------------------------------
By Fr.Tissa Balasuriya
[Colombo Tribune, Oct.1, 1977]
During the last two weeks of August 1977 many in Sri Lanka lived agonizing days and nights amidst looting, arson and lawlessness. Gangs have beaten others; inflicted horrifying injuries and even resorted to manslaughter. All this was apparently due to racial animosities. As yet the full story, how it started, how it escalated, is not known. According to official sources over a 100 have lost their lives. About 45,000 have left their homes, and moved to the North or to the East, or South. Houses, shops and residential lines have first been looted, then set ablaze. The lines of division have once again gone deep into the hearts of people. Every act of communal violence is a blow to national unity. Man, woman or child chased away from home by physical blows or fear of injury. Hatred has been generated far and wide during the past few weeks.
Innocent children have lost a mother or a father. This is a price they will pay all their lives due to the communal hatred fanned by so many consciously or unconsciously. Bewildered children will for all time remember the refugee camps – the only place of solace for their mother and father for uncomfortable days and nights, days of great privations. But there is hope.
Men and women from all walks of life have begun to affirm themselves in favour of communal harmony. They call for a peaceful resolution or our racial problems. Leaders of all religions have appealed for peace and justice for all. The common humanity in us all is leading persons and groups of every political or religious persuasion to cooperate in safeguarding life and promoting understanding.