Jurassic Park හි T Rex එද්දි වතුර වීදුරුව හෙලවුන හැටි..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,658
    7,003
    113
    United States
    Jurassic Park හි T Rex එද්දි වතුර වීදුරුව හෙලවුන හැටි..
    🦖
    🦖
    🥛
    🥛



    271592286_328601172464565_4532998455682721488_n.jpg

    271715154_328601192464563_849438092800321262_n.jpg


    Jurassic Park බලපු හැමෝටම ඒ ගැන මතක් කරද්දි අනිවාර්‍යයෙන්ම මතකෙට නැගෙන අවස්ථාවක් තමයි ඒකේ පලවෙනි වතාවට T Rex ව පෙන්නන්න කලින් ඌ ලඟ ලඟම එන බව අඟවන විදියට කාර් එකේ Dashboard එක උඩ තියලා තිබුන වතුර පිරුනු ප්ලාස්ටික් කප් දෙකක වතුර රැලි නගමින් හෙලවෙන ආකාරය.. ඒකෙන් අපිට නොකියා කියනවා මේ විදියට එන සත්ත්වයා මොනතරම් දැවැන්ත කෙනෙක්ද කියලා.. ඉතින් කෙලින්ම T Rex ව පෙන්නනවට වඩා ඌ ගැන අපේ හිතේ බයක් තිගැස්මක් ඇතිකරන්න මේ සීන් එකෙන් අධ්‍යක්ෂකවරයා උන Steven Spielberg සමත් උනා. ගොඩක් දෙනෙක් අද කාලේ එන Jurassic World ෆිල්ම් සෙට් එකට වඩා පැරණි Jurassic Park ෆිල්ම් ටිකට අදත් ආදරේ කරන්නෙ මෙන්න මේ වගේ පොඩි පොඩි iconic සීන් නිසා තමයි. අද වෙද්දි CGI තාක්ෂණය මොනතරම් දියුණුවෙලා මොනතරම් තාත්ත්වික විදියට ඩයිනසෝරයින්ව පෙන්නන්න අවස්ථාව තිබුනත් මේ වගේ cinema tricks නැතුව පැරණි Jurassic Park vibe එකනම් අරගන්න බෑ කියලයි මගේ මතය..
    😌
    😌


    කොහොමහරි මේ සීන් එක ගැන කතාකලොත් සුපුරුදු පරිදිම Spielberg ට උවමනා උනා තමන්ගේ Jaws එකේදිත් කලා වගේම වැඩක් කරන්න. ඒ කියන්නෙ දෙයක් නියමාකාරයෙන් පෙන්නන්න කලින් වෙනස් වෙනස් සංසිද්ධීන් යොදාගෙන ඒ දේ ගැන පූර්ව නිගමනයක් ප්‍රේක්ෂකයට ලබාදෙන එක. ඉතින් Jaws ෆිල්ම් එකේදි දැවැන්ත මෝරව පෙන්නන්න කලින් මේ වගේම Sound effects භාවිතා කරලා දැන් ඔන්න මෝරා ඇවිත් ඉන්නෙ කියලා කලින්ම ප්‍රේක්ශකයට අඟවන්න වගේම මෝරා ගැන තිගැස්මක් කලින්ම ඇතිකරන්න Spielberg ට හැකියාව ලැබුනා. අන්න ඒ දේම Jurassic Park එකටත් කරන්න උවමනා නිසා තමයි T Rex ගේ බර අඩි වලින් වතුරෙ රැලි ඇතිවෙන ආකාරය පෙන්වන සීන් එකක් ෆිල්ම් එකට එකතුකරන්න Spielberg ප්ලෑන් කලේ. මේක හරි සරල දෙයක් කියලා හිතුනත් වැඩේ කරද්දි තමයි මෙයාලට මේකේ අමාරුව තේරුනේ. මොකද ෆිල්ම් එකේ Special Effects බාරව හිටපු අය මොන විදියට වතුර ටික හොලවලා පෙන්නුවත් Spielberg ට උවමනා උන විදියේ හරිම සමමිතික රැලි රටාවක් අරගන්න මෙයාලට පුලුවන් උනේ නැහැ. මෙයාලා ඒකට නානාප්‍රකාර විදියට උත්සාහ කරලා ඒවා record කරලා Steven Spielberg ට පෙන්නලා තියෙනවා. නමුත් ඒ එකකටවත් Spielberg නම් කැමති වෙලා නැහැ.. ඔය අතරෙදි තමයි ඉතාම අහම්බෙන් මෙයාලට අපූරු අදහසක් පහල වෙන්නෙ. ඒ තමයි ගිටාරයක තතක් භාවිතා කරලා වතුරවල ඉතාම සමමිතික ආකාරයට කම්පන තරංග, රැලිති රටා ඇතිකරන්න පුලුවන් කියන අදහස..
    😎
    😎

    ඉතින් මෙයාලා මොකක්ද දන්නවද කරන්නෙ. රැලිති ඇතිකරන්න ඕන වතුර තියෙන ප්ලාස්ටික් කෝප්පෙ යට හරි මැදින් ගිටාර් තතක් අමුණලා ඒක Dashboard එකේ පොඩි සිදුරක් විදලා පහලටම අරගෙන තියෙනවා. ඊටපස්සෙ මෙයාලට අර රැලිති ඇතිකරන්න අවශ්‍ය වෙලාවට වාහනේ යටට කෙනෙක්ව රිංගවලා ගිටාර් තත පොඩ්ඩක් ඇදලා අතඇරියම ෆිල්ම් එකේ අපි දැක්කා වගේම ඉතාම සියුම් නමුත් අලංකාර කම්පන රටාවක් දැකබලාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඉතින් මේක Spielberg ට පෙන්නුවම එයත් සෑහෙන පුදුම වෙලා සහ සතුටුවෙලා මේ විදියට වැඩේ කරමු කියලා අනුමැතිය දීලා. ඉතින් ඔන්න ඔහොම තමයි මෙයාලා T Rex එන්න කලින් වතුර හොලවලා පෙන්නුවේ
    😁
    😁
    ❤
    ඔන්න ඒකාලේ සිනමාවේදීන්ගේ නිර්මාණශීලීත්වය..
    අදකාලේ Hollywood වල හැමදේකටම CGI ම භාවිතා කරන්න පුරුදුවෙලා ඉන්න නිසා මේ වගේ අලුත් අදහස්, නිර්මාණ බිහිවෙන්නෙම නැති තරම්. නමුත් CGI තාක්ෂණය ඒතරම්ම දියුණු මට්ටමක නැති අපේ රටේ සිනමාවට නම් මේ වගේ වෙනස් වෙනස්, නිර්මාණශීලී විශේෂ ප්‍රයෝග යොදාගන්න හොඳින්ම අවස්ථාව තියෙනවා. ඒකනිසා අපේ රටේ ඉස්සරහට සිනමා හෝ කෙටි චිත්‍රපට නිර්මාණ කරන්න කැමැත්තෙන් ඉන්න අය (විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ පැත්තෙන්) CGI ගැන වගේම මේ වගේ දේවල් ගැනත් වැඩි අවධානයක් දෙනවනම් වඩාත් වටිනවා කියලා කියන්න ඕන..
    ❤
    ❤

    PRG...

    Copied :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,128
    3
    118,841
    113
    Gampaha
    ඔය ෆිලුම මුලින්ම ගම්පහ නයෝමි හෝල් එකේ ගෙදර කස්ටිය එක්ක ගිහින් බැලුවෙ,
    ගොඩක් පොඩි කාලෙ බැලුවත් ඔය වගේ දර්ශන, සෑහෙන්න මතක හිටිය...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඔය ෆිලුම මුලින්ම ගම්පහ නයෝමි හෝල් එකේ ගෙදර කස්ටිය එක්ක ගිහින් බැලුවෙ,
    ගොඩක් පොඩි කාලෙ බැලුවත් ඔය වගේ දර්ශන, සෑහෙන්න මතක හිටිය...
    Mata Alien/Predator balala dawas gaanak ninda giye na yako podi kaale
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,122
    742
    113
    gampaha
    ඔය ෆිලුම මුලින්ම ගම්පහ නයෝමි හෝල් එකේ ගෙදර කස්ටිය එක්ක ගිහින් බැලුවෙ,
    ගොඩක් පොඩි කාලෙ බැලුවත් ඔය වගේ දර්ශන, සෑහෙන්න මතක හිටිය...
    Ubath aduwa needa film hall ekee maath bayawela aduwa.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    ඉස්සර Jurassic Park ෆිල්ම් එක ආපු කාලේ මට මතකයි ෆිල්ම් හෝල් වල පට්ට පෝලිම් තිබ්බේ.. ඉස්කෝල වලිනුත් ළමයි එක්කන් ගියා ඕක බලන්න..
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මට නම් මතක එක ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක ප්ලේන් එකක් කඩන් වැටෙනවා කැලේට.
    ප්ලේන් එකේ ඉන්න හැමෝටම තුවාල වෙනවා ඇදුම් ටික ගන්න දෙයක් නෑ.
    ඒකෙ ඉන්න නිලියක් බ්‍රා එක අදින්නේ කැමරා එකට පිටිපස්ස හරවලා.
    ඒ සිද්දියෙන් තමයි දැනගත්තේ ජුරාසික් පාර්ක් කියන්නේ දරුණු ෆිල්ම් එකක් කියලා.
    TREX කෙනෙකුයි ටෙරඩක්ටිල් කෙනෙකුයි ගහගද්දී ගහගද්දී නළුවෙකුයි නිලියකුයි ජින්කි චිකා පාරක් දානවද කොහෙද. :sorry:
    ඩෙක් එකකින් බැලුවේ මතක නෑ මොකක්ද කියලා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    මට නම් මතක එක ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක ප්ලේන් එකක් කඩන් වැටෙනවා කැලේට.
    ප්ලේන් එකේ ඉන්න හැමෝටම තුවාල වෙනවා ඇදුම් ටික ගන්න දෙයක් නෑ.
    ඒකෙ ඉන්න නිලියක් බ්‍රා එක අදින්නේ කැමරා එකට පිටිපස්ස හරවලා.
    ඒ සිද්දියෙන් තමයි දැනගත්තේ ජුරාසික් පාර්ක් කියන්නේ දරුණු ෆිල්ම් එකක් කියලා.
    TREX කෙනෙකුයි ටෙරඩක්ටිල් කෙනෙකුයි ගහගද්දී ගහගද්දී නළුවෙකුයි නිලියකුයි ජින්කි චිකා පාරක් දානවද කොහෙද. :sorry:
    ඩෙක් එකකින් බැලුවේ මතක නෑ මොකක්ද කියලා.
    ප්ලේන් එකක් කඩන් වැටෙන්නේ 3 වෙනි එකේ.