ලපයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් අමු ගොන් කතා ටිකක් තියෙනවා. ඒ වුනාට කියන්නේ හෙන උගත්තු ටිකක් මේ පාර ඡන්දෙට දාලා තියෙන්නෙ කියලා.
උන් දින්නාම ....
-වසරක් පාසා ජාතික චිත්‍ර තරගයක් පවත්වන වලු (මේක දැවෙන ජාතික ප්‍රශ්නයක්ද බං)
-පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් දෙනවලු (මේක මරා දෙන්න ගිය වෙලාවෙ කලාපෙ උන් පාරට බස්සලා මුන්නේ එකෙක් මරා ගත්තෙ)
-සාපෙළට ක්‍රීඩාව අනිවාරය විෂයක් කරනවලු (ප්‍රැක්ටිකල් වලට, පිහිනීම, ක්‍රිකට් වගේ ඒවත් තියේ අබාධ එවුන්ට කපේට සාපෙළ පාස් වෙන්න බැරි වෙයි)
-200ට වැඩි සෙවකයො ඉන්න ආයතන වල සේවකයන්ට මාසයක් පාසා වෛද්‍ය සායන රසායනා ගාර පරීක්ෂණ කරනවලු. ලංකාවෙ ඉස්පිරිතාල වහලා ඒ වෘත්තිකයෝ ෆැක්ටෙරි ගානේ යන්න වෙයි සායන තියන්න.)
-ළමයි ලැබීමට තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ට පමණක් දෙනවලු ( මිනිහට ළමයි ඇතිනම් ගෑණිට පිට ගිහින් හරි හදා ගන්න බැරියෑ)
-මේ වගේ හරවත් ප්‍රතිපත්ති රැසයි.
