ඉන්න සැලකිය යුතු පිරිස අපි තමයි . පන් ලක්ශ හතලිස් දාහයි.ඕකෙන් කොහේ ආණ්ඩුවක් හදන්නද ? අනිත් එවුන් පක්ශ බදන් ඉන්න මිනිස්සු. ඒ අය තව අවුරුදු පනහක් වත් යනකන් තම තමන්ගේ පක්ශ වලටම දායි.ඒවා කරන්න ඉන්නේ 219 උන් අනිත් ඒවා ගැන කතා කරන නැනේ .. අරව ගැන කතා කරන්න උනුත් ඉන්න එපායේ .. ආසන එකසිය ගානක් නෙමේනේ .. ව්‍යවස්ථා සංශෝදන වගේ ඒවා ගැන හිතල ආසන 10 කට චන්දෙ දෙනවත් මිනිස්සු නැද්ද ... හැම එකාටම ඔය වගේ ප්‍රශ්න නැනේ ,, සැලකිය යුතු පිරිසක් ඉන්නවනේ ඔය වගේ ප්‍රශ්න නැති ..
pahadiliwamaඔතන තියෙන්නෙ පක්ෂෙ ප්‍රශ්නෙකට වඩා මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්!![]()
කීයටවත් සන්ධාන ගතවෙන්න එපා. සන්ධාන ගහපු හැම පක්ෂයක්ම විනාසයි.තියෙන විදිය හොඳයි
ඒක කරන්න බෑ බන් .. කරන්න බැරි ජවිපෙ අඩුපාඩුවක් නිසා නෙවෙයි ..
පවතින ක්‍රමේ අඩු පාඩුවක් නිසා ..
මේ පවතින මුළු සිස්ටම් එකම වැරදි පාරක යනවා නම්.. ජවිපෙ හරි පාරේ යනවා නම් ..
ජවිපෙට බලය එන්නේ නෑ කියල අර වැරදි පාරේ යන සිස්ටම් ඒකට එකතු වෙන එක සාදාරණද ? කවද හරි ජවිපෙ හොඳක් කරන අරමුණකින් මේ පවතින සිස්ටම් ඒකට අනුගත වෙන්න හිතුවොත් ජවිපෙටත් වෙන්නේ අනික් පක්ෂ වලට වෙන ටිකම තමයි ..
ජවිපෙ පැවැත්ම තියෙන්නේ එයාල වාමාංශික පක්ෂයක් විදිහට රැඳෙන තාක් කල් විතරයි , ඒ වගේම එක තමයි හරි දේ ..
ඉතින් ජවිපෙට බෑ නේ බන් එජාපෙ සහ ශ්‍රිලනිපේ එක්ක එකතු වෙන්න ..
ඒක නිකන් හරියට තෙලුයි වතුරයි එකතු කරන්න බෑ වගේ කේස් එකක්![]()
මම හිතන විදිහට ජේවීපිය අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ගියොත් වෙන්නෙ ජේවීපියම අර කුණුත් එක්ක දිරන එකයි. පක්ෂයම දියවෙන එකයි වෙන්නෙ. ඊට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් ඒ අයට සකස් කරගන්න වෙනව මිනිස්සුන්ගෙ ඔළුගෙඩිවල තියෙන කුණු අයින් කරල වඩා හොඳ දේශපාලන මතවාදයක් ඇති කරන්න. (ලාල් කාන්ත මන්ත්‍රීකමෙන් අයින් වෙනව කියපුවම අනිත් අය කියපු කතා ගැන හිතුවොත්, මන්ත්‍රී පට්ටම තමයි දේශපාලනයේ එකම දේ කියල හිතන පිරිසක් ඉන්න රටක් මේක)
ඒක ලේසි වැඩක්නම් නෙවෙයි කියල මට හිතෙනව මේපාර චන්ද ප්‍රතිඵල දැක්කම. මොකද මේපාරත් මිනිස්සු කළේ අර පරණ හොර මගඩි කපටින්ටම චන්දෙ දුන්න එකයි. (හොඳ මහත්වරු නැතුවම නෙවෙයි ඕං) මොන දේටත් වඩා පක්ෂය වැදගත් මිනිස්සු තමයි තාමත් ඉන්නෙ. (ප්රගතිශීලී අදහස් තියෙන අය නෑ කියන එක නෙවෙයි) කොහොම උනත් මීට වඩා කාර්යක්ෂම වැඩ පිලිවෙලක් හදාගන්න ඕන කියලයි මට හිතෙන්නෙ මිනිස්සු අතරට යන්න. නැතුව අනිත් පක්ෂ එක්ක එකතු වුණොත් ජේවීපියටත් බඩුම තමයි.
මචන් කරනව නම් මේ වෙලාවේ තමයි කරන්න ඔන.... රනිල් එක්ක එකතු වෙලා ආණ්ඩු හදල ඒක හරි පාරේ යවන්න උත්සාහ ගන්න ඕන... ඒත් ජවිපෙ හැම විටම වි වේචනය කරා මිසක් හරියකට වැඩක් කරන්න උත්සාහ ගත්තෙ නෑ.... ඔවුන් වැඩක් කරන්න බෑ...කට විතරයි කියන මතයත් සමාජයේ තියෙනව.... මොකද වැඩ කරන එකයි බැනුම් අහගන්නෙ ... හොර ලේබල් වදින්නෙ උන්ටයි... මරා රටට ලොකු සේවයක් කලා ඒත් නාමල් - බැසිල් හින්ද නැත්තටම නැති උනා... හරියන්න හෝ වරදින්න වැඩ කරන්න ඕන.... විමල් ඒ ඇත්ත තේරුම් ගත්ත ...
මේක තමයි වෙන්න ඕන. වෙන පක්ශ එක්ක ගියොත් වෙන්නෙ විමල්ට චම්පිකට වෙච්ච දේම තමයි. ඒක හොඳටම පැහැදිලියි. සන්ධාන ගහගෙන වැඩ කරල පෙන්නන්න බැහැ. කකුලෙන් අදිනවා. ඇමතිකම් කරපු කාලෙ හොඳට අත්දැකීම් ගත්ත පක්ශෙ ඒ වගේ දේවල් ගැන. ඒක නිසා තමයි අමාරුවෙන් උනත් තනි ගමනක් යන්න හදන්නෙ. ප්‍රධාන පක්ශ දෙක කොහෙත්ම කැමති නෑ ජවිපෙ මිනිස්සු අතරට යනවට. එහෙම ගියොත් උන්ට පැවැත්මක් නෑ. අපේ මිනිස්සුන්ට ඕක තේරෙනකම් මේ රට ගොඩගන්න බැහැ
![]()
ජවිපෙ වැඩක් කරන්න උත්සහ කරා බන්. . ආණ්ඩු වලින් එව්වට උදව් කරේ නැහැ ජවිපෙ ජනප්‍රිය වෙන නිසා.. සන්දානයක් ගැහුවා කියල ඒ සන්දානෙට එන ප්‍රධාන පක්ෂය කැමති වෙන්නේ නැහැ පොඩි පක්ෂ මිනිස්සු අතරට යනවට. එතැනදී බොහොම උපක්රමශීලීව වැඩේ කරන්න ඕන..
විමල් තෙරුම්ගත්තු ඇත්ත නම් ජවිපෙ ඉන්නවට වඩා සොමියෙන් ජොලියෙන් කාල බීල සැපක් විඳගෙන ඉන්නනම් ආණ්ඩුවට පනින්න ඕන කියන දේ තමයි බන්.. විමල් වීරවංස සත්‍යවශයෙන්ම ජනතා සේවයට ආපු කෙනෙක් නෙවෙයි.. ප්‍රතිපත්තිමය තීරණයක් මත පක්ෂ මාරු කරා කියල මිනිස්සු වංචා වලට සම්භන්ධ වෙන්නේ නැහැ .. එත් විමල් මුල්‍ය වංචා වලට සම්භන්දයි කියල චෝදනා තියනවා..
ඔයාගේ අදහස මමත් හරි කියලයි දකින්නේ.
ඔය රතුපාට අදහස ලඟදි දවසක මමත් කිවුවා.
ඔය තියන හැම ප්‍රතිපත්තිය එක්ක නම් ජවිපෙට මේ රටට සේවය කරනවා බොරු.
ඇත්තටම සේවය කරන්න ඕනේ නම්, බලය ඕන. එකට විවිද උපක්‍රම ඕන. ඒ උපක්‍රම වලට ජවිපෙ ඇතැම් ප්‍රතිපත්ති වෙනස් කර ගන්න වෙයි. නැතිව ජවිපෙට මේ රටේ වැඩක් කරන්න තව අවුරුදු 40ක් වත් යයි.
"කවදා හෝ අපි මේ සටන ජය ගන්නවා" කියනවට වඩා කාලින අවශ්‍යතාවයට වැඩක් කරන්නයි ඕනේ.
+++++++
මම ජවිපෙට වත් කාටවත් මේ පාර දුන්නේ නෑ. හැබැයි දුන්නත් දෙන්නේ UNP ට. හේතුව මහින්ද.
ඔය "මහින්ද" තමා මේ පාර ජවිපෙ නියෝජනය අඩු කරන්න හේතු වෙලා තියන අනිත් ප්‍රදානම සාදකය.
මහින්ද එනවට අකමැති-වලක්වන්න ඕන මිනිස්සු ජවිපෙ, UNP හා SLFP වලත් හිටියා.
ඒ සමහර අය රනිල්ට කැමති නෑ. බොහෝවිට ජවිපෙට දෙන්න තිබ්බා.
නමුත් එහෙම කළා නම්, මහින්දට චන්ද වැඩි වෙලා බලයට එනවා.
ඒක වලක්වන්න ගොඩක් අය අකමැත්තෙන් නමුත් රනිල්ට දුන්නා.
එකෙන් ජවිපෙට කෙල වුනා.
ප්‍රතිපත්ති නිසා UNP එක්ක , කාලින අවශ්‍යතාවය නිසා SLFP දෙපාර්ශවය එක්කම එකතු වෙන්න ජවිපෙට බෑ නේද? එක අවාසියට හිට්ටේ.
මම වුනත් ජවිපෙට කැමැත්තක් තිබ්බට මේ පාර දුන්නත් මහින්ද නිසා ජවිපෙට දෙන්නේ නෑ.
අර විමල්, ගම්මන්පිල, පාටලී වගේ ප්‍රදාන පක්ෂයට සම්බන්ද වුනා නම් මෙලහට රටට ඔය බලාපොරොත්තු වෙන සේවය කරන්න තිබ්බා.
වෙලාවේ හැටියට එහෙම වුනා නම් ජවිපෙට UNP එක්ක සෙට් වෙනවා ඇරෙන්න වෙන විකල්පයකුත් නෑ නේද ඒක ජවිපෙ මිනිසුන්ට කොච්චර හිරිකිත යෝජනාවක් උනත්?
මහින්දගේ ආගමනය නොවෙන්න මේ රටේ සාපේක්ෂව වඩාත් යහපත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්න තිබ්බා.
හැබැයි අපේ රටේ ජනතාව පට්ට බුද්දිමත් නිසා එකත් ෂුවර් නෑ!
අර ඔයා කියනවා වගේ "කවදා හෝ පක්ෂේ දිනනකම් රටට සේවය කරන්න බලං ඉන්නවා" කියන කරුණ නම් ජවිපෙ ප්‍රතිපත්ති අනුව වුනත් අනුමත කරන්න බෑ.
+++++
අඩු පාඩු ඇති. හැබැයි ඕක තමා මගේ අදහස.
ජෙවීපි එකට ආසන 40 දෙන්න තරන් රටේ මිනිස්සු නිර්ලෝභි උනේ ඇයි කියල දන්නවද අයියෙ?
JVP kiyandeya ape minssunta therenna thawa kal ynawa ban
ඔයා කියන්නකෝ බලන්න මල්ලි..
ගුනේ මේ ත්‍රෙඩ් එක මම දැම්මේ වාද කරන්න, ගහ මරාගන්න නෙවෙයි.. රටට යහපතක් කරන්න ජවිපෙ කුමක් කල යුතුද කියන දේ ගැන සාකච්චාවක් දාන්න... ඒ හින්ද මේකට අදාළ දෙයක් ඇරෙන්න මේකේ ලියවෙන කරුණක් ඇදල අරගෙන ඒ ඔස්සේ ගිහින් උඹලාගේ ජරාජීරණ දේශපාලනය මේකටත් ගෙන්න එපා..
ඔව් මේක තමයි වෙන්න ඕන. ප්‍රධාන පක්ශ දෙකට එකතු නොවී මිනිස්සු අතරට යන්න වැඩ පිලිවෙලක් හදාගන්න ඕන
උඹ එක්ක මම එකඟයි එක තැනකදී ඇරෙන්න.. විමල් වීරවංස රටට සේවයක් කරනවා කියන එක මුලාවක්..
ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු යවල සුනිල් හඳුන්නෙත්ති ගෙදර යවන රටේ මිනිස්සු JVP එකට ආණ්ඩුවක් හදන්න චන්දෙ දෙන්නේ නැහැ කවදාවත්... මිනිස්සුන්ට ප්‍රතිපත්ති, අවංකභාවය, උගත්කම, බුද්ධිමත්කම කියන දේවල් තේරෙන්නේ නැහැ... අරක්කු කාලක්, ටකරන් තහඩු ටිකක්, සිල්ලර මල්ලක් දුන්නනම් ඕන හොරෙකුට චන්දෙ දෙනවා බන් අපේ රටේ මිනිස්සු... ඒ දේශපාලන සංස්කෘතියත් එක්ක JVP එකට ප්‍රතිපත්ති වලින් තරංග කරන්න බැහැ .. ප්‍රතිවාදියා යුද්දෙට කඩුවක් ගේනවානම් ඌ එක්ක යුද්ද කරන්න පෑනක් අරන් ගිහින් වැඩක් නැහැ.. කඩුවක් රැගෙන යා යුතුමයි...මේ සත්‍යය JVP එක තේරුම්ගන්න තුරු රටේ බලය අල්ලනවා කියන එක හීනයක්..
අදාල දෙයක් තමා කියන්නෙ ඒකෙන් උඹේ හිත රිදුනාට මට කරන්න දෙයක් නෑ.
මිනිස්සු ජෙවීපියට ආසන 40 ලබලා දුන්නෙ ජෙවීපිය නිර්ලොභී විදියට රට වෙනුවෙන් පෙනී හිටපු නිසායි. 2004 දී ජෙවීපිය රටට යහපාලනය ගේන්න උනන්දු උනේ නැහැ. නැත්තන් රනිල්ව අගමැති කරන්න උන්නදු උනේ නැහැ. ජවිපේ එදා තමන් පෙනී ඉන්න ඕනි කා එක්කද කියල තේරැන් අරන් හිටියේ.
හැබැයි ටිකෙන් ටික කාලය ගෙවෙද්දි ජෙවීපියට රට වෙනුවෙන් පෙනී ඉන්න අමතක උනා හෝ අමතක කලා. ඒනිසා රට වෙනුවෙන් පක්ශය අැතුලෙත් පිටතත් කතා කරපු විමල් ඇතුලු කණ්ඩායමට පක්ශය දාලා යන්න සිද්ධ උනා. එදා ඉදන් අද වෙනකන් ජෙවීපිය රට වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. ඊට පස්සෙ ජෙවීපිය අර වික්‍රමභාහු වගේ ඇමරිකන් ප්රජාතන්තරවාදය වෙනුවෙනයි පෙනී ඉන්න පටන් ගත්තෙ.
ජවිපේට ගොඩ යාමක් තියෙන්නෙ මහින්ද ඇතුලු ජාතිකවාදී පිල එක්ක විතරයි. අන්ත දක්ශිනාන්ශික රනිල් එක්ක ජෙවීපියට තියා රටටවත් අනාගතයක් නැහැ.
අදාල දෙයක් තමා කියන්නෙ ඒකෙන් උඹේ හිත රිදුනාට මට කරන්න දෙයක් නෑ.
මිනිස්සු ජෙවීපියට ආසන 40 ලබලා දුන්නෙ ජෙවීපිය නිර්ලොභී විදියට රට වෙනුවෙන් පෙනී හිටපු නිසායි. 2004 දී ජෙවීපිය රටට යහපාලනය ගේන්න උනන්දු උනේ නැහැ. නැත්තන් රනිල්ව අගමැති කරන්න උන්නදු උනේ නැහැ. ජවිපේ එදා තමන් පෙනී ඉන්න ඕනි කා එක්කද කියල තේරැන් අරන් හිටියේ.
හැබැයි ටිකෙන් ටික කාලය ගෙවෙද්දි ජෙවීපියට රට වෙනුවෙන් පෙනී ඉන්න අමතක උනා හෝ අමතක කලා. ඒනිසා රට වෙනුවෙන් පක්ශය අැතුලෙත් පිටතත් කතා කරපු විමල් ඇතුලු කණ්ඩායමට පක්ශය දාලා යන්න සිද්ධ උනා. එදා ඉදන් අද වෙනකන් ජෙවීපිය රට වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. ඊට පස්සෙ ජෙවීපිය අර වික්‍රමභාහු වගේ ඇමරිකන් ප්රජාතන්තරවාදය වෙනුවෙනයි පෙනී ඉන්න පටන් ගත්තෙ.
ජවිපේට ගොඩ යාමක් තියෙන්නෙ මහින්ද ඇතුලු ජාතිකවාදී පිල එක්ක විතරයි. අන්ත දක්ශිනාන්ශික රනිල් එක්ක ජෙවීපියට තියා රටටවත් අනාගතයක් නැහැ.
මේ කතාව තව දුර ගියොත් ත්‍රෙඩ් එක off topic යනවා ගුනේ.. ඒ නිසා මම ඔයාට උත්තර දෙන්නේ නැහැ.. ඔයා මෙතනත් වක්‍රාකාරයෙන් ආවඩන්නේ මහින්දට සහ හොර නඩයට ..
මේ කතාව තව දුර ගියොත් ත්‍රෙඩ් එක off topic යනවා ගුනේ.. ඒ නිසා මම ඔයාට උත්තර දෙන්නේ නැහැ.. ඔයා මෙතනත් වක්‍රාකාරයෙන් ආවඩන්නේ මහින්දට සහ හොර නඩයට ..




