Kaizer Kaiz එල්ලනු!!!- (සංවාදයට විවෘතයි )

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
anigif_sub-buzz-13348-1473690447-2.gif



widapan mayeee amma !
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,175
    17,083
    113
    ප්‍රාණසම වූ මාගේ එලකිරි සහෘද කැලගෙන් අවසර ය...!

    බොහෝ කාලයකට පසුව එලකිරියට කඩාපාත් වීමට සිතක් පහල වී ය. ඒ මාගේ රීරිමාංසය බුදීමට සැදී පැහැදී සිටින්නා වූ නසරාණී අපායක සහායක මිතුරු කැල වන තොපගේ මුස්පේන්තු මුව මඩලෙහි සිරි විඳීම පිණිස නොවේ ය. තොපගේ කුණු සරීරයන්ගේ දැවටී එන්නා වූ සුලන් පොදක් වුව ද මැඩියාට පිලිකුල් ම ය. වෙසෙසින්ම අර දන්ත නාරායනයාගේ ශ්වේත කුෂ්ඨ සරීර කූඩුවේ දර්ශනය ද මැඩියාගේ ලේ ධාතු කුපිත කරවනු ප්‍රමාණවත් ය. ජන්ම දින සුභ පැතීමක මුවාවෙන් එ ගොබිලා කල හරිය දන්නේ කිරියේ තොපිම ය. පාරක තොටක බැසීමට අවකාශ වුවද නැත්තේ ය. මාගේ වයසට බෙහෙවින්ම වැඩි මුණුපුරන් ද සිටින්නා වූ එලකිරියේ නාකි ගොබිලන් මට "අංකල ය! අංකල ය!!" කියා අමතන්නේ ය. සලුපිලි උණා දමා ළිං ගත වීම හැර වෙන විකල්පයක් නැත්තේ ය. මේ තොපගේ කල්‍යාන මිත්‍රත්වයේ දිග පලල ය....!!!


    මේ සා දරුණු මානව හිමිකම් කඩවීමක් අවසානයේ ද නැවතත් කිරියට ගොඩ වූයේ කිනම් ස්ත්‍රී නිමිත්තක් අරභයා දැයි ද තොපිලා ඇසිය හැකිය. මැඩියාගේ හදිසි ආගමනයට කාරනය නම් පසුගිය දිනයන්හී දී මුලු මහත් සිරි ලංකා ද්වීපයම කම්පිත කෙරුවා වූ කයිසර කොලුවාගේ සලරූ පටය ය. (ඔව් යකුනේ! කයිසර් කයිස්ගේ අර වීඩියෝ ක්ලිප් එක තමයි!! තොපි මූනත්තහඩු හතරැස් කොරගෙන කියවනකොටම තේරුනා., එක හූතඹුවෙක් වත් සිංහල පාස් නැතුව ඇති කියලා!!! හිටු තොපිට තේරෙන සිංහලෙන් අඹරන්න!!!!)


    kaizer-kaiz.jpg


    සිද්ධිය වෙලා දැනට සතියක් වගේ වුනත් තාමත් ඒකේ උණුසුම නම් නැති වෙලා නැහැ. ඉතින්, ඒ අස්සේ මේ ගැන ආයෙමත් පාරක් ලියලා මැඩියා හදන්නේ උඹලා ලවා අර කිසිම වැරැද්දක් නොකරපු කයිසර්ගේ අහිංසක අම්මව සිහිපත් කරවන්න නෙමෙයි. මේ වීඩියෝ එක බලපු පලවෙනි වතාවෙදි මැඩියාට දැනුණෙත් උඹලාට දැනුන ඒ පිලිකුළම තමයි. කීබෝඩ් එකේ යතුරු විසිවෙන්න කමෙන්ට් පාරක් කොටන්න තරම් ආවේගයක් ආවත්, එහෙම නොකල එක ගැන තියෙන්නෙ සතුටක්!
    මොකද, "තරහත් එක්ක නැගිටන මිනිහා ආයෙමත් වාඩිවෙන්නේ ප්‍රශ්න ගොඩක් එක්ක යි" කියන එක ලොවෙත් හරි. කයිසර් වුණෙත් අන්න ඒ සන්තෑසියම තමයි! මේ වීඩියෝව නරඹපු බහුතරයක් ප්‍රසංග වේදිකාවකදි කයිස් කුණුහරුපෙන් කෑ ගැහුවා කියන එක දැනන් හිටියට ඕකේ පසුබිම් කතාව දන්නේ අතලොස්සක් විතරයි. (ඒ ගැන ප්‍රසිද්ධියේ පලකරන්න සදාචාරාත්මක අයිතියක් මැඩියාට කොහෙත්ම නැහැ.) කයිසර්ගේ හැසිරීම 200%ක්ම අනුමත කල නොහැකි වැරදි එකක් වුණත් ප්‍රශ්නය එතන නෙවෙයි!
    කයිසර් කුණුහරප කිව්වා! මොකෙක් හරි අවීඩියෝ කලා!! කොහෙන් හෝ ලීක් වුණා!!! ඒක දැන් ප්‍රයිම් නිවුස් එකක්!!!!
    ඔන්න සෝෂල් මීඩියාස් ගිනි ගන්නවා! ගොසිප් සයිට්ස් වලට රජ මගුල්!!! අප්‍රමාණ මව් සෙනෙහින් දයාබරිත වුණු හදවත්, ආදරනීය කමෙන්ටු වලින් බුකිය නහවනවා!!! ජන මාධ්‍යවලට මේ සතිය රන් කරන්න ඔන්න ටොපික් එකක් ලැබුණා!!!!

    ඔය අස්සේ ගායක ගායිකා සංගමයට තද වෙනවා! (ඒක සාධාරණ තරහක්.) පැස්කුවල් මහත්තයා පොලිසි යනවා!! තව පොඩ්ඩෙන් උසාවිත් යනවා!!! අන්තිමේදි සීන් එක පාර්ලිමේන්තුත් යනවා!!!! මෙන්න ඒක දැන් ජාතික ප්‍රශ්නයක්!!!!!

    දේවදත්තගේ රෙකෝර්ඩ් එකට අඩුවෙන් යන්තම් පොයින්ට් එකකින් දේකකින් රෑන්ක් වෙච්ච, මේ කයිසර් කයිස් කියන මහා පවුකාරයාට පලවෙනි ගල ගහන්න ජීවිතේ කවමදාකවත්, රහසින්වත් පවක් නොකරපු ශුද්ධවන්තයෝ රැලක් පෝලිමේ පොර කනවා.........!!!


    ඇවරේජ් ලාංකිකයෙක්ගේ මෙමරි කැපෑසිටි එක සති තුනක් බව සර් වේළුපිල්ලේ පිරබාකරන් කියන විද්‍යාඥයා විසින් හොයා ගත්තේ මීට අවුරුදු තිහකට විතර කලින්! (තොපි එක හු%#$#$නෙක් හරි දැන් මගෙන් අහන්නෙපා ශ්‍රීමත් පිරබාකරන් කවුද කියලා! එහෙම වුණොත් තොපි ඔක්කොම මරාගෙන මාත් මැරෙනවා දැනගනින්....!! ) ඉතින්, පහුගිය දශකය ඇතුලත සිද්ධ වෙච්චි කතාන්දර කාටවත් මතක තියෙන්න ඉදිහක් නෑ නෙව! අන්න ඒ හින්දා මැඩියා හිතුවා. පුරාණ පුස්කොල පොතක තිබුණ ඒ කාලේ සිද්ධ වෙච්චි ලස්සන කතනන්දර කිහිපයක් බොලාට කියලා දෙන්න!!

    ඔන්න මයේ අප්පච්චි, මීට හරියටම අවුරුදු හයකට කලින්. ඒ කියන්නේ 2010 අවුරුද්දේ එක සෙනසුරාදාවක්! මාස කිහිපයක් තිස්සේ බොහෝම සාර්තකව විකාශය වෙච්චි රියැලිටි වැඩසටහනක අවසන් මහා රාත්‍රිය. මිලියන ගානක් ප්‍රේක්සකයෝ මේක නරබන අතරතුරේ ෆයිනල් තේරිලා හිටපු එකම තරඟකාරිය තමන්ගේ ආරම්භක ඉදිරිපත් කිරීම කරනවා. (මතක විදිහට දේශාභිමානී ගීයක්. ලස්සන ඔසරියක් එහෙම ඇඳලා කාරිය තමයි ඈ ඒ රංගනයක් කලේ.) ඉදිරිපත් කිරීම අවසානයේ මේ විනිශ්චය මණ්ඩලයේ හිටපු එකතරා විද්වතෙක් ලෝක රූපවාහිනී ඉතිහාසයේ ප්‍රථම වතාවට හරි අපූරු වැඩක් කරනවා!! ඔව්! දෙනෝදාහක් ඉදිරියේ ඒ විනිශ්චයකාර තුමා අර නිළියගෙන් "කුක්කු" ඉල්ලනවා......!!!! (මේක සිද්ධවෙන වෙලාවේ මැඩියාත් ලයිව් බලාගෙනයි හිටියේ.) විනිශ්චය අහපු නිළිය ලැජ්ජාවෙන් රතුවෙද්දි නිවේදක මහත්තයා සුරතාන්තයේ උපරිමයට ගිහින් හිකි හිකි ගාලා හිනාවෙනවා. ළඟම හිටපු විනිශ්චයකාරවරියගෙන් දෝෂාරෝපණයක් එල්ල වුණත්, වැඩසටහන කිසිම බාධාවක් නැතිවම ඉදිරියට කරගෙන යනවා........! කාටද මේක මතක??



    මේ ඉල්ලීම කලේ හැන්දෑවට හීන් අඩියක් ගහලා සරම කරට ගත්තු තෙපානිස් කෙනෙක් නෙමෙයි. එවකට හිටපු ඇමතිවරයෙක්! ජනතා නියෝජිතයෙක්!! කයිස්ලා ඔහොම ප්‍රසංගයක් කරපු බව වත් අපි දන්නේ ඔය වීඩියෝ ක්ලිප් එක ලීක් වුණ නිසායි. නැත්නම් අපි මේ වෙනකොටත් අර ගුටිකාපු ගෑනුළමයාගේ ක්ලිප් එක අල්ලන් පතුරු ගගහා ඉඳියි. කොටසක් අර කොල්ලෝ ටිකට බනියි. තව කොටසක් අර කෙල්ලට බනියි. අසහන ගැන්සිය අර ළමයාගේ ෆේස්බුක් ගිණුම හොයයි. කයිස් මනුස්සයෙක් පන පිටින් ඉන්න බව වත් කාටව්වත් ම මතක තියෙන එකක් නැහැ!! නමුත්, මේ කියන සිදුවීම ගත්තොත්, ඔය වෙලාවේ කී දාහක් අම්මලා තාත්තලා තමන්ගේ (යමක් කමක් තේරෙන වයසේ) ළමයි ඉස්සරහා අපහසුතාවයට පත් වෙන්න ඇති ද? තමන්ගේ නංගියෙක් / මල්ලියෙක් ළඟ තියාගෙන ඕක බලපු අයියෙකැක්කෙක්ට පොලොව පලාගෙන යනවා හැරෙන්න විකල්පයක් තියේ ද??
    අදාල පුද්ගලයා දැන් දේශපාලනයේ නැති බව ඇත්ත. නමුත්, නිකමට හිතලා බැලුවාද මොන හේතුවක් හින්දා ද නාම යෝජනා නොලැබුනේ කියලා.....!!! ඔය කියන චරිතය කාලයක් හිටපු ජනපතිනිය ලඟත් වත්මන් අගමැතිවරයා ලඟත් පස්සේ කාලෙක හිටපු ජනාධිපතිවරයා ලඟත් ගුණ වයමින් තමගේ බිස්නස් එක කරගත්තු පුද්ගලයෙක් බව හැමෝම දන්න දෙයක්. හිටපු ජනාධිපතිවරයා ලඟ වන්දිභට්ටකම් කරපු කාලයේ දවසක් ඔය ඇමතිවරයා නගිනවා මැතිවරන වේදිකාවකට. කන පැලෙන්න සූර් වෙලා යාන්තම් පොලොවේ ලෑන්ඩ් වෙලා ඉන්න මට්ටමට වෙරි වෙලා ඉන්න මේ කෙනා, අර රා බීපු මීයා වගේ, කටමැත දොඩවනවා. බනින්නේ අමු තිත්ත කුණුහරෙන් එවකට විපක්ෂ් නායකවරයා වෙච්චි රනිල් වික්‍රමසිංහට යි. අද තරම් කැමරා ෆෝන් සුලබ නොවුණ ඒ කාලෙත් කොහොම හරි පිරිස අතරේ හිටපු කැමරා පෝන් ලාභියෙක් මේ සීන් එක වීඩියෝ කරගන්නවා.



    කයිසර්ගේ වේදිකාව ඉදිරියේ වගේම මේ කියපු මැතිවරණ වේදිකාව ඉදිරිපසත් සැලකිය යුතු තරම් පිරිසක් ඉන්න ඇති. නමුත් ප්‍රශ්නය වෙන්නේ කයිසරයා මෙහේ පලු යන්න බැනුම් අහනකොට, අර පුද්ගලයා ඒ මැතිවරණයෙනුත් උඩින්ම ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට "තෝරා පත්කර ගන්න එකයි".....!!!!!
    අගමැතිවරයාට සහ හිටපු ජනාධිපතිනියට කරපු පුද්ගලික අපහාස නිසාම අදාල කෙනා නාමයෝජනා නොලැබී ගෙදර ගියා මිසක්, කරුමෙට හෝ මහ මැතිවරනයට ඉල්ලන්න ලැබුනා නම් මැතිතුමා නැවත වරක් වැඩිම මනාපයෙන් තෝරා පත්කර ගැනෙනවා ගැනෙනවා මයි!!!!!!

    පොඩ්ඩක් මෑත කාලයට එමු. පහුගිය අවුරුද්දේ එක්තරා දවසක වත්මන් අගමැතිවරයාත් එක්ක විපක්ෂයේ ජෙ‍යෂ්ඨ මන්ත්‍රීවරයෙක් බහින් බස්වීමක් වෙනවා. එතනදි ඒ මන්ත්‍රීවරයා ලස්සන වචනයක් කියනවා. නමුත්, පහුවෙනිදා ඒ පක්ෂයේම තවත් මන්ත්‍රීවරයෙක් අර වචනයට බොහෝම ලස්සන අර්ථ විග්‍රහයක් කරනවා. වචනය අමුතුවෙන් හංගන්න ඕනි නෑනේ. මේ මන්ත්‍රීඅරයාගේ තර්කය වෙන්නේ "පක" කියන්නේ "ඵලය" එහෙමත් නැත්නම් "ගෙඩියට"යි කියන එක. එනිවේ, "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" මචන්.....!!!



    තර්කානුකූලව බැලුවොත් මන්ත්‍රීතුමාගේ පිලිතුර ලොවෙත් හරි. ඒත්, ඒකේ තේරුම අර ජෙ‍යෂ්ඨ මන්ත්‍රීවරයා කරපු දේ නිවැරදියි කියන එක නම්......
    මෙන්න කයිසර්ගේ වචනයට මැඩියාගේ විග්‍රහය! (කයිස් අර ටිකම පාර්ලිමේන්තුවේදී කිව්වා නම්, පහුවෙනිදා කයිස්ගේ පක්ෂයේ මන්ත්‍රීලා බොහෝවිට මේ වගේ කතාවක් කියයි....!)

    "සිංහල ජාතිය වනාහී වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බව පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පාර්ශවයන්ගේ සහ පුනරුද බලවේග නියෝජනය කරන විද්වතුන්ගේ මතයයි. මීට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ දරුවන් බිහිකිරීම කෙරෙහි සිංහල කාන්තාවන් දක්වන මන්දෝත්සාහී ස්වභාවයයි. ස්වාමි පුරුෂයන් මේ සඳහා එවරෙඩ් වී ස්ටෑන්ඩ් බයි පිට සිටියත්, භාර්යාවන්ගෙන් නිසි සහයෝගයක් නොලැබීම නිසා මෙම වැඩපිලිවෙල ලත් තැනම ලොප් වී තිබේ. මෙයට සාර්ථක විසඳුමක් අප විසින් සොයාගත් අතර එය ක්‍රියාවට නැංවීම සඳහා අප විසින් ඉලක්ක කර ගනු ගනු ලැබුවේ රටේ ජීවනාලිය හෙවත් වතමන් තරුණ පරපුරයි. මීට උපරිම ප්‍රචාරණයක් ලබාදීමට ශ්‍රී ලාංකීය රැප් බලකාය විසින් කොන්දේසි විරහිතව එකඟ විය.
    ඔබ හා විවාහ වන තෙක් ඇය ඔබගේ පෙම්වතියයි. විවාහයෙන් පසුව ඔබගේ භාර්යාව බවට පත් වේ. එහෙත්, දරුවෙකු බිහි කලායින් පසුව ඈ තව දුරටත් ඔබගේ භාර්යාව පමණක් නෝවේ! ඇය දැන් මවකි. අම්මා කෙනෙකි. එසේ ගත් කල, එතැන් පටන් ඔබ විවාහ ජීවිතයක් ගත කරන්නේ අම්මා කෙනෙකුන් සමග ය. එවිට............."

    මීට වඩා දිගට ඕක විස්තර කරන්න පුලුවන්. ඒත්, මේ ටික ලිව්වෙත් හිත දැඩි කරන්! මොකද, මැඩියා කියන්නේත් එක අම්මා කෙනෙක්ගේ ළමයෙක්! දවසක තව අම්මා කෙනෙක්ගේ ස්වාමි පුරුෂයෙක්!! කොහොම නමුත්, ඔය සිදුවීම ඇත්තටම වුනා නම් ඊලඟට වෙන්නේ මොකක්ද??

    කයිස්ගේ පක්ෂකාරයෝ ඉස් මුදුනින් ඕක පිලි ගනියි. විරුද්ධ එවුන් අරුන්ට "ජාතිවාදියෝ" කියලා කියයි.
    පිලිතුරු විදිහට මුන් කියයි, "කවලම් බෞද්ධයෝ" "කුරුසයෝ" "මරක්කලයෝ" "කොටියෝ" කියලා.
    අන්තිමට එකෙක් අහයි "උඹේ අම්මා නේද අර පල්ලිය ලඟ $@##&^% ඉන්නේ?" කියලා. ඌට සපෝර්ට් එකට කමෙන්ට් දහයක් ලයික්ස්, පනහක් වැටෙයි.
    අනිකෙක් අහයි "ඔච්චර කහින්නේ උඹ හාමුදුරුවොන්ට %@$#@ ද?" කියලා. උටත් කමෙන්ට්ස් දහය්යි ලයික්ස් පනහයි වැටෙයි.

    ඔය අතරේ මධ්‍යස්ථ කතාකරන්න එන මිනිහා තමන්ගේ අම්මා අප්පා සනුහරේටම බැනුම් අහගෙන යන්ඩ යයි!!!

    ආතල්ම සීන් එක කියන්නේ එදාටත් ඕක තවත් සතියේ නිවුස් එකක් විතරයි....!!!!

    මීට මාස කිහිපයකට කලින් එක්තරා ඇමතිවරයෙක් ඩිජිටල් භාෂාවෙන් පාර්ලිමේන්තුව ඇමතුවා කාටද මතක??? වේදිකාවක් උඩ කයිස් කියපු ඒ වචන ටිකම ඒ ඇමතිවරයා අති උත්තරයි කියන පාර්ලිමේන්තුව ඇතුලේ කිව්වා!! පාසල් චාරිකාවකට හෝ පාර්ලිමේන්තුව බලන්න ගියපු කෙනෙක් දන්නව ඇති ඔතන පාවිච්චි වෙන වචන. නමුත්, ඒ කිසිම කෙනෙක්ව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ! උන් ආයෙ පත්වෙනවා. ආයෙත් පත්වෙනවා!! ආයෙ ආයෙමත් පත්වෙනවා!!! උන් පාර්ලිමේන්තු ගියේ අපේම "මනාපයෙන්" මිසක් හමුදා බලයෙන් නෙමෙයි නේ ද??

    ෆොන්සේකා ජනාධිපතිවරනයට ඉල්ලපු දවස්වල කැළණි පන්සලට ආපු ඇමතිවරයෙක් ෆොන්සේකාට විරුද්ධව අමු කතාවක් කලා. (ඔව්! බුදුන් වැඩිය කැළණියේදීම තමයි.) ඒ කතාව මැද්දේ ඒ මනුස්ස්යා කිහිප වතාවක්ම කිව්වා. "පො^&$^%න පොන්සේකා! පො&^%$$න පොන්සේකා!!" කියලා. හාමුදුරුවොයි, ළමයිනුයි, ගෑණු මිනිස්සුයි ඔක්කොම ඉන්න තැන. පූජා භූමියක් ඇතුලේ. මිනිස්සු හුරේ දැම්මා මිසක් ඇමතිවරයාගේ අම්මට %#$#$# කියලා කෑ ගැහුවේ නැහැ. ඒ තියා, ඊළඟ මැතිවරණයෙන් මනුස්සයා ආයෙමත් රිංගුවා පාර්ලිමේන්තුවට.

    කයිසර් වැරදියි තමයි. ඒත්, එකම වැරැද්ද කරලා කොටසක් රතු පලස් උඩින් වඩිද්දි, එකෙක් විතරක් ඇයි සමාජයෙන් අපවාද ලබන්නේ?

    උත්තරේ සරලයි! කයිසර් කයිස් කියන්නේ ප්‍රභූවරයෙක්ගේ ළමයෙක් නෙමෙයි. තමන්ගේ හැකියාව හරහා යම්කිසි ජනප්‍රියතාවයක් උපයාගෙන තිබුණාට ඌත් උඹලා අපි වගේම සාමාන්‍ය මනුස්සයෙක් විතරයි.....!
    ඌට බැහැ ගාඩ්ස්ලා දහ දොලොස් දෙනෙක් එක්ක නයිට් ක්ලබ් ගිහින් ගේම ඉල්ලන්න! ඌට බැහැ මීඩියා වලට කුට්ටි දීලා නිවුස් යට ගහන්න!! ඌට බලයක් නැහැ තමන්ට විරුද්දව මඩ ගහන උන්ට පෙරලා පහර දෙන්න!!!
    ඉතින් ඌ තැලෙනවා තමයි.

    kaizer.jpg


    මචන් කයිස්,

    ලෝකෙ හැම මිනිහෙක්ම ඉපදෙන්න තමන්ටම අනන්‍ය වෙච්ච හැකියාවන් ගොඩාක් එක්ක යි. සමහර හැකියාවන් තමන්ට තියෙන බව තමන්වත් දන්නේ නැහැ. බොහෝ වෙලාවට තමන්ගේ ළඟම කෙනෙක්/ ගුරුවරයෙක්/ (කලාතුරකින්) හොඳ කාර්යාල ප්‍රධානියෙක්වගේ කෙනෙක් තමයි අපිට ඒක පෙන්නලා දෙන්නේ. ඒ අය අතරිනුත් බොහෝම අතලොස්සකට තමයි තමන්ගේ හැකියාවන් හරහා ඉහලට එන්න ලැබෙන්නේ. මොකද. ටැලන්ට්ස් හැමෝටම තිබුණාට උත්සහය (90%) + වාසනා ගුණය (10%) දෙක නැත්නම් ඒ කෙනා තමන්ගේ ක්ෂේත්‍රයේ සුවිශේෂී කෙනෙක් වෙන්නේ නැහැ!!! මේ වාසනා ගුනය කියන දේ උඹ උපතින් ගෙනාවත් එක මොකක්ක්ද කියලා උඹට තවම අවබෝධයක් නැත්නම්, මම පුංචි ආබෝධයක් දෙන්නම්! (මොකද, රත්නපුරේ පස්ගොඩකින් මැණික් හම්බවෙලා ඒ පලාතේ ගොඩාක් මිනිස්සු සල්ලිකාරයෝ වුනා. ඒත්, ඒ පස් ගත්තු ඉඩමේ, ඒ පස් උඩම අවුරුදු ගණන් ජීවත් වුන මිනිස්සුන්ට ඒ මැණික් පෙණුනේ නැහැ! ) නව පරපුරේ රැප් ගායන ශිල්පියෝ අතර උඹ මුල් පෙලේ එකෙක්. එතනට එන්න ආස කරන ඒත් වෙන වෙන හේතුන් නිසා එතනට එන්න බැරි වුන පිරිසක් ඉන්නවා. උඹේ අම්මා තාත්තා උඹව එක වේලක් බඩගින්නේ තියලා නැතුව ඇති! ඒත්, නිකමට හිතපන්, (පර්සනලි ගන්න එපා!) උඹේ තාත්තා බීමට ඇබ්බැහි වෙච්චි හැම සතේම බීලම කුඩු කරලා දාන තාත්තෙක් වුනා නම්....? උඹේ අම්මා උඹේ හීන තුට්ටුවකට මායිම් නොකරන අම්මා කෙනෙක් වුණා නම්....??
    උඹ අද කොහේ හරි ආයතනයක මාසික වැටුපකට වැඩ කර කර ඉඳියි. නැත්නම් ව්‍යාපාරයක් කරයි (සමහර විට ඒ හරහා උබ බිලියන ගණන් වුනත් ලබන්න පුලුවන්!) නමුත්, උඹේ හීනවලට මැරෙන්න දීපු කරුමේ උබව නොමරා මරයි. තමන්ගේ හීනත් එක්ක නොපෑහෙන වෘත්තියක් කරන අයියා කෙනෙක්/ අක්කා කෙනෙක්ගෙන් අහලා බලපන්!!! උඹ ලබපු මනුස්ස ආත්මෙට දෙවෙනි පණක් දීපු එහෙවු අම්මා තාත්තා තමයි අද උඹේම නොසැලකිලිමත්කමෙන් බැනුම් අහන්නේ......!

    මේ ලිපිය ලියන මැඩියාගේ මල්ලිත් අද හෙල රැප් කලාව ඇතුලේ සක්‍රීය චරිතයක්! (උඹලා අඳුරනවා තමයි!) පොර මීට අවුරුදු දෙකකට විතර කලින් මුල්ම සමා-ජේ ප්‍රසංගයේදී උඹව මුණ ගැහිලා ගෙදර ඇවිත් කිවුව කතාව අහලා මැඩියා ෆුල් හොල්මන් වුණා! මිනිස්සුන්ගේ එස්.එම්.එස් වලින් කිරුළු පලන්දවගෙන අන්තිමට ගමේ ප්‍රසංගයකදි එක සොන්ග් එකක් වැඩිපුර ඉල්ලුවොත් ඒ මිනිස්සුන්ටම ඇඳිවත උස්සලා පෙන්නන, යාන්තම් සින්දු 4ක් 5ක් එලියට දාලා ඊලඟ සීසන් එකට එන එවුන්ට ප්‍රවීන ලෙවල් එකේ ටෝක්ස් දෙන සුපිරි තරු අස්සේ උඹ අර සමා-ජේ ප්‍රසංගයට ආපු නවකයෝ එක්ක කිසිම ආඩම්බරයක් නැතුව බොහෝම සුහදව සහයෝගයෙන් වැඩ කරලා තිබුණා. මැඩියා අඳුරන්නේ අන්න ඒ කයිස් වයි......!

    ලිපිය මුලදි කිව්වා වගේ සිද්ධියට අදාල නිදාන කතාව මැඩියා හොඳාකාරවම දන්නේ ඒ නිසා යි. ගැටුමට අදාල මුල් වෙඩි මුරය පත්තු කලේ උඹ නොවන බවත් දන්නවා. උඹ ඒ වෙලාවේ හිටියේ මොන වගේ සිහියකින් ද කියන එකත් රහසක් නෙවෙයි. ෆීල්ඩ් එක ඇතුලේ ප්‍රශ්න එලියට එන එක කොයි තාක් දුරට සුදුසුද කියන එක උඹම තීරණය කරපන්! තරුණ වයසෙදි "ජනප්‍රියත්වය" කියන්නේ දරාගන්න අමාරු දෙයක් තමයි. ඒක හරියට මැනේජ් කරගන්න ඉගෙන ගනින්. ජස්ටින් බීබර් පන්නයට යන්න එපා. උන්ගේ රටවල අවුරුදු 16-17 වෙනකොට ඉන්ඩිවිජුවල් වෙනවා. එතනින් පස්සේ උන් බඩු ගැහුවත් කොකේන් ගැහුවත් අම්මා අප්පා තියා මොකෙක්වත් හොයන්න එන්නේ නැහැ. (එහෙම කලොත් ඒක සැලකෙන්නේ පුද්ගලිකත්වයට කරපු අනිසි අතපෙවීමක් විදිහටයි. ළමයා නඩු දැම්මොත්, ඒ අම්මා තාත්තාට නීතියෙන් දඬුවම් ලබන්න සිද්ධ වෙනවා.) ඒත්, අපි වෙනස් මචන්. උඹට අද වයස කීය වුණත් අදටත් උඹ වැරැද්දක් කරලා අහු වුණොත්, වදපු අම්මා තාත්තාට උඹ උත්තර දෙන්නම සිද්ධ වෙනවා. කවුරු මොනවා කිව්වත්, ලංකාවේ අපි බැඳීම් වලට අප්‍රමාණව ගරු කරන මිනිස්සු! තව ඉහලට පලයන්! ලෝකේ ඕනෑම මුල්ලකට ගිහින් තමන්ගේ වැඩ පෙන්නපන්!. "හෙල" රැප් ශිල්පියෙක් විදිහට........!!!
    (කෙටියෙන් කිව්වොත්, ශෛලිය අඟහරු වලින් ගෙනාවත් අනන්‍යතාවය අපේ වෙන්න ඕනි!)

    වැරැද්දක් වුණා! සමාව ගත්තා!! (ඒකෙන් හම්බ කරන්න පුලුවන් එවුන් හම්බ කරගත්තා) දැන් ඒක අතීතයට අයිති දෙයක්!!!

    ඔය ඔක්කොම ප්‍රශ්න බල්ලාට දාලා, අලුත් නිර්මාණයකින් ආයෙමත් වරෙන්.......!


    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.....


    "කයිසර්ව එල්ලමු -
    කුණුහරුපයක් නොකියපු අලුගෝසුවෙක්ගේ අතින්......!"



    හෙල රැප් කලාවට
    ආදරෙන්,

    මැඩියා:cool:











    :lol::lol::lol::lol::lol::lol:






    එතකොට ටොයියෝ මේවා කුණුහරුප නෙමෙයිද?:lol::lol::lol:ඔව් ඉතින් උබේ දැක්මේ අනුව අම්මට හු*න්න කියන එක කුණුහරුපයක් නෙමෙයිනේ..:lol::lol:




     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    IMGL8506.jpg



    දගකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා...
    මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා....;):love::love::love:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    සිරාවටම මම topic එක දැක්ක සංවාදයට විවෘතයි කියල තියනව.. ටිකක් බලනකොට යටින් රචනාවක් තියනව දැක්ක ඉට පස්සෙ යටින් ලස්සන කෙල්ලෙක්ගෙ photo එකක් දැක්ක බන්.. :D .. ඉතින් මම හිතුව එ කෙල්ල ගැන තමයි මෙ සංවාදයට විවෘතයි කියල තියෙන්නෙ කියල බන්.. එකයි මෙ කෙල්ල ගැන අපි පොඩි සන්වාදයක් කලෙ.. :D

    ඇයි අවුල්ද......? :P:P:P:P

    :shocked:;):):lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රෝසි ආච්චි;20678654 said:
    හැමෝම කුණුහරුප කියනව තමා බන්, රට පාලනය කරන උනුත් කියනවා රටේ උත්තරීතරම තැන ඉඳගෙනත්. ඒත් මටනම් ඇහිලා නෑ ඔය වගේ කවුරුත් අම්මට හු#න්න කියලා පොඩි එවුන් පවා audience එකේ ඉද්දි කෑ ගහනවා :eek: අනිත් එක ඔය මොකා මෙච්චර කල් කුණුහරුප කිව්වත් පොඩි එවුන් ඒවා බලන් ඉඳලා යොයො නිගා උබෙ අම්මට හි#වේ මම කියලා රැප් හදලා ෆේස්බුක් දාන්න පෙලබුනෙත් නෑ.

    මුන් ස්ටේජ් උඩ නැගගෙන මෙහෙම කිසිම හිරිකියක් නැතුව ගෙදර බුදුන් අම්ම කියපු කටින්ම කුණහරුප කියනවා අම්මට අපහාස කරලා, ඒ මදිවට වටේ ඉන්න උන් ඒවා සාමාන්‍යය දේවල් වගේ හැසිරෙනවා. පොඩ්ඩක් ෆේස්බුක් පැත්තේ ගිහින් බලපන්කො මුංගේ මේ කුණුහරුප රැප් කලාව හින්දා අද පොඩි උන්ට වෙලා තියෙන දේ 

    eh kunuharupai me kunuharupei athara wenasa mokak da. umba kunuharupa kiyanne nadda? kiyanawa nam meka waradi umba kiana eka hari wenawada? dekama waradi nam mulin karanna ona umba kunuharupa kiyana eka/hithana eka nawaththana eka neda :)
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,727
    113
    eh kunuharupai me kunuharupei athara wenasa mokak da. umba kunuharupa kiyanne nadda? kiyanawa nam meka waradi umba kiana eka hari wenawada? dekama waradi nam mulin karanna ona umba kunuharupa kiyana eka/hithana eka nawaththana eka neda :)

    ubata me tika maga arila :)

    මුන් ස්ටේජ් උඩ නැගගෙන මෙහෙම කිසිම හිරිකියක් නැතුව ගෙදර බුදුන් අම්ම කියපු කටින්ම කුණහරුප කියනවා අම්මට අපහාස කරලා, ඒ මදිවට වටේ ඉන්න උන් ඒවා සාමාන්‍යය දේවල් වගේ හැසිරෙනවා. පොඩ්ඩක් ෆේස්බුක් පැත්තේ ගිහින් බලපන්කො මුංගේ මේ කුණුහරුප රැප් කලාව හින්දා අද පොඩි උන්ට වෙලා තියෙන දේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රෝසි ආච්චි;20681236 said:
    ubata me tika maga arila :)

    මුන් ස්ටේජ් උඩ නැගගෙන මෙහෙම කිසිම හිරිකියක් නැතුව ගෙදර බුදුන් අම්ම කියපු කටින්ම කුණහරුප කියනවා අම්මට අපහාස කරලා, ඒ මදිවට වටේ ඉන්න උන් ඒවා සාමාන්‍යය දේවල් වගේ හැසිරෙනවා. පොඩ්ඩක් ෆේස්බුක් පැත්තේ ගිහින් බලපන්කො මුංගේ මේ කුණුහරුප රැප් කලාව හින්දා අද පොඩි උන්ට වෙලා තියෙන දේ

    kunuharupa thibba ne issara indala. porawal beela weri maragathe kunuharupa kiya kiya yanne oya rap awata passe indalada :)

    umba mulinma kunuharupa igena gaththe kohomada, rap walin da :)

    lankawe kochchara lama apachara wenawada, ewa wenna gaththeth rap hinda da.

    dan ranil ta lamayek hada ganna bari ekai chandrika ge redi galawanna ona wage ewa tv ekei stage walai kianakota lamainta ahenne nadda ewa sabya dewal da?
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    ලඹ සවන් රන් පටින්
    දන නෙතින් තදින් බඳිමින්
    මිණි මෙවුල හඬවමින්
    පිපි සමන් කුසුම් දරමින්

    13671800_260444131000467_140384494_n.jpg

    රණ හසුන් පිනවමින්
    තුනු විලෙහි සිරිය මවමින්
    උන් රඟති වයති ගී
    ගය ගයා මියුරු අරුතින්....

    13658842_644103659070459_1102432820_n.jpg


    ඕවා අනිත්‍යයි.

    කයිසර් ව එල්ලලා මරන්න එපා. බැනුන් අහ අහා චාටර් වෙන්න දීපං
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,727
    113
    kunuharupa thibba ne issara indala. porawal beela weri maragathe kunuharupa kiya kiya yanne oya rap awata passe indalada :)

    umba mulinma kunuharupa igena gaththe kohomada, rap walin da :)

    lankawe kochchara lama apachara wenawada, ewa wenna gaththeth rap hinda da.

    dan ranil ta lamayek hada ganna bari ekai chandrika ge redi galawanna ona wage ewa tv ekei stage walai kianakota lamainta ahenne nadda ewa sabya dewal da?

    math ahanne okama thamai, ochchara kal uba kiyana oya hamadema thibuna, eth ehema thibunata awurudu 12 withara podi un kunuharpa rap kiyala fb dammada? nane?

    mun me rap kiyala patan gena kale kunuharpa kiyanne samanya deyak, kohe idan kunuahrpa kiwwath ewa normal dewal kiyana eka podi unge mind walata dapu eka
     
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රෝසි ආච්චි;20681300 said:
    math ahanne okama thamai, ochchara kal uba kiyana oya hamadema thibuna, eth ehema thibunata awurudu 12 withara podi un kunuharpa rap kiyala fb dammada? nane?

    mun me rap kiyala patan gena kale kunuharpa kiyanne samanya deyak, kohe idan kunuahrpa kiwwath ewa normal dewal kiyana eka podi unge mind walata dapu eka

    ow eke point ekak thianawa.

    oya godak dewal wenna samajeeya prawanatha balapanawa kiana eka thamai mata nam hithenne. e.g. yuddaya, deshapalanaya, neethiya wage dewal wala una wenas kam. mewain dadi balapamak wenna puluwan.

    boruwata sinhala jathiya, sinhala baudda rata kiala ka gahuwata, pansal gihin sadu sadu kiwwata, rata jaathiya kiala giriya puppan ka gahuwata adyathmikawa diyunu wenne nah. mechchara baudda rate keeyen ki denada bawana karanne.

    thama sinhala rap aluth ne, kal yaddi wenas topics gana katha karana rap bihi wei.

    kunuharupa kiyanawata wadiya bayanakai kunuharupa hithana eka :)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ප්‍රාණසම වූ මාගේ එලකිරි සහෘද කැලගෙන් අවසර ය...!

    මීට මාස කිහිපයකට කලින් එක්තරා ඇමතිවරයෙක් ඩිජිටල් භාෂාවෙන් පාර්ලිමේන්තුව ඇමතුවා කාටද මතක??? වේදිකාවක් උඩ කයිස් කියපු ඒ වචන ටිකම ඒ ඇමතිවරයා අති උත්තරයි කියන පාර්ලිමේන්තුව ඇතුලේ කිව්වා!! පාසල් චාරිකාවකට හෝ පාර්ලිමේන්තුව බලන්න ගියපු කෙනෙක් දන්නව ඇති ඔතන පාවිච්චි වෙන වචන. නමුත්, ඒ කිසිම කෙනෙක්ව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ! උන් ආයෙ පත්වෙනවා. ආයෙත් පත්වෙනවා!! ආයෙ ආයෙමත් පත්වෙනවා!!! උන් පාර්ලිමේන්තු ගියේ අපේම "මනාපයෙන්" මිසක් හමුදා බලයෙන් නෙමෙයි නේ ද??


    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.....



    "කයිසර්ව එල්ලමු -
    කුණුහරුපයක් නොකියපු අලුගෝසුවෙක්ගේ අතින්......!"



    හෙල රැප් කලාවට
    ආදරෙන්,

    මැඩියා:cool:








    :lol::lol::lol::lol::lol::lol:


    එතකොට ටොයියෝ මේවා කුණුහරුප නෙමෙයිද?:lol::lol::lol:ඔව් ඉතින් උබේ දැක්මේ අනුව අම්මට හු*න්න කියන එක කුණුහරුපයක් නෙමෙයිනේ..:lol::lol:



    ඌ ඒකත් කියල තියෙන්නේ. පොඩ්ඩක් බලලා ඉඳපන්.
    :rolleyes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala

    සියලු දේ අනිත්‍යයි හීන් බබා සියේ..:baffled::baffled:

    මචන් ත්‍රෙඩ් එකේ කොමෙන්ට්ස් කියවන්න අපු අය වෙනුවෙන් තප්පර අරික්කාලක නිහඬව ඉන්න මිත්‍රවරුනි..;);)

    ස්තුතියි:lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa


    මම දැන් සීන් එක දැක්කේ. .
    කවුරු කලත් වරද වරදමයි බන්. .

    දැන් පොඩි එවුන් එකෙක් "අම්මට" කියද්දි අනිත් එකා "උකන්ඩ" කියලා කෑගහයි. .
    ප්‍රසිද්දියේ මෙහෙම ගොන් ආතල් දෙන්න කලින් ටිකක් හිතන්න තිබුනා. .
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලඹ සවන් රන් පටින්
    දන නෙතින් තදින් බඳිමින්
    මිණි මෙවුල හඬවමින්
    පිපි සමන් කුසුම් දරමින්

    13671800_260444131000467_140384494_n.jpg

    රණ හසුන් පිනවමින්
    තුනු විලෙහි සිරිය මවමින්
    උන් රඟති වයති ගී
    ගය ගයා මියුරු අරුතින්....

    13658842_644103659070459_1102432820_n.jpg


    ඕවා අනිත්‍යයි.

    කයිසර් ව එල්ලලා මරන්න එපා. බැනුන් අහ අහා චාටර් වෙන්න දීපං


    13671800_260444131000467_140384494_n.jpg




    ඔබේ මිණි නිල්දෑස වසා
    මගේ සිත උමතු කලා කියා
    ඔබ දන්නවා
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo


    මම දැන් සීන් එක දැක්කේ. .
    කවුරු කලත් වරද වරදමයි බන්. .

    දැන් පොඩි එවුන් එකෙක් "අම්මට" කියද්දි අනිත් එකා "උකන්ඩ" කියලා කෑගහයි. .
    ප්‍රසිද්දියේ මෙහෙම ගොන් ආතල් දෙන්න කලින් ටිකක් හිතන්න තිබුනා. .

    :sorry::sorry::sorry: