Kalashnikov 2020

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    මේ පාරක් ඩයලොග් අයියලාගේ නයිට් ටයිම් ඩේටා කියන එව්වා ඉතුරු වෙලා තිබ්බ හින්දා අදින්න කියලා පිලුම් එකක් බැලුවා. කොහෙද එකක් වත් නැහැ. තිබ්බත් අයිඇම්ඩීබීයේ 5ක් වත් නැහැ. ඒ පාර yts ලගේ අළුත් language ඒකේ රුසියන් දාලා නිකමට වගේ බැලුවා සැලියුට් හත අදින්න කියලා.නියම film එකක් ඒත් ඒක ගැන කියනවානම් වෙනම තේඩ් එකක් දාන්න ඕනේ. ඒ අතරේ කලස්නිකොව් කියලා film එකක් තියනවා රූන්කින්නම් 5.6 ද කොහෙද ඒත් ඇවරේජ් හොද හින්දා නිකමට වගේ ඇද්දා.
    කතාව මිකයෙල් කලස්නිකොව් ගැන. නමින් නම් දන්නේ නැතුව ඇති හැබයි මිනිහගේ නිර්මාණය නම් හැමෝම දන්නවා ඇති. මිකයෙල් කලස්නිකව් කියන්නේ දුම්රිය කාර්මිකයෙක් 7වසරට විතරක් ඉගෙන ගත්ත. දෙවන ලොකු යුද්ධය එක්ක මිනිහා රතු හමුදාවට බැඳෙනවා ටැන්කි මැකැනිකල් කෙනෙක් විදිහට. කට්ටිය මදිකමයි මිනිහාගේ ටැලන්ට් එකයි එක්ක ටී 34 ක් බාර දෙනවා. වැඩි කාලයක් කරන්න බැරිවෙනවා 42 වෙනකොට යුද්ධයේදී තුවාල ලැබීම හින්දා සක්‍රීය සේවාවෙන් ඉවත් කරනවා.
    අන්තිමට අතක් එල්ලන්න ගෙදර යන අතර මිනිහා වෙන වැඩකට අත ගහනවා. සෝවියට් දේශයේ අදාල අංශයේ පතාක යෝධයෝ වෙච්ච නිර්මාපකයෝ එක්ක මේ මුකුත් නොදන්න හත වසරට විතරක් ඉස්කෝලේ ගිය කලස්නිකොව් තමුන්ගේ හොඳම නිර්මාණය කරනවා. ලෝකේ අදටත් ඒ අංශයේ තියන හොදම උපකරණය කියලා කියන්න පුළුවන් දෙයක්.
    Film එක සුපිරියක්ම නම් නෙමේ ඒත් හොද film එකක් . Yts.ag ඒකේ ටොරන්ට link එක තියනවා.
    https://yts.li/movie/kalashnikov-2020
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,909
    1
    31,434
    113
    - උඩරට -
    Kalashnikov_2020_Aka_AK_47_Sinhala_Subtitles_ගිනි_අවිය_සිංහල_උපසිරැසි_–_බයිස්කෝප්_සිංහලෙන්_–_ස...jpg