Zeus said:කප්පරක් පැතුම් පොදි බැඳ ජීවන ගමනේ
ඇරඹුම සනිටුහන් කල මාගෙ මිතුරේ
හමනා සුලං කෝඩෙන් සැඟවෙනු කෙලෙසේ ?
පොලොවේ පස සමඟ අප ලේ මස් මිතුරු වෙතේ
පැන නගිනා මේ මහ සුලි සුලු මැද්දේ
දිව්වොත් ජීවිතය ගැන පැතුමක් ඇත්තේ
ආදරයත් පිට උඩ රැඳි බරක් වෙතේ
ඒ බර හැරදමා දිවයන්නට වෙන්නේ
පැන නගිනා මහා සුළි සුළන් මැද
ඇත්නම් අදිෂ්ඨානය හිත බය කිමද
බරක් නොවෙන ආදරයේ සුවය විද
ජීවත් වෙන්න හැකි වේ ජීවිතය හොද




