ඔයා මැසෙජ් කරන විදිය හරියට පැහැදිලි නොකර එක කියන්න අමාරුයි නෙ........
උදාහරණයකට ඔනිවට වඩා එල්ලිගෙන කියවගෙන යනවා නම් කෙල්ල හලන්න තියෙන ඉඩ ප්රමානය වැඩි..
ඔනිවට වඩා ඉමොජි පාවිච්චි කරනවා නම් එවන හැම මැසෙජ් එකෙම එක එක ඉමොජියක් හරි තියෙනවා නම් එත් හලන්න තියෙන ඉඩ ප්රමානය වැඩි..
ඔනිවට වඩා ගනන් උස්සනකොටත් කෙල්ල ඩොන්ට් කෙයා ඉන්න පුළුවන්....
අනික තමා පලවෙනි දවසෙ ඉදන් ම "බබා,පැටියො,මැනික,සුදු,බ්ලා බ්ලා බ්ලා" වගෙ පැනි මුට්ටි දාන එක....එවට කැමති වෙන්නෙ නැ හැම කෙල්ලම..ඉස්සල්ලාම කෙල්ලව පොඩ්ඩක් අද්යනය කරන්න සතියක් විතර...ඊට පස්සෙ එවා යූස් කරන්න..
උදාහරණයකට කෙල්ල මොනා හරි කිවිවොත්.."එහෙම කරන්න බැනෙ සුදා.." වගෙ වචන පෙලියක් දාන්න..මොකද එතනදි කෙල්ලට සුදු කියන එක නෙවෙයි නෙ යූස් වෙන්නෙ....
පුළුවන් තරම් ආචාරශිලි වෙන්න..නැගිට්ට ගමන් කෙල්ල මැසෙජ් කරාවි කියලා හිතන්න එපා..ඔයත් උදෙ පාන්දර කුනු කෙල පෙරාගෙන මැසෙජ් කරන්න යන්න එපා..වැඩට යන්න ලැහැස්ති වෙලා.."good morning..මම නම් වැඩට යන්න හදන්නෙ..ඔයාත් පරිස්සමින්,කල්පනාවෙන් දවසෙ වැඩ ටික කරගන්න..bye..tc..bs.." වගෙ මැසෙජ් එකක් තියන්න..දවල්ට ලන්ච් ටයිම් එකෙදි එහෙම කැම කන්න ලැහැස්ති වෙලා "මම ලන්ච් ගන්න හදන්නෙ..ඔයා කෑවද.." වගෙ මැසෙජ් එකක් තියන්න..ආයෙ රෑට ගෙදර ඇවිත් "මම නම් ගෙදර..කොහොමද ඔයාගෙ දවස..කාලා ද ඉන්නෙ..."වගෙ මැසෙජ් එකක් දාන්න..ප්රදානම දෙ....කෙල්ලට ඇනයක් වෙන්න එපා..කෙල්ලව ඇනයක් කරගන්න.....
