කොල්ලො කෙල්ලන්ගෙන් ගත්තෙ ආතල් විතරද?
හැමදාම ඉර පෑව්වා. හැමදාම ඉර බැහැල ගියා. ඒ ගෙවෙන හැම දවසක් එක්කම අපි වයසට ගියා. අපි මේ ගෙවන්නෙ ඉරට හෙමින් පායලා නිවී හැනහිල්ලෙ ළතවෙලා බැහැල පලයන් කියන්න හිතෙන කාලයක්. ඉරත් එක්ක හැමදාමත් රේස් එකේ දිව්වට අපි පැරැදිලා මියැදෙනවා. ඉර තවත් අලුත් අය එක්කන් හැමදාමත් මේ ගමන යනවා.
ඒකයි ඉරට කියන්නෙ නැවැතියන් කියලා. අපේ තරුණ කාලෙන් අපිට ටිකක් ඉඩ දියන් කියලා. උඹ එක්ක විතරක් නෙවෙයි අපිට රේස් දුවන්න තවත් උන් ඉන්නවා.
එහා ගෙදර අයිය පුංචි එකා කාලෙ හෙළුකොට්ටෙන් නාද්දි මම උෟට හූ කිව්වා. මෙන්න බොලේ ඒකා මම නාද්දි උඩ පැන පැන මට හූ කියනවා. "උඹ ඇයි මට හූ කියන්නෙ මගෙ මොකුත් එල්ලෙන් නෑ" අම්මගෙන් ගුටි කකා මමත් පුංචිකමට උෟට හූ කිව්වා.
අපි මිනිස් ලෝකෙ වෙනස් සත්තු දෙවර්ගයක් කියලා අපි හැඳින්නෙ ඒ විදියට. පොඩි සන්දියේ උෟත් එක්ක හරි හරියට හැප්පුනාට ලොකු ළමිස්සියක් වෙද්දි මට වුණේ උඹ ඉස්සරහින් දුවපන් කියලා මට උගෙ පස්සෙන් දුවන්න. එතකොටයි මට හිතුනෙ හිමි වෙච්ච පොඩි පොඩි දේවල් ළඟ කෙල්ලක් වුණු හින්දම කොච්චර නම් දේවල් අහිමි වෙලාද කියලා.
ඕක කරන්න එපා. ඔහොම අඳින්න එපා. නෑ නෑ කොහෙවත් යන්න එපා. තනියෙම නම් යන්න ඔයාට බෑ. දන්න කියන කාලෙ ඉඳන් හතර අතෙන්ම කෙල්ලක්ට ඇහෙන්නෙ තහංචි පදමයි. හොඳම හරිය කියන්නෙ කෙල්ලන්ට කෑ ගහල කතා කරන්නත් එපා කියලා තහංචි වැටුණා. සංවරව ඇඳපන් කිව්වට කමක් නෑ කියමුකෝ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමුත් සීමා මායිම් ඇතුළෙ භුක්ති විඳින්න අපිට නියෝග ලැබුණා.
හොඳ නරක ඇති පදන් කළවං වුණු මේ තහංචි කටාරම ආතම්මල, අම්මල, අප්පලා විතරක් නෙවෙයි වරිගෙ පිටින් ඇවිත් කාල් ගාලා අපිට පොවල ඒකෙන්ම ඔළුගෙඩි කුරුවල් කරගෙන කෙල්ලෙක් වුණු හින්දම අපිට අහිමි වෙච්ච දේවල් බොහොමයි කියලා විස්සෝප වෙන කෙල්ලො රොත්ත පිටින් බිහි කරලා.
මම හිතන්නෙ මේ කොතැනක හරි අපේ සමාජ ක්‍රමයෙ වෙච්ච වැරැද්දක්, ස්වාධීනත්වය, පෞරුෂය කියන කතන්දර ගොඩක් කෙල්ලන්ගෙ හිත් ඇතුළෙම මොට වුණේ ලංකාවේ සංස්කෘතිය 18 සියවසෙන් ඉස්සරහට පැනගන්න බැරුව හිරවෙලා හින්දද.
ස්ත්‍රීවාදියෙක් කියලා කැති, මුගුරු අරන් මගෙ පස්සෙන් එන්න එපා. ගොඩක් අය කියන්නෙ අද කාන්තාවන්ට සමාජයේ හිමි තැන ලැබෙනවලු. ඕනෙ තරම් එඩිතර ගාම්භීර නායිකාවෝ ලෝකෙ දස අතේ ඉන්නවලු. වරදා තේරුම් ගන්න එපා මම කියන්නෙ ගොඩක් කෙල්ලන්ගෙ ස්වාධීනත්වයත්, පෞරුෂයත් වරිගෙ කාල් ගාපු කටාරමේ හිරවෙලා කියන එක ගැන මිසක් ඔය අපිට හිමි තැන දියව් කියලා නෙවෙයි.
තවමත් අපේ ගොඩක් කෙල්ලන්ගෙ ස්වාධීනත්වය කවුරු හරි පිරිමියෙක් සින්නක්කරේට ගන්නවා. හැමදාම උන් අස්වැද්දෙන්නෙ ඔප්පුකාරයාගෙ කැමැත්තට. ඉස්කෝලෙ සමිතියේ, ගමේ සමිති සමාගම්වල සභාපතිතුමෙක් පත් වෙද්දි ලේකම්තුමියක් පත් වුණා. අපිත් හිතුවෙ සභාපතිකම අයිති පිරිමින්ට විතරමයි කියලා. අපි හිතුවෙත් කෙල්ලන්ට ඕව කරන්න බෑ කියලා. ඒකනෙ අර පහුගිය කාලෙ දියවන්නාවෙ පීනපු එකීලාට අපි ගොඩ ඉඳන් ගිලිල මැරියල්ලා කියලා ගල් ගැහැව්වෙ.
ගොඩක් වෙලාවට කෙල්ලො පොදු ප්‍රවාහන සේවයෙදි, මහ පාරෙදි අතවරයට ලක් වෙනවා කියන එක හරිම සාමාන්‍ය කාරණයක් බවට පත්වෙලා. අපේ සීමාව රැවීමයි, එරවීමයි. උන්ට කුඩේකින්, සෙරෙප්පුවකින් සංග්‍රහ කරන්න එඩිතර වෙන්නෙ එහෙමත් කෙල්ලක්. මොක වුණත් අන්තිමට වැරැදිකාරිත් ඒකිමයි.
ඒ හැම එකකට වඩා භයානක දන්න උන් අපෙන් ගන්න ආතල්. ඉස්කෝලෙ උසස් පෙළ පන්තියේ කොල්ලො, කැම්පස් කොල්ලො බැජ් ෆිට් එකට ටි්‍රප් යන්නෙ කෙල්ලන්ගෙ රහස් තැන්වලට ඇඟිල්ලෙන් අනින්න. ගිහින් ඇවිත් පිරිමි හොස්ටල් එකට වෙලා උන්ගෙ කෙහෙල්මල් යාළු ෆිට් එකෙන් තමන්ගෙම කියන එකියකගෙ ආත්ම ගරුත්වය අමු අමුවෙම නිරුවත් කරනවා.
මේ වගේ දේවල්වලදී කෙල්ලො ඇස්, කන් පියාගෙන ඉන්නෙ ලැජ්ජාවටයි. බයටයි. පච වෙන්න බැරිකමටයි. කෙටියෙන්ම කියනවානම් කොල්ලන්ගෙන් ගේම ඉල්ලන්න බැරිකමට.
තමන්ට ඕනෙ ඇඳුමක් අඳින්න. ගමනක් - බිමනක් යන්න, තීන්දු තීරණ ගන්න. නායකත්වය ගන්න ගොඩක් කෙල්ලන්ට ආත්ම ශක්තියක් නෑ. ඒ හැම එකකටම බාධාව කෙල්ලක් වීම. අද කාලෙ එහෙම නෑ කියලා පෙනුනට ඇත්ත කතාව ගෑනු ගෑනුකමට බයයි කියන එක. අදටත් අපි අපිට සින්නක්කර නෑ කියන එක.
අර ඉස්සර කාලෙ මැණිකක් අතින් අරං දෙවුන්දරින් පේදුරුතුඩුවට ගිය ස්තිරියාවො වගේ මීටර් සීයක්වත් අද කෙල්ලකට තනියෙම යන්න පුළුවන්ද කියන එක ගැටලුවක් තමයි. කෙල්ලක් කියලා සමාජයෙන් ආරක්ෂාවක්, රැකවරණයක් ලැබෙද්දි කෙල්ලක් වීම බාධාවක් කරගෙනම ගලන රැල්ලක උඩුගම් බලා යන්න පොර බදින් නැතිව ලේසියෙන්ම පහළට බැහැල යන්න අපි හුරු වෙලා. අපි එඩිතර වුණේ කාන්තා සංවිධාන පිහිටුවාගෙන අනුන්ගෙ ඔඩොක්කුවල බැහැල අපේ අයිතිවාසිකම් ඉල්ලලා කෑ ගහන්න. මේ එක කෙහෙල්මලක්වත් ඕනෙ වෙන්නෙ නෑ. ඕනෙ එකටයි, එපා එකටයි හැම එකකටම තහංචි නොදා අපිට කියලා එක එක වැඩ වෙන් නොකර නිදහසේ හුස්ම ගන්න පොඩි කාලෙ ඉඳලම ඉඩ දුන්නනම්. මොකද හැම දේටම ආකල්ප ගොඩක් වැදගත්.
කෙල්ලගෙ පෞරුෂය කොටු වුණේ උපන් ගෙයිමයි. ඒකිගෙ අතපය හතර ලොකු වුණාට කොන්ද කෙළින් කර ගන්න ඒකිට තවමත් බැරිවෙලා.
සාගරිකා අමරසිංහ
issuwe methanin http://www.mawbima.lk/82-96576-news-detail.html

Last edited:

mmm mnava nathath pttatama storyya thiyenva ned bn...