මචන්ලා..කොරියන් exam එකේ admision දෙන්න පටන් ගන්නෙ කවදද..?කවද වෙනකන් දෙනවද..?දන්න එකෙක් කියපල්ලකෝ.....





ade uba matara nehadoo ubath yanawda20 -25 dakwa ban..adoo passport haduweth na.....
![]()


ade uba matara neh
ubata puthe cmb yanna wenawa,matara patta polima bn,![]()
දසවැනි කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයැදුම්පත් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් පුහුණු මධ්‍යස්ථාන වලදී සහ පළාත් කාර්යාලවලදී මෙම අයදුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන අතර කොළඹ පිහිටි මධ්‍යස්ථාන වලදී මේ මස 20 සිට 25 දා තෙක් අයදුම්පත් නිකුත් කරන බවද අනෙකුත් ප්‍රදේශයන්හිදී මේ මස 20 සිට 24 දා තෙක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශය, කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන මෙම විභාගය ලබන ඔක්තෝබර් මස 13 හා 14 දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව මේ සඳහා අදාළ වන අයදුම්පත්‍ර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් පුහුණු මධ්‍යස්ථාන වලදී සහ පළාත් කාර්යාල වලදීද ඊට අමතරව දෙහිවල ශාන්ත මරියා විද්‍යාලය, හෝමාගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගොඩගම සුභාරතී මහාමාන්‍ය මහා විද්‍යාලය, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පානදුර නගර සභාව, මොණරාගල ප්‍රාදේශීය සභාව, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ස්ථානවලදී නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
මෙවර පැවැත්වෙන විභාගයෙන් 5000 ක් සමත් කිරීමට නියමිත අතර එයින් 3500 ක් කර්මාන්ත අංශයේ රැකියා සඳහාද ඉතිරි 1500 ධීවර අංශයේ රැකියා සඳහාද යොමු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මේ විභාගයට අදාළ අයැදුම්පත් ලියාපදිංචි කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 24 ක (රුපියල් 3,250) මුදලක් ගෙවිය යුතු වන අතර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පැවැත්වෙන ස්ථානයන් හා වේලාවන් සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 05 දා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැන්වීම් පුවරුවේ පළ කරන බවද එම කාර්යාංශය කියාසිටී.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැති කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් 9998 දෙනෙකු සමත්වූ අතර එයින් විශාල පිරිසක් දැනටමත් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
gossiplankanews
adoo ubath yanawda20 -25 dakwa ban..adoo passport haduweth na.....
![]()

