Lamborghini Veneno හිමිකරුවන් තිදෙනා අතර සිටින ප්‍රකෝටි
Lamborghini Veneno හිමිකරුවන් තිදෙනා අතර සිටින ප්‍රකෝටිපති ලාංකිකයා මෙන්න !
Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන විට 51 හැවිරිදි ඔහු ලාංකිකයෙක්. අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛෝපභෝගී වාහනයක හිමිකරුවෙක් වන්නටයි. ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කැපවීමෙන් වැඩ කළ ඔහු අද අධි සුඛෝපභෝගී වාහන බෙදාහරින්නෙක් බවට පත්වෙලා.
ඒත් මොහුට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් හිමි වීමට හේතු වුනේ නම් වෙනත් හේතුවක් නිසයි. ලැම්බොගිනි සමාගම පසුගිය දිනෙක සිය නවතම මෝටර් රථය එළිදැක්වූවා. Lamborghini Veneno නමින් හැඳින්වෙන ඒ මෝටර් රථය ඩොලර් මිලියන 4ක් පමණ මිල වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 50කට ආසන්නයි. ඒ කෙසේ වුනත් ලැම්බොගිනි සමාගම මේ මෝටර් රථය එසේ මෙසේ කෙනෙකුටනම් මිලදීගන්නට බැහැ. මොකද ලැම්බෝගිනි සමාගම අවසර ලබාදෙන අයට විතරයි මේ තරම් මුදලක් දීලා වුනත් මිලදීගන්න පුළුවන්.
ඉතින් ලැම්බොගිනි සමාගම විසින් මේ නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගැනීම සඳහා ඉඩ ලබාදුන් තුන් දෙනා අතර මේ ලාංකිකයාත් ඇතුලත් වීම අපටත් ආඩම්බරයක්
ලැම්බොගිනි සමාගම මෙලෙස සිය පාරිභෝගියකයින් තිදෙනා තෝරාගෙන ඇත්තේ ලැම්බෝගිනි මෝටර් රථ පිළිබඳ ඇති ඇල්ම , ඒ වගේම ඒ පිළිබඳ ඇති දැනුම වගේම මීට පෙර ලැම්බොගිනි මෝටර් රථ මිලදීගත් ප්‍රමාණයත් සලකා බලා බවයි පැවසෙන්නේ.
ඩොමිනික් මීට පෙර සේවය කර ඇත්තේ ගණකාධිකාරවරයෙක් ලෙසයි. ඒ වගේම Excel Technology නම් ලේසර් නිෂ්පාදන සමාගමක හිමිකරුවකුව සිටි ඔහු පසුව ඒ සමාගම විකුණා දැමුවා. ඉන් අනතුරුවයි Bespoke Motor Group අරඹා මෝටර් රථ ව්‍යාපාරයට එක්ව ඇත්තේ. අද වන විට ලොව අංක එකේ අධි සුඛෝපභෝගී මෝටර් රථ ව්‍යාපාරිකයින් අතර වැජඹීමට මේ ලාංකික ව්‍යාපාරිකයාට හැකිව තිබෙන්නේ නොපසුඹට වීර්යය නිසා බවයි ඔහු පවසන්නේ.
කෙසේ නමුත් ඔහු නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට දැනටමත් බොහෝදෙනෙක් ඔහුගෙන් මේ මෝටර් රථය මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින බව වාර්ථා වනවා.

Code:
http://techguru.lk/2014/10/02/sri-lankan-antoine-dominic-lamborghini-veneno/