ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන් එම නර්ථනාගංගයට පුහුණුවෙමින් සිටි අතර එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා සමාජයේ දැඩි වේවේචනයට හේතු විය.
දුරේක්ෂ සහ ලැප්ටොප් පරිගණක අතැතිව කරන මෙම නර්ථනය ඉවත් කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා ද උපදෙස් දී තිබෙන බව අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පවසා ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ පුහුණුවෙමින් සිටි නිසා අවසාන මොහොතේ නර්ථනය ඉවත් කිරීම ගැටළු සහගත බැවින් ලැප්ටොප් වෙනුවට ලෝක ගෝල අනුරුවක් අතැතිව නර්ථනය කිරීමට සැලසුම් කළත් ලෝක ගෝලයද නැටුමෙන් ඉවත් කිරීමට අවසානයේ තීරණය කර තිබේ.
මෙම නර්ථනය වෙනුවෙන් එම පිරිසම යොදාගෙන වෙනත් නර්ථනයක් සිදු කරනු ඇති බවත්, ඒ සියල්ල අධීක්ෂණය කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් බවත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ලැප්ටොප් පරිගණක තබා ඩෙස්ටොප් පරිගණකවත් නැති පාසල් රැසක් ලංකාවේ ඇතැයි ද, අධ්‍යයන කටයුතු සඳහා දුරේක්ෂ නැති පාසල් රැසක්ද තිබිය දී මෙවැනි විහිළු සහගත කටයුතු කිරීම ගැන බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතු යැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
ගුරුවරුන් යොදාගෙන මෙවැනි කටයුතු කිරීමෙන් බලධාරීන් පමණක් නොව ගුරුවරුන්ද හෑල්ලුවට ලක්වන බව ද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ මෙම නැටුම සම්බන්ධයෙන් මුලින් නොදැන සිටි බවයි. එය දැනගත් වහාම නතර කරන ලෙස උපදෙස් දුන් බව ද ඔහු කීවේය.

Man me kalpana kale facebook,youtube,forum wage social media walata koi tharam deyak karanna puluwanda kiyala
පව් ජිවිත.