මෙකයි මුන්ගේ ලීසින් ට්‍රික් එක.
ලීසීන් කාලා වතුර බීපූ එවුන්ට ලිසින් දාන්න කතා කරන්නේ නෑ, ගොඩක් දුරට පලවෙනි වාහනේ ගන්න අයව තමයි වැඩේට ටකල් කරන්නේ.
දැන් අහන්න එපා රේට් එක කිව්වේ නැද්ද,
කම්පේයාර් කරේ නැද්ද අහල. ඒක ගැන දැනුමක් නැති නිසා තමයි කිරියේ එකෙක් ගේ කන්ටැක් එක පාවිච්චි කරල ලීසින් එක දාන්නේ..
රේට් එක ඇහුවම කියන්නේ බොහෝ දුරට මේ ෆීල්ඩ් එකේ අය, *මන් මගේ මැනේජර් එක කතා කරලා අඩුම රේට් එකක් දාල දෙන්නම්, ඔයා ඩොකුයිමන්ට් ටික සයින් කරන්න. මට මැනේජර් එක්ක කතා කරන්න පුලුවන් එතකොට තමයි.* වගේ ටෝක් එකක් තමයි බොහෝ දුරට දෙන්නේ අර අලුතින් වාහනේ ගන්න එකාට.
ඉතින් ඌටත් ඕනේ වාහනේ ගන්නනේ. ඌ ඉතින් ඔක්කොම අතසන් කරල හෙඩ් ඔෆිස් ගිහිල්ල එද්දි තමයි එයාට දීල තියෙන රේට් එක එලියට එන්නේ.. ඒවට උන්ට කියන්න දාහක් රීසන් තියනව.
අනික ඌ ම කියනව ඉන්ශුවරන්ස් එකත් උගෙම කන්ටෑක් එකකින් දාල දෙන්නම් කියල... ඌ කිරියේ බැහැලම හිටියේ බිස්නස් අදින්න. බ්‍රෝකර් වැඩේ කරල උගේ කට් එක ගන්නව.
වෙහිකල් වැලිවෙශන් එකේ ඉඳල ඉතින් ගාන කපන එක තමයි ඔය ඩීල් වල හැටි.
උබල දැන් ගෙවාගෙන පලයල්ල මතක ඇතුව ගෙවන හැම පේමන්ට් එකකම රිසිට් තියාගනින්. මොකද මොන මොන හිඩින් චාජර්ස් දාලද දන්නේ නෑ..
ඌ හැමෝටම බම්ප් එකක් දාල සහයෝගයෙන් ඉන්නේ බිස්නස් එක කරගන්න මිසක් කිරියේ ඇක්ටිව් වෙලා ඉන්න නෙමෙයි.
උන්ගේ බිස්නස් එක ඒක. නොදන්න එවුන් අහුවෙනව.
උබලගේ ඩීල් එක කරපු වෙලාවේ ඉඳල ඌ බලන්නේ වෙන එකෙක් ව මෝරා කරල කීයක් හරි ගාන කපන්න.
මේකේ ගොඩක් ලීසින් අරන් දාල තියෙන එවුන්ට ශොට් එක හම්බ වෙලා තියෙන්නෙ. දැන් සද්ද නොකර එක්ක ගෙවාගෙන යන්නඩල, නැත්තම් සෙටල් කරල දාපල්ල. ඕන් කිව්ව මේන් ගියා..