ටිකක් කියවගෙන යනකොට, මන් හිතුවෙ උඹ දැන් අතපයත් බැන්ඩේජ් කරගෙන, ICU එකේ කෙඳිරි ගගා ඇති කියලා. යකෝ, ඔය විධියට ෂේප් වුණේ වාසනාවට. කෙල්ලෙක්ට හරි, කොල්ලෙක්ට හරි විහිලුවක් කරන එක වෙනම දෙයක්. තනියම ඉන්න වෙලාවක නම් කමක් නැහැ මොනවා කිව්වත්. ඔය වගේ කුප්ප කතා කියන්නෙපා බන් කොල්ලා ඉස්සරහ, අඳුරන අය ඉන්න තැන. ගෙවල් ඇතුලට රිංගගෙන චීත්ත පෙරවන් ඉන්නෙ නැතුව සමාජෙට බැහැපන්. ඒ කොල්ලගෙ වැදගත්කම නිසයි උඹ බේරිලා තියෙන්නෙ. දෙයක් කියන්න කළින් හිතපන්, වටපිටාව බලපන්. හැමෝටම ආත්මගරුත්වය කියලා දෙයක් තියෙනවා. විශේෂයෙන් කෙල්ලෙක්ට. දැන් ඉතින් ඒ කෙල්ලව හරි, කොල්ලව හරි බොට හම්බවුණොත් කලිසම ගලවන්නනෙ වෙලා තියෙන්නෙ. එච්චර දුර දිග හිතලා කියපු දෙයක් නෙමෙයි කියපන්. සොරි කියන්න පුලුවන් නම් හොඳයි.