Lets Run Stable Diffusion Locally
Mid-journey Alternative එකක් විදියට use කරන්න පුලුවන්. limitation නැති නිසා අපිට ඕනෙ ඕනෙ දෙයක් ඕනෙම විදියකට generate කරගන්න පුලුවන්. NSFW උනත් පුලුවන්. ඕකටම face swap කරන්නත් පුලුවන්. ඔක්කොම locally install කරල offline දුවන්න හදාගන්න පුලුවන්.
අපේ PC එකේම install කරගමු. හැබැයි ලේසි නෑ වැඩේ.. ටිකක් කට්ටක් කන්න ඕනෙ. අඩුම සතියක්වත් වෙන්න යනව ලන්කාවෙ data package & speed එකත් එක්ක හරියට කරගන්න. මට නම් තියෙන වැඩත් එක්ක සති 2ට වඩා ගියා.
ඔක්කොටම කලින් ඉතින් හොද PC එකක් නම් ඕනෙ.
Stable Diffusion system requirements – Hardware (Official)
- Nvidia Graphics Card

- 6.9GB VRAM
(4GB එකක run කරන්න පුලුවන් 1050ti එකක පුලුවන්. cuda cores 768යි තියෙන්නෙ. ඒත් වැඩ කරනව. හැබැයි features ගොඩක් වැඩ කරන්නෙ නෑ. 30s - 60s වගේ යනව generate එකකට. advanced modules use කලොත් 2min වගේ යනව. some modules use කරන්න බෑ. මුලින් errors එනව. ඒව බලන්නෙ නැතුව කලොත් blue screen එනව) - 10GB Hard Drive
(මෙහෙම තිබ්බට ඔය ගාන හැරෙන්නවත් මදි. 100GB SSD ඕනෙ) - 8GB Memory (RAM)
මදි 16GBවත් අඩුම ඕනෙ. නැත්නම් browser එක එහෙම හිර වෙනව. වෙන වැඩක් කරන්න බෑ.
මීට අමතරව මේ ටික තිබුනොත් වැඩේ තවත් ලේසියි.
- 100GB SSD Space එකක් ඕනෙ

- 50GB++ Data package + reliable speed internet connection
හොද Data පැකේජ් එකක් ඕනෙ. install එකට අඩුම 50GBට එහා යනව. එක දවසෙන් install කරගන්න බෑ. ඔක්කොම download කරගෙන setup කරන්න බෑ. සමහර modules install වෙන්නෙ online එතකොට ඒව download speed slow වෙනව. ඒ නිසා time based නැතුව data package එකක් දාගන්න වෙනව. ඒවගේම speed එක ගොඩක් හොද reliable connection එකක් වෙන්න ඕනෙ. 5GB++ ඒව download වෙද්දි නැත්නම් එපා වෙනව.. setup එකට විතරයි ඕනෙ. පස්සෙ ඕනෙ නෑ.
processor (cpu) ගැන එහෙම system requirement වල නෑ. ඒත් සමහර modules තියෙනව cpu එකෙන් වැඩ කරන. අඩුමගානෙ i5 3rd gen එකක් වත් තිබ්බොත් හොදයි
ඔය ටික තියෙනව නම් අපි වැඩේට සෙට් වෙමු. මේක ගොඩක් කාලෙ යන එකක් නිසා. අපි ටික ටික කතා කරමු.
මේ ත්‍රෙඩ් එකෙන් අපි කතාකරමු
එහෙනම් වෙලා තියෙන විදියට update කරන්නම්
කැමති අය සෙට් වෙන්න